Sunday, September 22, 2024

රට සම්පුර්ණයෙන්ම Lock down කරන්න !

Must read

නිශ්චිත කාල සීමාවක් සඳහා සම්පූර්ණ අගුලු දමා COVID-19 වසංගතය පැතිරීම පාලනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ පක්ෂය ඊයේ රජයෙන් ඉල්ලා සිටි යැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

විශේෂ ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කියා සිටියේ අවම වශයෙන් සති දෙකක්වත් රජය අගුලු දමා පවතින වසංගතය පාලනය කිරීමට උත්සාහ කළ යුතු බවයි.

“රජය දිවයින පුරා අගුලු දමා COVID-19 පැතිරීම පාලනය කළ යුතුයි. එසේම, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ වන ICU ඇඳන් සහ PCR යන්ත්‍ර ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.“නියම වේලාවට නිවැරදි තීරණයක් ගැනීම වැදගත්” යැයිදි ඔහු අවධාරණය කළ බව ඩේලි මිරර් පුවතේ වැඩිදුරටත් සදහන්ය

COVID-19 වසංගතයේ තුන්වන රැල්ල වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම ගැන අබේවර්ධන මහතා රජයට දොස් පැවරීය. සිංහල අලුත් අවුරුදු උත්සව සමය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වූ අතර එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ලදී. එසේම, වසංගතය පාලනය කර ඇති බවට ව්‍යාජ සහතිකයක් ජනතාවට ලබා දෙන ලදී. මෙම අඩුපාඩු වසංගතයේ තුන්වන රැල්ලට හේතු විය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)