Sunday, September 22, 2024

වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතා

Must read

( 8.40 am ) පරිසර සංවිධාන කිහිපයක් එක්ව අද (02) දින වනජීවී නිලධාරීන්ට වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විමලවීර දිසානායක විසින් තර්ජනය කිරීමට විරෝධය පළකරමින් නිහඩ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී.

මෙහිදී විරෝධතා කරුවන් ප්‍රකාශ කළේ , පොලොන්නරුව ජලගැලුම් වනෝද්‍යානය තුළට ගවයන් ඇතුළු කිරීමට ඉඩ දෙන ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නියෝග කිරීම, වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා නීතිය නිසි පරිදි ඉටු කරන ලද වනජීවී නිලධාරීන්ට සිදු කරන ලද බැන වැදීම, රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍ය වරයාගේ වගා කරුවන්ට ඉඩම් ලබාදීමට වනජීවියට බල කිරීම, අවුරුදු තිහකට අවශ්‍ය නොවූ මාර්ගයක් වනෝද්‍යානය තුළින් කැපීමට උත්සාහ කිරීමටත් විරෝධය පල කරමින් මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරය පවත්වන බවයි.
බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටි නජීවි අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැති විරෝධතාවය අතරතුර එහි සාමාජිකයන් කිහිප දෙනෙකුට අමාත්‍යංශය තුලට යාමට ඉඩ ලබා දුන්නද ඇමතිවරයා හෝ අමාත්‍යංශ ලේකම් වරයා එහි නොසිටි බව එම විරෝධතා කරුවන් පවසයි.
lankaweb.lk

ඡායාරුප අන්තර්ජාලයෙන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)