Sunday, September 22, 2024

මුඛ ආවරණ ඉවත් නොකර ෆෝටෝ ගහන්න …

Must read

රට විවෘත කිරිමත් සමගින් ජනතාව හැසිරෙන ආකාරය කිසිසේත්ම සතුටුදායක නැතැයි සෞඛ්‍ය බළධාරින් විසින් නිරන්තරයෙන්ම පවසමින් සිටිති.මේ නිසාම 4 වන කොරෝනා රැල්ලක් යළිත් මතුවිමේ අවධානමක් ගැනද අනතුරු ඇගවෙමින් තිබේ.මේ නිසාම කොරෝනා තත්වය පැතිර යාම අවම කිරිමට ගත හැකි සියලු ක්‍ර්‍රියාමාර්ග ගැනිමට මේ වන විට අදාල බළධාරින් විවිධ උපදෙස් මාලාවන් නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.
උත්සවවලදී ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසා තිබේ.
ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් කිරීමට ඉල්ලා නොසිටින්නැයි ඡායාරූපකරණයේ යෙදෙන පුද්ගලයන්ගෙන්ද ඉල්ලීමක් කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

“උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුඛ වැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. මොනම හේතුවක් නිසාවත්, අත්‍යවශ්‍ය හේතුවක් ඒ කියන්නේ වතුර හෝ කෑම ගැනීම සඳහා හැර වෙන කිසිම අවස්ථාවක මුඛ වැස්ම ඉවත් කිරීම නොකළ යුතු යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඒ වගේම තමා මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී අපි උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක තමා වැදගත් වෙන්නේ යැයිද තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටි.

මෙවැනි උත්සව එකතුවීම් හරහා ජනතාවගේ සමාජික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ගමන් අපිට මේ රෝගය බෝවෙන එක වළක්වා ගන්න නම් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡායාරූපය ගැනීම සඳහා මුඛ ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් විනාඩි කිහිපයක ට හෝ මුඛ ආවරණය ඉවත් කරන්න එපා.”

කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන්ම අවසන්ව නොතිබුණද පාසල් පවත්වාගෙන යාමට තීරණය කළේ එය අත්‍යාවශ්‍යම ක්‍රියාවලියක් වීම නිසා බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)