Sunday, September 22, 2024

රනිල් කියපු හමුදාකරණය නැගෙනහිර ක්‍රියාත්මක වෙන හැටි …..

Must read

එජාප නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දිමෙන් පසුව පාර්ලිමේන්තුවේදි කරන ලද කථාවකදි රට තුල හමුදාකරණය ක්‍රියාත්මක වෙන හැටි ගැන පවසා තිබුණි.
මේ වනවිට රට අර්ධ හමුදාකරණයකට යටත් කර ඇතැයි ඔහු චෝදනා කර සිටි.

රනිල් වික්‍රමසිංහ විසින් කරන්නට යෙදුන මෙම චෝදනාව පසුගියදා නැගෙනහිරදි ක්‍රියාත්මකව තිබුණ අයුරු පසුගිය සතිය තුල රටතුල පුලුල් කථාබහකට ලක්ව තිබුණි.

තමන් පීඩා විදින රෝගී තත්වයකට ඖෂධ සොයා ගැනීම සදහා වීදිබට අයකුට සතෙකුට මෙන් පහර දුන් බවට ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබේ.යැයි theleader.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මාරාන්තක වසංගත ව්‍යාප්තිය හමුවේ රට පුරා පනවා තිබු සංචරණ සිමා උල්ලංඝණය කළ බවට චෝදනා නගා  එරාවූර් වැසියන් පිරිසකට මහ මාර්ගය අයිනේ දණ ගස්වා ඉහලට අත් ඔසවා සිටින ලෙස හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුනි.  

එම අඩන්තෙට්ටම සම්බන්ධයෙන් චෝදනා ලබන සෙබළුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බව යුද හමුදාව පවසයි.      යුද හමුදා සාමාජිකයන් අතින්  නින්දාවට හා පහර කෑමකට ලක්වු  හතලිස් හතර වයසැති මුස්ලිම් ජාතික එරාවූර්හි මොහොමඩ් ඉස්මයිල් මර්සූක් ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පතට පවසා ඇත්තේ තමන් බෙහෙත් ලබා ගැනීමට නිවසින් පිටත් වු බව යුද හමුදා සෙබළුන්ට දන්වා සිටියත් තමන්ට දණ ගසන ලෙස යුද හමුදාව නියෝග කර ඇති බවයි.

.     “මම අපේ ගමේ ෆාමසියෙන් දියවැඩියාවට ගන්න බෙහෙතුයි, තව ළඟ පාතින් හාල් ටිකකුයි ගන්න බයිසිකලෙන් ගියේ. මම මං ගන්න ගිය පෙති වල හිස් පෙට්ටියකුත් පෙන්නුවා. ඒත් හමුදාවෙන් මට බල කළා, එතන හිටිය තවත් කීප දෙනෙක් එක්ක දණ ගහගෙන අත් උස්සං ඉන්න.”   තමන්ගේ රෝගී තත්වය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් දැනුවත් කළද අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත් ඔහු ‘හින්දු’ පුවත්පතට වැඩි දුරටත් පවසා තිබේ.   “මම රෝගියෙක් කියලත් කිව්ව, බෙහෙත් ගන්න අවසර තියෙන නිසා මං ආවෙ ඒකට විතරයි කියලත් මං සිංහලෙන් එයාලට පැහැදිලි කරල කිව්ව. ඒත් එයාලා මං කිව්ව දේ ඇහුවෙ නැතුව, හරකෙක්ට ගහනව වගේ මට ගැහුවා,” යි ඔහු පවසා ඇතැයි  theleader.lk වෙබ් අඩවිය තවදුරටත් සටහන් කොට තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)