Sunday, September 22, 2024

හන්තාන පරිසරයටත් වැඩක් දෙන්න යයි! – දේශපාලන දියණියකගේ එන්සාල් ප්‍රොජෙක්ට් එකක්!!

Must read

මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු පවසති.

පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව අංක 1641/28 හා 2010 පෙබරවාරි 27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ පරිදි පූර්ව අනුමැතියකින් තොරව හන්තාන කඳුවැටියේ මීටර් 3000 කට වඩා ඉහළ ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සපුරා තහනම් බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම භූමි ප්‍රදේශය ආශ්‍රිතව විශාල පුවරුවක්ද සවිකර තිබේ.

මෙම ප්‍රදේශයේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වූවත්, මෙලෙස සිදු කරන එළි පෙහෙළි කිරීම සඳහා අවසරයක් ලබාගෙන නැතැයි හන්තාන සුරකින්නන්ගේ සංගමයේ ලේකම් අමිත් සේනානායක පවසයි.

මෙම භූමි ප්‍රදේශය ඉකුත් රජය සමයේදීද එළිපෙහෙළි කිරීමට විවිධ කටයුතු කරනු ලැබූවත්, පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මැද එම කටයුතු නතර වී ඇති බව කියයි.

Hanthanaජායාරුප – අද දෙරණ

මෙම පරිසර හානිය පිළිබඳ මහනුවර පොලීසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් පොලිස් හදිසි ඇමතුම් අංශය අදාළ ස්ථානය නිරීක්ෂණයට ගියද නමුත් පළක් නොවූ බවත් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලය දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය කියා සිටී.

අදාළ ස්ථානය පිළිබඳව සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ විසින් විශේෂ නිලධාරී කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 31) එම ප්‍රදේශයට පිටත් කර තිබු අතර එහිදී අනාවරණ වී ඇත්තේ, එන්සාල් වැවීම සඳහා හන්තාන කන්ද අක්කර කිහිපයක් එළිපෙහෙළි කරමින් සිටින්නේ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකුගේ දියණියක් විසින් බවයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)