Saturday, September 21, 2024

පහර කෑමට ලක්වු මාධ්‍යවේදියා අද අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට .

Must read

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නියැලෙමින් සිටි මාධ්‍යවේදියෙකු ඊයේ පෙරවරුවේ හමුදා නිලධාරින්ගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.
මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් මුල්ලිවයිකාල් නාමපුවරුව ඡායාරූප ගතකරමින් සිටියදි මෙම පහර කෑමට ලක්ව තිබුණි.
මෙසේ පහර දිමට කටුකම්බි ඔතන ලද තල්පිත්තක්ද භාවිතා කර තිබුණ බව මුලතිව් මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරිහු පවසා සිටිති.
මෙම තල්පිත්තද පොලිසියට ඉදිරිපත් කිරිමට ඔවුන් කටයුතු කර තිබුණි.
පහර කැමට ලක්වු මාධ්‍යවේදියා ඊයේ මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුන එහි වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ විශ්වලිංගම් සිරුරේ තැලුම් තුවාල රැසක් පවතින බවය.
අද (28) ඔහුව අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට ඉදිරිපත් කර බවද කියා සිටියේය.
මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ මහතා කියා තිබුනේ අදාල පරික්ෂණ වාර්තා පොලිස් හමුදා මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවය.
මළවුන් සැමරිමට උතුරු නැගෙනහිර ජනයා පසුගිය සතියක කාලයක් පුරා සුදානම් වෙමින් සිටි පසුබිමක ඒ ප්‍රදේශය දැවැන්ත හමුදාකරණයකට ලක්ව ඇති බව උතුරේ මාධ්‍යවේදින් පවසා සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)