Saturday, September 21, 2024

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 02ක් අද හෝබාට්හිදී

Must read

එහි පළමු තරගයට එක් වන්නේ බංග්ලාදේශ සහ නෙදර්ලන්ත කණ්ඩායමයි..

ශ්‍රී ලංකාවට එරෙහිව සුදුසුකම් ලැබීමේ වටයේ තරගයට එක් වූ නෙදර්ලන්ත කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද යොදා ගැනීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම කණ්ඩායම් දෙක මීට පෙර එක් අවස්ථාවකදී පන්දුවාර 20යි 20 පිටියේදී මුණ ගැසී ඇති අතර එම තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි.

නවසීලන්තයේදී පැවැති තුන්කොන් තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණ මෙවර ලෝක කුසලානය සඳහා හොඳ සූදානමකින් පසු වන බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසයි.

මේ අතර නෙදර්ලන්තයේ ටොම් කූපර් සඳහන් කළේ,  සුපිරි 12 දෙනාගේ වටය බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර අද දිනයේ දෙවැනි තරගයට එක් වන්නේ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගය ලෙස අද (24) තරගයට වාර්තා අතරට එක් වනු ඇති.

ඔවුන් සුදුසුකම් ලැබීමේ වටයේ දැක් වූ දක්ෂතා හේතුවෙන් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේ ය.

මේ අතර දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා පැවසුවේ, තවත් අප්‍රිකානු රටක් සුදුසුකම් ලැබීමේ වටයේ සිට සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම පිළිබඳව සතුටු වන බවයි.

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු නොකරන බව ඔහු සඳහන් කළේ ය.

සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පැවසුවේ, තම කණ්ඩායම තරගාවලිය කෙරෙහි උනන්දුවෙන් පසු වන බවයි. 

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 5ම දකුණු අප්‍රිකාව ජය ගත්තේ ය.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකියි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)