Sunday, September 22, 2024

දිවුලපිටියෙන් සහ රාගමින් අවුරුදු කොරෝනා පොකුරක් ..???

Must read

අවුරුදු සමයේ සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක නොකල බහුතරයක් ජනයා මෙන්ම ඒවා රෙගුලාසි කඩකිරිමට උඩගෙඩි දුන් ඇතැම් රාජ්‍ය නිළධාරින් සහ දේශපාලකයන්ගේ විනය විරෝධි ක්‍රියා නිසා මේ වන විට රටපුරා කොරෝනා පොකුරු හෙළිදරව් වෙමින් තිබේ.
මේ අනු දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු ද , රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබුණ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 04/21 දින කොරෝනා ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 18,686 දෙනෙකු මෙම වෛරසයේ ආසාදිතයන් බවට පත් වී ඇතැයි ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)