Saturday, September 21, 2024

දියර පොහොර කම්හලක් පිටිපන වැසියන්ගේ හුස්ම ගැනීමේ අයිතිය නැති කරයි

Must read

මීගමුව , පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය යොදා ගනිමින් දියර පොහොර නිෂ්පාදනය කිරීමට රජය මේ වනවිට කටයුතු යොදා ඇත .
මෙම පොහොර නිපදවීම සඳහා යොදාගන්නා මූලික මූලද්‍රව්‍ය වනුයේ මාළුය. විශේෂයෙන් පරණවූ කුනුමාළුය. මේවා පල්කිරීමක් සිදුකරන බැවින්, හමායන දුර්ගන්ධය ඉවසිය නොහැකි බව ප්‍රදේශවාසීන් පවසති .එසේම අවට ප්‍රදේශ ගනනාවක ජනයා මෙහි බලපෑමට ගොදුරු වන බවද ඔවුන් පෙන්වා දෙති.



බරපතළ පාරිසරික ගැටළු රැසක් මේ නිසා මතුවී ඇත . ජනතාව ප්‍රකාශ කරන්නේ තමන්ට කෑම බීම ගැනීමේදී පවා මෙම දුර්ගන්ධයේ බලපෑමක් සිදුවන බවත් ,මැස්සන් විශාල වශයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ පුද්ගලයින් විවිධ රෝගාබාධයන්ට පවා ගොදුරු වන බවත්ය.
එසේම කඩොලාන ශාඛ කපා දමමින් මෙම ව්‍යාපෘතියට ඉඩ කඩ හදා ගැනීම පාරිසරිකව සිදුකරන බරපතල හානියක් බව පවසන ප්‍රදේශවාසීන් එය සාමාන්‍ය පුද්ගලයෙකු නම් නීතියට අනුව බරපතළ වරදක් වන අතර නීතියෙන් දැඩි දඬුවම් ලැබිය හැක්කකි.

මේ අවට විශාල ජනතාවක් දිවිගෙවන බැවින් ඔවුන්ද මෙම දියර පොහොර කම්හල මෙම ස්ථානයේ ඉදිවීම ගැන කැමැත්තක් නැති අතර ඒ සඳහා දැඩි විරෝධයක්ද දක්වති .

සාමාන්‍ය වැසියෙකු කඩොලාන අත්තක් හෝ කැපුවහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක වන නමුත් මෙම ව්‍යාපෘතියට ඒ කිසිවක් අදාල නොවන්නේ එය ගඉහළ තැනක යෝජනාවක් අනුව සිදුවන හෙයින් බව ඔවුන් තවදුරටත් පවසති .
මෙම ස්ථානයේ උපවාසයක් සඳහා එක්රැස්වු ජනතාව ඉල්ලා සිටින්නේ දියර පොහොර හැදීමට සුදුසු වන්නේ ජනශුන්‍ය ස්ථානයක් වනහෙයින් එවැනි තැනකට ගොස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසය.
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)