Sunday, September 22, 2024

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් 6 කට කොරෝනා

Must read

මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් 6 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය බළධාරින් උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ

කෙසේ වෙතත් වත්මන් කොරෝනා ඇමතිවරිය පසුගිය අයවැය විවාදයේදි කියා සිටියේ දෙවන කොරෝනා රැල්ලේ ආරම්භය යුක්රේන ජාතික එක් ගුවන් නියමුවෙකු බවය.
මේ වන විට තත්වය එදාටත් වඩා බියකරු වි ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් එංගලන්තය මුලික කොට ගෙන යුරෝපය පුරා පැතිරෙමින් තිබිම නිසාය.

රුසියානු හා යුක්‍රේන සංචාරකයන් 14,000ක් මෙරටට ගෙන්වීමේ උදයංග වීරතුංගගේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සංචාරකයන් 184 දෙනෙකු පසුගියදා මත්තල ගුවන් තොටුපළින් රටට ඇතුලු වි තිබුණ අතර ඔවුන් සියළු දෙනා මහත් හරසින් පිළිගත් අයුරුද මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.

2015ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව කාලයේ රුසියාවේ හා යුක්රේනයේ තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංගට මිග් යානා ගනුදෙනුව ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලවී තිබේ. මෙරට අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ද නිකුත් කර තිබුණි.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින්  සංඛ්‍යාව 42,702ක් දක්වා ඉහළ ගොස් තිබේ

ඒ අනුව දැනට රෝහල් ගතව සිටින සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,884ක් වන අතර සුවය ලබා ඇති පිරිස 34,623ක් ලෙස දැක්වේ


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)