Sunday, September 22, 2024

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමේ !

Must read

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ (11) දා දන්වනු ලැබ ඇත. ada.lk වෙබ් අඩවිය වාර්තා කරයි

ඒ මහතා මේ බව දැනුම් දි තිබුනේ එදින ZOOM තාක්ෂණය ඔස්සේ සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති රත්නපුර දිස්ත්‍රික් COVID 19 මර්දන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මෙම කමිටුවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතන හා අත්‍යවශ්‍ය සේවා සපයන  ආයතන ප්‍රධානීහු එක්ව තිබුණි

සති අන්තයේ (මැයි 14,15,16) අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් සියලුම වෙළඳසැල්( රෙදි සාප්පු, කොමියුනිකේෂන්, සැලෝන්, ගොඩනැඟලි ද්‍රව්‍ය අලෙවි ස්ථාන වැනි) වසා දැමීමට මෙහිදී තීරණය කෙරුණි.

COVID 19 රෝගය බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.

පුස්තකාල, කියවීම් ශාලා, ළමා උද්‍යාන ආදිය නැවත දැනුම් දෙනු තුරු වසා තැබීමට ද, අදාල ප්‍රාදේශීය කොරෝනා කමිටුවේ තීරණයන්ට අනුව සති පොළ විවෘතව තැබීම පිළිබඳ තීරණ ගැනීම හා එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා පමණක් සතිපොළ වෙළඳාම් සීමා කිරීමට ද මෙහිදී තීරණය විය.

මුලාශ්‍රය -ada.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)