




මෙ දිනවල රටපුරා පුළුල් දේශපාලන සමාජ සංවාදයකට බදුන් ව ඇති මාතෘකාව වන්නේ ග්‍රාමිය ණය අර්බුදයයි.ඉනුත් පිඩාවට පත් ජනයා තවත් සූරාකෑම සදහා ක්‍රියාත්මක ක්ෂුද්රමුල්ය ණය ජාවාරම මේ වනවිටත් ග්‍රාමිය ජිවිත රැසක් බිලිගෙන හමාරය.
එවැනි පසුබිමක විශේෂයෙන්ම “පාවහන් රහිත බැංකු සංකල්පය” පදනම් කරගෙන නව්‍යවුත් සරලවුත් මුල්‍ය සේවාවන් ආදායම් පිරමීඩයේ මධ්‍යම හා පහල ස්ථරයේ සිටින්නන්ට සැපයීම අරමුණු කොට ගත් ප්‍රාදේශිය සංවර්ධන බැංකුවට පැවරි ඇත්තේ දැවැන්ත වගකිමකි.
ඒ සෑබෑ ප්‍රාදේශිය සංවර්ධනයක් වෙනුවෙන් පෙළගැසිමට සුදානම් ජනයාට හට අවැසි මුල්‍ය ශක්තිය ලබාදිම තුලිනි.
.
විශේෂයෙන්ම මේ කොරෝනා සමය තුල පිඩාවට පත්ව ඇති ජනයාගේ බිඳ වැටුන ආර්ථිකය ගොඩගැනිමට ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වැනි ආයතන වලට ඇති හැකියාව ඉතා ඉහලය.
ඒ හැකියාවට පණ දෙමින් ඊයේ ( 25 ) දිනයේ මිගමුවේ ධිවර ප්‍රජාව වෙත සහ කිඹුලාපිටියේ රතිඤ්ඤා කර්මාන්ත කරුවන්ට විශාල ණය මුදලක් ලබාදිමට ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ක්‍රියාකර තිබිම සැබැවින්ම ඒ ප්‍රජාවගේ පැසසුමට ලක්ව තිබුණි.
අත්දැකිම් බහුල කිර්තිමත් බැංකුකරුවෙකු වන මහින්ද සාලිය මහතාගේ සභාපතිත්වයයෙන් යුත් ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සිය බැංකු මෙහෙවර මේ වන විට සමාජ ගතකරමින් සිටින්නේ මේ කොරෝනා ව්යසයනයෙන් අර්බුදයට ගිය ප්‍රාදේශිය සංවර්ධනය නගා සිටුවිම අරමුණ කොට ගෙන බව ඔවුන් විසින් ඊයේ දිනයේ මිගමුවේදි මෙන්ම කටාන ප්‍රදේශයේදි සිදුකරන ලද මැදිහත්විම් වලින් පෙනි යයි.
මිගමුව ප්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින් ඊයේ දිනයේ මේ සාර්ථක ණය වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි



ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය , 1985 දී දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම දක්වා ඈතට විහිදී යයි.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර , කුඩා හා මධය පරිමාන ව්‍යවසායකයින් , කාන්තාවන් මෙන්ම කෘෂි කාර්මික, සත්ව පාලන , මත්ස්‍ය ව්‍යාපාර වැනි රටේ ආර්ථික වර්ධනයට දායකත්වය දක්වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සදහා විශේෂත්වයක් දක්වයි. එසේම ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සදහා ඉහල පොලියක් ලබා දෙමින් ග්‍රාමීය ජනතාව අතර ඉතුරුම් පුරුදු ඇති කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර පාසල් ළමුන් හා කුඩා දරුවන්ද ඉතුරුම් සදහා දිරිමත් අරමුණු කොට ගෙන සිටි
එහි ප්‍රතිපලයක් ලෙස මිලියන 6 ඉක්මවන ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර 3,000 කට අධික සේවක සංඛ්‍යාවක් සේවා ස්ථාන 276 ක් පුරා සේවයේ නියුක්තව සිටීන බැව් ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ වෙබ් අඩවිය විසින් සටහන් කර තිබේ