Saturday, September 21, 2024

දකුණේ මෙන්ම උතුරෙත් නැගෙනහිරත් කටවැසිමට එරෙහි වෙමු.

Must read

කටවැසිමට එරෙහි වෙමු යන තේමාව යටතේ රැස්විමක් අද කොළඹදි පැවැත්වේ.පාලකයන් විසින් කටවසා සිය කූට දේශපාලන න්‍යාය පත්‍රය දියත් කරමින් ඇති මොහොතක මෙම තේමාව ඉතාමත් වැදගත්ය.

එහෙත් ගැටළුව වන්නේ දකුණේ අරගලකරුවන් එය දකුණට පමණක් සිමා කරගන්නා අන්දමේ මෙහෙයුමක නිරතව සිටිමය.

ත්‍රස්ත පණත ගැන දකුණට ඇස් ඇරුනේ වසන්ත මුදලිගේලාව කොටු කිරිමට එය යොදා ගත් විටය.

එහෙත් උතුරේ මෙන්ම නැගෙනහිරද සමාජ දේශපාලන ක්‍රියාකාරින් ත්‍රස්ත පණත යටතේ දශක ගණනාවක් තිස්සේ බැටකමින් සිටිති.

අවසනාවක මහත වන්නේ එය දකුණට නොදැනිමය.

දැවැන්ත ජන අරගලයකින් පසුවත් ජාතික අරගලයක් දියත් කිරිමට අරගලකරුවන් අපොහොසත් විම යනු ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන බලවේගයන්ගේ සිමාකමද විය හැක.

ලාංකිය තරුණ බලවේගය පවා යළිත් වටකින් සිය ජන අරගලය සිංහල කේන්ද්‍රිය ජනයා ඉලක්ක කොට ගෙන දියත් කර ඇති බව ඉතා පැහැදිලිය.

ත්‍රස්ත පණත යටතේ වසර ගණනාවක් තිස්සේ සිරගත කොට සිටින සිරකරුවන් ගැන අමතක වන්⁣නේ දකුණේ වාමාංශික බලවේගවල දැක්මේ දිගපළලේ ඇති සිමාවන් නිසාමය.

ඉතින් කටවැසිමට එරෙහිව අප ජාතික අරගලයක් දියත් කරන්නේ කෙසේද?

එය සැබැවින්ම අභියෝගයකි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)