Sunday, September 22, 2024

බැසිල් ජුලි 06 පාර්ලිමේන්තුවට ?ඉන්ධන මිළත් අඩුකරයිද ?

Must read

Edit Post

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ද දිවුරුම් දීමට නියමිත බව පැවසේ.   මෙම දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.
බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බව පැවසේ.   මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.    වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.
බැසිල් රාජපක්ෂ හමුවිමට ඊයේ ගුවන්තොටුපලට ගොස් සිටි රාජ්‍ය ඇමති නිමල් ලංසා විසින් මාධ්‍ය වෙත පවසා තිබුනේ බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන්ම ජනතාවට සහන ලබාදෙන බවය.
මේ ප්‍රකාශය පිළිබදව සමාජ මාධ්‍ය වල විවේචන ගණනාවක්ම පළව තිබුණි.

මුලාශ්‍රය -ශ්‍රිලංකා මිරර්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)