Sunday, September 22, 2024

භූමදානය සම්බන්ධයෙන් රජයේ දෙබිඩි පිළිවෙත ගැන ඇමරිකාවේ කණස්සල්ල..

Must read

ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා විසින් කොවිඩ් මරණ සඳහා පවතින ආදාහන  මාර්ගෝපදේශන අවසන් කිරීම පිළිබඳව පසුබැසීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති බව මෙරට සිටින ඇමෙරිකානු තනාපතිනිය වන ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

අද (18) දිනයේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ පිළිබඳව පවසා තිබෙන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සදහන් කර තිබුණි

කොවිඩ් වැළදිම හේතුවෙන් මිය යන අයගේ දේහයන් භූමදානය සඳහා අවසර ලබා දෙන බවට කරන ලද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදි කරන්නට යෙදුන ප්‍රකාශය පසුව රජය විසින් අකුලා ගැනිම ගැන ඇමරිකානු රජය සිය කළකිරිම නිවේදනය පළ කර තිබෙන බැව් එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් සංවාදයකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ‘භූමිදානයට ඉඩ දෙන’ බවයි.
එහෙත් පසුදා රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ භුමදානය සම්බන්ධයෙන් අවසන් තින්දුව ගනු ලබන්නේ පත්කර ඇති විශේෂඥ කමිටුවෙන් බවය.

එමෙන්ම සම කැබිනට් ප්‍රකාශක උදයගම්මන්පිලද සදහන් කර තිබුනේ භුමදානයට ඉඩ දෙනවා යැයි අගමැති කළ ප්‍රකාශය අගමැතිවරයාගේ පුද්ගලික අදහසක් පමණ් බවය.

කෙසේ වෙතත් අගැමතිවරයා විසින් භුමදානයට ඉඩදෙනවා යැයි කළප්‍රකාශයෙන් පසු රටවල් කිපයක්ම සුබ පතා තිබුණි.ඇමරිකාව මෙන්ම පකිස්ථානයද ඒ අතර විය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)