ඉන්න රටක් තිබිය යුතුයැයි සිතු 69 ලක්ෂයක් ජනතාව පත්කරගත් පාලකයන් දැන් රට ගැන තියා ජනතාවගේ බඩ ගැන වත් නොහිතන හැටි දිනපතා ඇස්පනා පිටම දැන් දැකගන්නට ලැබෙමින් තිබේ.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි ඇති තරමින් ජනතාගේ බඩට ගහන්නට ව්‍යාපාරිකයන් ඉඩ ලබා දෙමින් වත්මන් පාලකයන් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ පාලනය ඉවත් කරන්නට තින්දු කර තිබේ.
ඒ් අනුව දැනටමත් පෝලිම් වල ලගිමින් රස්සියාදු ජනයා ඉහල මිළක් ගෙවා ගෑස් කිරිපිටි මිළට ගැනිමට මේ පාලකයන් ඊයේ තීන්දු ගත්තේය.
රටේ සම්පත් විදේශයන්ට විකුණමින් සිටින පාලකයන් ජනතාව වසංගතයෙන් පිඩාවට පත්කළාට අමතරව දැන් සැරසෙන්නේ ඇති හැකි නම් නම් පමණක් බඩු ගනිල්ලා යැයි කියන තැනට ජනතාව පත්කරලිමටය.