Sunday, September 22, 2024

හොදටම කරපු අගමැති සහ ලෝකෙටම පචවුණ ජනපති ….

Must read

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

නවසීලන්තය වෙත තවත් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියා යැයි වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය.

“එන්නත ලබාදීමේදී අවදානම් සහිත කණ්ඩායමේ සිටින අයට ප්‍රමුඛතාව ලබාදීම වැදගත් බව, මට අනුව මා දකිනවා.” ආර්ඩෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය පවසා තිබුණි

“කෙසේ වෙතත් මේ අවස්ථාවේදී එන්නත ලබාදීමට මාවද තෝරාගෙන ඇත්තේ, එන්නත ආරක්ෂිත බව නවසීලන්ත ජනතාවට පෙන්වීමට ආදර්ශයක් දීම සඳහා මෙන්ම, මගේ කාර්යභාරය ඉටු කිරීමේදී අන් අයව ආරක්ෂාකාරීව තබා ගැනීමද ඇත්තෙන්ම තීරණාත්මක නිසා යැයිද ඇය පැවසුවාය.

ෆයිසර් විසින් ඇස්තමේන්තුගත එන්නත් මාත්‍රා මිලියනයක් ජූලි මාසයේදී නවසීලන්තයට ලබාදීමට සැලසුම් කර ඇති බවද ආර්ඩෙන් පැවසීය.

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ලොව වඩාත්ම සාර්ථක වූ පැසිෆික් දූපත් රාජ්‍ය වන නවසීලන්තය, මේ වනවිට එරට මිලියන 5ක ජනගහනයෙන් 250,000කට පමණ එන්නත් ලබා දී අවසන්ය.

දැනට එරට තුළ දෛනිකව එන්නත් මාත්‍රාවන් 20,000ක් පමණ පරිපාලනය කෙරෙන අතර, ෆයිසර් එන්නත් තොගය පැමිණීමත් සමග එම වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි ආර්ඩෙන් පැවසීය. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වැඩසටහනේ උපරිමයේදී දෛනිකව එන්නත් මාත්‍රා 50,000ක් ලබාදෙන බව ඇය පැවසුවාය.

නවසීලන්තයේ 2020 වසරේ මුල සිට මේ දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 2,336ක් සහ වසංගතය ආශ්‍රිත මරණ 26ක් පමණක් වාර්තා කර ඇත.

මේ අතර මම තමයි හොදටම කළේ යැයි කියා සිටි ශ්‍රිලංකා ජනපති මේ වන විට ඒ ප්‍රකාශය නිසාම දැවැන්ත සමච්චලයකට පත් වෙමින් තිබේ.
දුපත් රාජ්‍යයක් වු නවසීලන්තය හොදටම කරමින් රටත් ජනතාවත් බේරගනිද්දි දුපත්ක්වු ලංකාවට එසේ කරන්නට බැරිවුනේ උද්දච්ච පණ්ඩිතයන් පිරිසක් රටෙ සිටිම නිසා බව දැන් වඩාත් පැහැදිලිය.
ඒ ශාපයට දැන් රටේ ජනතාව ජිවිතවලින් වන්දි ගෙවමින් සිටිති.
මෙවැන් උද්දච්ච පාලකයන්ට පාවඩ එළි සියළුම ආගම්වල නායකයන්ට මේ ශාපයෙන් නම් ගැලවිමට නොහැකි යැයි නම සදහන් කිරිමට අකමැති ප්‍රගතිශිලා කිතුණු පියතුමෙකු වෙබ්නිව්ස් වෙබ් අඩවියට කියා සිටියේය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)