Sunday, September 22, 2024

මඩකලපුවේ වැලිකැණිම් බලපත්‍ර නිකුත් කිරිමට නතර කිරිමට නියෝගයක් !

Must read

(10.30 am ) මඩකලපුව දිස්ත්‍රික්කයේ වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරින්ට නියෝග කළ බව දිණමිණ වාර්තා කොට තිබේ

ඒ ආණ්ඩුකාරවරියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදීය.    එම දිස්ත්‍රික්කයේ වැලි කැණිම් නීති විරෝධිව සිදු වීම නිසා සංවේදි කලාප වල විශාල පරිසර හානි සිදුවෙමින් පවතින බවට මෙහිදි මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිළධාරින් ද කියා සිටියහ.   ඒ අවස්ථාවේ ආණ්ඩුකාරවරිය කියා සිටියේ නීති විරෝධිව වැලි කැණිම් සිදු කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දෙන බවයි.

මින් ඉදිරියට මඩකලපුව දිස්ත්‍රික්කයේ වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරීම  සදහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය. දිස්ත්‍රික් ලේකම්වරයාට අමතරව එම කමිටුවේ සමාජිකයන් ලෙස දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු, භුවිද්‍යා හා පතල් කැණිම් කාර්යංශය, පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, දිස්ත්‍රික් වන සංරක්ෂණ නිළධාරි සහ පරිසර ක්‍රියාකාරි නියෝජිතයෙකු ඇතුළත් වන පරිදි මෙම කමිටුව සකස් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය නියෝග කළාය.
මුලාශ්‍රය -දිණමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)