“තම භූමිය අහිමි වූ පලස්තීනයේ ඛේදවාචකය”පලස්තීනය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන පිළිගත් ස්වෛරී රාජ්‍යයක්.මේ වන විට පලස්තීන රාජ්‍යයට අදාල ප්‍රධාන භූමි කොටස් දෙකක් තියෙනවා.
ඒ තමයි ඊශ්‍රායලයේ බටහිර මායිමේ තියෙන ගාසා තීරය (Gaza Strip) සහ ඊශ්‍රායලයේ නැගෙනහිර මායිමේ තියෙන බටහිර ඉවුර (West Bank).මේ ගාසා තීරයත්, බටහිර ඉවුරත් කිසිම අයුරකින් ගොඩබිමින් සම්බන්ධ වීමක් නැහැ.පලස්තීනයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 6,020 ක් වෙනවා.
එයින් බටහිර ඉවුර වර්ග කිලෝමීටර 5,655 ක් වන අතර, ගාසා තීරය වර්ග කිලෝමීටර 365 ක් වෙනවා.පලස්තීනයේ අගනුවර ජෙරුසෙලම ලෙස හැඳින්වූවත්, මේ වන විට ප්‍රධාන නගරය ලෙස කාර්යභාරය සිදු කරන්නේ රමල්ලාහ් (Ramallah) නගරයයි.
පලස්තීනයේ මිලියන 5 කට ආසන්න ජනතාවක් වාසය කරනවා. වර්ග කිලෝමීටරයකට පුද්ගලන් 730 ක් පමණ වූ ජන ඝනත්වයක් පලස්තීනයේ තියෙනවා.පලවන ලෝක යුද්ධයේදී “යුදෙව් ජාතිකයන්ගේ නිවහන” ලෙස පලස්තීනය හඳුනාගත් විශාල පිරිසක් පලස්තීනය වෙත ඇදී ආවා.1922 දී බ්‍රිතාන්‍ය විසින් පලස්තීනයේ බලය ඔටෝමාන්වරුන්ගෙන් අත්පත් කරගන්නවා.
1947 දී බ්‍රිතාන්‍ය විසින් පලස්තීනය නැවත නිදහස් කිරීමෙන් අනතුරුව එය කොටස් දෙකකට වෙන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළා. එක කොටසක් අරාබි ජාතිකයන්ට ද අනෙක් කොටස යුදෙව් ජාතිකයන්ට ද වශයෙන්. අරාබි ජාතිකයන් එම තීරණයට තදබල ලෙස විරුද්ධ වුණාට, එම තීරණය පිළිගන්න යුදෙව් ජාතිකයන් කැමති වුණා.
අරාබි ජාතිකයන් සහ යුදෙව් ජාතිකයන් අතර පැවති මාස පහක සිවිල් යුද්ධයකින් පසුව 1948 දී යුදෙව් ජාතිකයන්ට වැඩි බලයක් හිමි ඊශ්‍රායලය පිහිටුවා ගන්නවා.මේ සිවිල් යුද්ධය අතරතුරේදී 700,000 ක් (80%) ක් පමණ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් පලා යාමට සිදුවුණා විතරක් නෙමෙයි 850,000 ක් පමණ යුදෙව් ජාතිකයන් අසල්වැසි අරාබි රටවල් වලින් ඊශ්‍රායලයට සංක්‍රමණය වුණා.
මේ සිවිල් යුද්ධයෙන් පසුව අරාබි ජාතිකයන්ගේ පාලනයට අයත් පලස්තීන කොටස් දෙකක් පමණයි ඉතිරි වුණේ. ඒ ගාසා තීරයයි, බටහිර ඉවුරයි (නැගෙනහිර ජෙරුසලම හැර). ඊශ්‍රායලයෙන් වෙන්වූ වෙනම නිදහස් රාජ්‍යයක් හැටියට පලස්තීනය නම් කළේ 1988 දී. ඒ එවකට නායක යසර් අර්ෆත් විසින්.1993 සිට පලස්තීන ජාතික අධිකාරිය (Palestinian National Authority) විසින් පලස්තීනයේ බටහිර ඉවුර පාලනය කරන අතර, 2007 සිට හමාස් සංවිධානය විසින් ගාසා තීරය පාලනය කරනු ලබනවා.තම උපන් බිම ක්‍රමයෙන් අහිමි වූ පලස්තීනුවන් ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 6,020 බේරා ගැනීම සඳහා දැඩි අරගලයක මේ වනවිටත් නිරත වෙනවා.-
විකුම් හර්ෂණ –