Sunday, September 22, 2024

රෝසිට නගරාධිපතිධුරය අහිමිවෙන ලකුණු ..?

Must read

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳව පැන නැගී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා අගෝස්තු 19 වැනි දින සිරිකොතට කැඳවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරන බව ලංකාදිප වෙබ් අඩවිය සඳහන් කොට තිබේ.

මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන් 60දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව ඇතැයිද හි සදහන්ව ඇත.

පක්ෂයට සහය නොදැක්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කළ යුතු බවට මෙහිදී නාගරික  මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට පෙන්වාදීමට නියමිත බවද, එහි ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට පවසා තිබුණි.

එක් කණ්ඩායමක් නගරාධිපතිනිය ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨයකුට එම ධූරය ලබාදිය යුතු බවට යෝජනා කර ඇතැයිද, තවත් පිරිසක් පිටස්තර අයෙකු ඒ සඳහා පත්කළ යුතු බව පෙන්වාදීමට යන බවද වාර්තා වේ.

රෝසි සේනානායක මහත්මිය එම ධූරයට පත්වූයේ 2018 වසරේ පෙබරවාරි 15 වැනිදාය.
මේ අතර එජාප සිය පාක්ෂිකයන්ට පොරොන්දුවු පරිදි පක්ෂය අළුත් නොව තරුණ නායකත්වයට වැඩි ඉඩක් ලබාදිමට ඇති සුදානම ගැන වැඩි අවධානයකින් සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)