Sunday, September 22, 2024

රුපියල් මිලියන 26 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ..

Must read

දැනට කලක පටන් කේරල ගංජා ජාවාරම ජයටම සිදුවෙමින් තිබේ.සති පතා විශාල තොග පිටින් අත්අඩංගුවට ගැනුනද එසේ අත්අඩංගුවට හසු නොවු බේරි යන ගංජා තොග ප්‍රමාණය ගැන දන්නේ ඒ ජාවාරමේ නිරත අය සහ ඒ ජාවාරමට යහය දෙන පුද්ගලයන්ය.

කෙසේෙ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ පසුගිය 18 වෙනිදා සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ

මෙම විශේෂ මෙහෙයුම මන්නරාම් පොලිසිය සමගින් එක්ව සිදුකර තිබුන අතර මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිප්පිආරු පාලම අසලදී සැක සහිත ට්‍රක් රථයක් පරීක්‍ෂා කර එහි ගෝනි උර 05 ක අසුරා සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 කට අධික තොගයක් සොයා ගැනීමට එහිදි හැකිව තිබේ.
එහිදී මෙම ජාවාරමට සම්බන්ධ ට්‍රක් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් (03) කේරළ ගංජා තොගය හා ට්‍රක් රථය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරණ අතර මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 26කට අධික වන බවට විශ්වාස කෙරේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 44 ත් අතර ව‍යසේ පසුවන වව්නියාව සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගෙන ඇත.

කේරළ ගංජා තොගය, සැකකරුවන් සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මුලාශ්‍රය – navy.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)