මරණ දණ්ඩණය නියමවි සිටි දුමින්ද සිල්වාට ඊයේ දිනයේ ජනපති සමාව ලැබිමත් සමගින් බන්ධනාගාර මුල්කොට ගෙන විරෝධතා රැල්ලක් මතුවෙමින් ඇති බව පෙනේ .ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ රැදවියෝ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි.
මේ අතර අද දිනයේ වැලිකඩ බන්ධනාගර රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග අද (25) උද්ඝෝෂණයක් අරඹා තිබේ.සියලු සිරකරුවන් සඳහා ලබාදෙන සියලු සමාවන්, වර්ග කිරීමකින් තොරව ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
ඡායා- ලංකාදිප