Sunday, September 22, 2024

මාධ්‍යවේදි ලසන්තගේ නඩුව හේග් අධිකරණයට …..

Must read

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් විදේශික මහජන අධිකරණයක් වෙත යොමු කළ පැමිණිල්ල නොවැම්බර් 02වන දින විභාගයට ගැනීමට නියමිතය.

2009 ජනවාරි 8 වැනිදා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ලංකාවේ පැවති විමර්ශන කිසිදු විශ්වාසදායක තත්වයක නොපවතින බවට වූ නිගමනය මත ෆ්‍රී ප්‍රෙස් ලිමිටඩ්, දේශසීමා නැති වාර්තාකරුවෝ සහ මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව (CPJ) තවත් මාධ්‍යවේදින් ඝතාන සම්බන්ධයෙන්ද කරුනු දක්වමින් ඒ මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව, ලසන්තට අමතරව මෙක්සිකෝවේ හා සිරියාවේ මාධ්‍යවේදින් වන මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සම්බන්ධ පැමිණිලි විභාග කිරීමට නියමිතය. නෙදර්ලන්තයේ හේග් නගරයේ කැඳවන මෙ විනිශ්චය සභාව විසින් නොවැම්බර් 2 දින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා චෝදනා විභාග කිරීමට නියමිතය.

විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙන බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ෂාස්‌ බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 13ක් ගත වී ඇති නමුත් ලංකාවේ කිසිදු නීති බලධාරියකුට හෝ අධිකරණ ක්‍රියාදාමයකට එම ඝාතනය සිදුකළ, ඝාතකයන් හෙළි කිරීමට හැකි වී නැත. කෙසේ නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර තිබේ. එසේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, පසුව මරා දැමීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි හමුදා සෙබළුන් 13 දෙනා නිදහස් කර තිබේ.

මෙවැනි පසුබිමක ලංකාවේ පැවති අපරාධකාරී පාලනයක සිදු වූ මාධ්‍යවේදියකුගේ ඝාතනය පමණක් හේග්හි මහජන අධිකරණය හමුවේ අවධානයට ලක්වනු ඇත.
.lankaviews.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)