Sunday, September 22, 2024

යුක්තිය පැතූ මාපියන් ඇතුලු 18ක් මඩකළපුවේදී අත්අඩංගුවට …

Must read

පසුගිය මාසයේ දී හිසට වෙඩි තබා දෙමළ ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලි සිටිමට මඩකලපුවේ ගාන්ධි උද්‍යානයට එක්වූ    පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත් බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

වෙනත් වාර්තා දක්වන්නේ අතුඩංඟුවට ගත් පිරිස 16 දෙනෙකු බවයි.

ඝාතනය කරන ලද 34 හැවිරිදි මහාලිංගම්  බාලසුන්දරම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා සාමකාමී විරෝධය පෑමකට එක්වූ  ඔහුගේ මාපියන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එදිනම කොළඹදී  සාමකාමී උද්ඝෝෂණ දෙකකට පැවිණි දේශපාලන ක්‍රියාකාරීන්ද පොලිසිය අත්අඩංඟුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම් සිදු වුවද මඩකළපුවෙහිදී 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීම කොළඹට දැනී නොතිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම් කරන ලද්දේ ද කොළඹදී බොරලන්දේ දී දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත් කොවිඩ් නීති යටතේය.

මේ අතර කලුතරදී විරෝධතාවයක යෙදුණූ 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදැයි ද වාර්තා වේ. ඊයේ දිනයේදී මරදනකාරී කොවිඩ් නීති යටතේ 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොනිල ආරංචි මාර්ග දක්වයි.

පසුගිය ජූනි 21වන දා බාලසුන්දරම් ත්‍රී රෝද රියකින් ගමන් කරමින් සිටියදී  ඇති වූ ආවුලක් උඩ ආන්ඩු පක්ෂ දෙමළ ජාතික ඇමැතිවරයකු  වන සතාසිවම් විලේන්ද්‍රන්ගේ අංගාරක්ෂකෙ පොලිස් නිලධාරියකු විසින් ඔහුගේ හිසටම වෙඩි තබා මරා දැමූ බව වාර්තා වී තිබුණි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමැති අංගාරක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටී.

අත්අඩංගුවට ගන්නා ලද 18 දෙනාගේ කොවිඩ් පරීක්ෂක සඳහා යොමු කර ඇති අතර ඉන් පසු නීතිමය පියවර ගන්නා බව පොලිසිය දන්වා තිබේ.
(මුලාශ්‍රය -SLB )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)