Sunday, September 22, 2024

මුලතිව් කැලෑ පාලුවන් වෑයෙන් බැට දුන් දෙමළ මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ

Must read

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

නීතිවිරෝධී කැලෑ කොල්ලයක් පිළිබඳව ගවේෂණය කරමින් සිටියදී දරුණු ලෙස පහර කෑමටත් මරණ තර්ජනයටත්

ගොදුරුවී රෝහල් ගතව සිටින දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්, සිය ප්‍රහාරකයන් බලධාරීන්ගේ ආරක්ෂාව ද සහිතව නිදහසේ සැරිසරමින් සිටින බැවින් තමන්ගේ ආරක්ෂාව ගැන බියෙන් පසුවෙති.

මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස ගස් කපා දැමීමක් වාර්තා කිරීමේ යෙදී සිටි ෂන්මුගම් තවසීලන් සහ කනපතිපිල්ලෙයි කුමනන් හට ඔක්තෝබර් 12 වන සඳුදා දින  නීතිවිරෝධී දැව කපන්නන් විසින් වෑයකින් පහර දී තිබේ.

එමෙන්ම මාධ්‍යවේදීන් දෙදෙනාගේ වීඩියෝ සාක්ෂි ද විනාශ කිරීමට ප්‍රහාරකයන් කටයුතු කර තිබේ.

එසේ වෙතත්, ලේ ගලන තුවාල සහිතව වුවද කැලෑ කොල්ලය ගැන තමන් රැස් කරගත් වීඩියෝ තොරතුරු ජනමාධ්‍ය වෙත ලබා දීමට පහර කෑ දෙදෙනා නොබියව පියවර ගෙන ඇත.

මාධ්‍යවේදීන් දෙදෙනා මුලතිව් දිස්ත්‍රික්කයේදී මැර ප්‍රහාරයට ගොදුරු වූයේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ දිනයේදීමය.

“අපට ගහපු මැර කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුව විරුද්ධව පැමිණිළි කිහිපයක් තිබෙන අයෙක් උනත් ඔහු නිදැල්ලේ සැරිසරනවා,” යි පහර කෑම නිසා ඉදිරිපස දත් කිහිපයක් අහිමි වූ මාධ්‍යවේදී  තවසීලන් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ දී තමා බැලීමට පැමිණි සහෝදර මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

“අපට ගහපු මැර කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුව විරුද්ධව පැමිණිළි කිහිපයක් තිබෙන අයෙක් උනත් ඔහු නිදැල්ලේ සැරිසරනවා,” යි පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් පවසති.

“මිනිහා නිදහසේ ඉන්නවා. එයාගේ අතේ වෑයක් තිබුනා ගස් සුද්ද කරන්න ගන්න. ඒකෙන් මාව  කෑලි කපලා මරනවයි කියලා තර්ජනය කළා. එයත් එක්ක හිටපු අනිත් අය නැවැත්වුවේ නැත්නම් මම මේ වන විට මැරිලා. උන්ව අත්අඩංගුවට නොගත්තොත් අපේ ජීවිත අනතුරේ.”

තේක්ක වගාවකට යාබදව පිහිටි මුරිප්පු වන රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස දැව කැපීමේ මෙහෙයුමක් පිළිබඳව ලැබුනු ඔත්තුවක් මත මෙම දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනා විමර්ශනය කරමින් සිට ඇත.

රාජ්‍ය දැව සංස්ථාවේ (STC) සැපයුම්කරුවකු නීත්‍යානුකූලව තේක්ක දැව කපන අතරතුර, බීට්ටු වන නිලධාරියකු  (BFO) විසින් සැපයුම්කරුට හඳුන්වා දුන් බව කියන තවත් අයකු විසින් ඒ මායිමේ පිහිටි වන රක්ෂිතයට අයත් ගස් නීතිවිරෝධී ලෙස කපා දමන බවට මාධ්‍යවේදීන්ට තොරතුරු ලැබී තිබේ.

රාජ්‍ය දැව සංස්ථාව වෙත නීත්‍යානුකූලව දැව සැපයීමේ මුවාවෙන්, මෙම නීති විරෝධී දැව ජාවාරම්කරු විසින් බලපත්‍රලත් සැපයුම්කරු සහ වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නීතිවිරෝධී දැව ජාවාරමක් පවත්වා ඇති බව ප්‍රදේශවාසීන්ට ඒත්තු ගොස් තිබේ.

තවසීලන් සහ කුමනන් යාබද නැගෙනහිර කුමුලමුනෙයි  ප්‍රදේශයට ගිය විට, කටු කම්බි ගැසූ තේක්ක දඬු වැටකින්  වට කොට එළි පෙහෙළි කළ ඉඩමක ඉදි කෙරෙමින් පවතින දෙමහල් දැව ගොඩනැගිල්ලක් හමුව තිබේ.

මෙම ඉඩම වට කිරීම සදහා අවම වශයෙන් දැව කදන් 200 ක් වත් යොදාගෙන ඇති බව මාධ්‍යවේදීන් ගේ විශ්වාසයයි.

Mulathiuමෙම ඉඩම වට කිරීම සදහා අවම වශයෙන් දැව කදන් 200 ක් වත් යොදාගෙන ඇති බව මාධ්‍යවේදීන් ගේ විශ්වාසයයි.

තමන් දුටු දේ රූගත කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනාට ඒ මොහොතේ  යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනකු අවහිර කර ඇත.

“අපි ඒ ගොල්ලන්ට කිව්වා, මේ පළාතේ හොරට කරන ලී ජාවාරම් ගැන අහන්නට ලැබෙනවා. ඒ ගැන ඔවුන්ට මොනවද කියන්න තියෙන්නෙ කියලා,” යි තවසීලන් පැවසීය.

“එතකොට උන් අපිට ගැහුවා. කුමනන් ඒ ගමේ කෙනෙක්. එයා ගමට නරකක් කළා කියලා චෝදනා කරල ඔලුවට තඩි බෑවා. කුමනන්ගේ නාහෙන් ලේ ගලන්න පටන් ගත්තා. මට වෑයකින් තැලුවා. මගෙ දත් දෙකක් කැඩුනා. අපිට ගහපු රැවුල තියන කෙනා අපිව මරනවා කියලා තර්ජනය කළා.”

මේ වාර්තාව සමග ඇති ඡායාරූපයේ නිල් කමිසය හැඳ මුහුණ පුරා රැවුල වවා සිටින්නේ මාධ්‍යවේදීන්ට පහර දුන් මැර පිරිසේ නායකයාය.

Thugඡායාරූපයේ නිල් කමිසය හැඳ මුහුණ පුරා රැවුල වවා සිටින්නේ මාධ්‍යවේදීන්ට පහර දුන් මැර පිරිසේ නායකයාය.

පහර දුන් පුද්ගලයා සහ ඔහු සමග  සිටි අනෙක් තිදෙනා මාධ්‍යවේදීන් දෙදෙනාව තේක්ක කදන් වලින් වට කරන ලද ඉඩම තුලට බලහත්කාරයෙන් තල්ලු කර ඔවුන්ගේ පටිගත කළ වීඩියෝ දර්ශන  මකා දමා ධාරණ ගබඩාපත්  (memory card) පැහැර ගෙන තිබේ.

මාධ්‍යවේදී කුමනන්ගේ බෑගයේ තිබු මුදල්ද ඔවුන් සොරකම් කර තිබේ.

එම ස්ථානයට නීතිවිරෝධී ලෙස ඇතුල් වී සොරකම් කළ බවට චෝදනා කරමින් මැර පිරිස විසින්  මාධ්‍යවේදීන් දෙදෙනා වීඩියෝ ගත කර තිබේ.

“මම ඒ ගොල්ලන්ට කිව්වා අපි මොකක් හරි වරදක් කරලා තියනවා නම් පොලිසියට පැමිණිලි කරන්න, එතකොට අපි පොලීසියට එන්නම් කියලා,” යි තවසීලන් පැවසීය.

පසුව ප්‍රහාරකයන් විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට යන්නට ඉඩ හැර තිබෙන අතර  ඔවුන් දෙදෙනා මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිව් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වී තිබේ.

ජනාධිපතිගේ ස්ථාවරය !

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු  සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳව මාධ්‍ය  විසින් කරන හෙළිදරව් ජනාධිපති වරයා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුනේ “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස හුවා දක්වමිනි.

කෙසේවෙතත්, වන විනාශය සැබවින්ම සිදුවන්නක් බව පිළිගනිමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා කියා සිටියේ ජනාධිපති සොයුරු චමල් රාජපක්ෂ ද සමග එක්ව ඊට විරුද්ධව පියවර ගන්නා බවයි.
theleader.lk



- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)