Sunday, September 22, 2024

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු අත්අඩංගුවට

Must read

 අන්තර් ජාලය තුළ අසත්‍ය පැතිරුවේ යැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරි කුරුවිටගේ මැතිව් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.  

ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි යන නිවේදනයක් පළකලේ යැයි යන චෝදනාව මත ඔහු මෙසේ ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.  

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් කර පැය කිහිපයක් ඇතුළතදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.  

යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔහු මීට පෙර මාධ්‍යට පවසා තිබිණි.  

කෙසේවුවද, යසිරු පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, නීතීඥයකු සමඟ ඔහු එහි ගොස් කටඋත්තරයක් ලබාදී තිබිණි.   පසුව නිවසට පැමිණි යසිරු ඊට පෙර නිකුත් කරන ලද නිවේදනයක් සම්බන්ධයෙන් සිය Information Technology Society of Sri Lanka – (ITSSL) ෆේස්බුක් පිටුවේ නිවැරදි කිරීමක් පලකර තිබිණි.   අදාළ නිවේදනය පහත දැක්වේ.

ඊයේ (07) සවස් භාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකු පැමිණ ඔහුව රැගෙනගිය බව කුරුවිට මහතාගේ මව වන ශාමා කුරුවිට මහත්මිය ශ්‍රී ලංකා මිරර් වෙත පැවසුවාය.   ඇය කියා සිටියේ සිය පුතු මහළු තමා හා මිත්තනිය බලා ගනිමින් සිටි අයෙකු බවත්, මේ තත්ත්වය උඩ මේ අසීරු අවස්ථාවේ විශාල අපහසුතාවයකට ලක්ව සිටින බවයි.   කෙසේවුවද, ඔහු පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදී තිබූ බවයි.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)