Sunday, September 22, 2024

හරින් ප්‍රනාන්දු කපටියා කිවේ කාටද ?

Must read

මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේදී පරස්පර විරෝධී අදහස් නොදක්වන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇතැයි මේ වනවිටත් මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.

සමගි ජන බලවේගයේ නායකයන් පසුගියදා (22 වැනිදා) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව දැනුම් දී ඇත.
මෙයට ආසන්තම නිමිත්ත වි තිබුනේ පසුගියදා හරින් ප්‍රනාන්දු විසින් කරන්නට යෙදුන ප්‍රකාශයකි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැදිරිගිරියේදී කළ ප්‍රකාශයකින් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විවේචනය කිරීම පිළිබඳවද සමගි ජන බලවේගයේ නායකයන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.එකම මතයක සිට ප්‍රකාශ නිකුත් කරන ලෙස ඔහු සියලු අපේක්ෂකයින්ට මෙහිදී දැනුම් දී තිබේ.ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඇතැම් අයගේ ප්‍රකාශ හේතුවෙන් ඡන්ද අහිමි වූ බව සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස විසින් පණවන්නට යෙදි ඇති එක්තරා අන්දම වාරණය සිය දේශපාලන අදහස් නොබියව කියන්නට සිටින දේශපාලන කථිකයන්ට සැබැවින්ම වාරණයකි.විශේෂයෙන්ම රංජන් රාමනායක පසුගිය කාලය තුල විශේෂයෙන්ම පොහොට්ටුවේ වොයිස් කට් හික්ෂුන්ව දැඩි විවේචනයකට ලක්කරමින් කථා කළේය.
පසුගියදා මිගමුවේ පැවැති සමඟි ජන බලවේගයේ ක්‍රියාකාරින්ගෙ රැස්විමකදි පැමිණි සිටි අය අර වොයිස් කට් ස්වාමින්වහන්සේලා ගැන කියන්නේ නැද්දැයි විමසා සිටි අවස්ථවේදිද රංජන්ට සජිත් පනවා ඇති වාරණය ගැන ව්‍යයංගයෙන් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර හරින් ප්‍රනාන්දු පසුගියදා පවතින තත්වය හමුවේ වඩාත් ආන්දෝලනාත්මක සටහනක් සිය ෆෙස්බුක් පිටුවේ තබා තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)