Sunday, September 22, 2024

යොහානි නොවැ 23 දා පාර්ලිමේන්තුවට ….

Must read

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

එම පුවතේ තවදුරටත් වැඩි විස්තර මෙසේ සටහන් කර තිබේ.

යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන එනු ලබන්නීය.

මේ අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතය.

ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදීද ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙහිදී කතානායකවරයා උත්සව සභාව අමතමින් යොහානිද සිල්වා රංගන ශිල්පිනියට සුභාශිංසන එක් කිරීමට නියමිතය.

පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසිනි.

ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්‍රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලැබේ.

මැණිකේ මගේ හිතේ ගීතය හරහා ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

මේ අතර රාජපක්ෂලා බලයට ගෙනඒ්මට දේශප්‍රේමිත්වය සහ ජාතික වාදය ගැන මතවාදි පෙරමුණ සිට කටයුතු කළ මියන්මාරයේ හිටපු තානාපති නලින් සිල්වා පසුගියදා යොහානි ගැන කියා තිබුනේ ඇය මෙලෙස ඉහලට ඔසවා තැබිම ඉන්දියානු කුමන්ත්‍රණයක් බවය.

තරුණ ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාව විසින් සිය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තිබෙන බව මහාචාර්ය නලින් ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේ ම ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන වැනි ජාතිකත්වයක් සහිත අයකු යොදා ගැනීමට ඉඩ තිබෙන බවත් ඔහු පවසයි.

ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වන බව සදහන් කළ ඔහු යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කර ඇත්තේ එහි මූලික පියවරක් වශයෙන් බවත් ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක් වන අතර ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක් බවත් ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තිබෙන බවත් කියා තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)