Sunday, September 22, 2024

ප්‍රභූ රථපෙළට විරෝධය පළකළ අයෙකු අත්අඩංගුවට ..

Must read

පසුගියදා කොළඹ නගරයේ මාර්ගයක් ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට වාහන නළා නාද කිරීමේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කරයි

බොරැල්ල පොලිස් අත් අඩංගුවට ගත් මොහු 31හැවිරිදි අයෙකු වන බත්තරමුල්ලේ පදිංචි අයෙක් බව පොලි මාධ්‍යප්‍රකාශකවරයා පවසා ඇතැයිද එහි සදහන්ය

ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකි.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්‍යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ බවයි.

ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාල විරෝධය තුල ඔවුන් මතුකර තිබුනේ ප්‍රභු ආරක්ෂක රථ පෙළට ගමන් කිරිම සදහා නවතා තිබුන රථ වාහන පෙළ අතර ගිලන් රථ පවා තිබුණ බවය

මෙම අත්අඩංගුවට ගැනිම හෙළිදකිමින් දැනටමත් සමාජ මාධ්‍ය තුල විරෝධතා මතුකරමින් තිබේ.
ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කොට තිබේ.

අපේ අයිතිය: ප්‍රභු ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විරෝධතාව දැක්වූ තරුණයා අත් අඩංගුවට ගෙන ඇතිබව සමාජ මාධ්‍යයේ දුටුව. අයුතු ජනරාශි ලු වැඩේ. ජනතාවගේ පීඩාවට එරෙහිවීම සහ හෝන් ගැහිම සාමකාමී විරෝධතා දැක්වීම් ජනඝෝෂා නම් වේ. එසේ ක්‍රියාකිරීම් අයුතු නොවන්නේය. මෙම අයුතු දඩයමට අපි විරෝධය දක්වමු. ජනතා අයිතීන් සුරැකීම අධිෂ්ඨානයෙන් විය යුත්තකි. නිදොස් කොට නිදහස් කළ යුත්තේ මෙවැනි එඩිතර තරුණයන් මිස අවුරුදු 20ක් සිය බලතල යොදූ ගනිමින් රාජ්‍ය් දේපල කොල්ලා කෑ උන් නොවේ ය.නුවරඑළියේ සැනකෙලිය මට අයුතු ක්‍රියාවකි. ඒවා අධිෂ්ඨානයෙන් විමසිය යුතුය…ඒවා නොකරන්නේ මන්ද?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)