Saturday, September 21, 2024

ප්‍රසන්නගේ ගෝලයෝ රාජපක්ෂලා අතහැර වික්‍රමසිංහව තෝරා ගනියි ?

Must read

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණි

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම  පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ  ස්ථාවරය බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)