Saturday, September 21, 2024

ගෝඨාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත්කළ යුතුයැයි උතුරේ මව්වරු කියති.

Must read

දෙමළ වර්ග සංහාරයට රටින් පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බවට චෝදනා කරන යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් පිරිසක් ඔහු   ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ලිපියක් යොමු කිරීමට යෝජනා ස්ථිර කරගෙන තිබෙන බව දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් කිහිප දෙනෙකු, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් අගෝස්තු 20 වැනි සෙනසුරාදා වව්නියාව නගර සභා මණ්ඩපයේ පැවැත්වු සාකච්ඡාවකදී එම තීරණය ගත් බව එම පුවතේ තවදුරටත් සදහන්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සැප්තැම්බර් 12 වැනිදා සිට මාසයකට ආසන්න කාලයක් ජිනීවා නුවරදී මුළු දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ සමග මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ විශේෂ වාර්තාවක් එහිදී ඉදිරිපත් කරනු ඇත.

“දෙමළ ජන සංහාරයට සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුය,”යි මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්ද නඩරාජා සදහන් කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි සැසිවාරය සදහා සිය යෝජනා ඇතුලත් ලිපි දෙකක් යොමු කිරීමට එම  සාකච්ඡාව සදහා එක් වු ක්‍රියාධරයන් තිරණය කර තිබේ.

ලීලාදේවි ආනන්ද නඩරාජා මාතාව වැඩි දුරටත් සදහන් කළේ ඉන් එක් ලිපියක් දෙමළ ජනතාව සමුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් යොමු කරන බවයි.

මේ අතර දකුණේ දේශපාලන භුමිය තුල නිරන්තරයෙන් මතුව ඇති ජන අරගල තුල උතුරේ මව්වරුන්ගේ ප්‍රශ්ණය හෝ දෙමළ ජන සංහාරයක් තුල කළ ගෝඨාබය ගැන අවධාරණයන් කිසිසේත්ම සිදුනොවන තත්වයක් නිර්මාණය වි තිබේ.

දකුණට දැන් බලපාන ත්‍රස්තවාදය වැලැක්විමේ පණත ගැන දිනපතා දකුණේ මතුවන උද්ඝෝෂණ වලදි උතුරුට සහ නැගෙනහිරට ත්‍රස්ත පණත විසින් සිදුකරන ලද විනාශය ගැන අවධාරණය කෙරෙන්නේ නැත.මේ නිසාම අරගලකරුවන් නිදහස් කරනු යැයි කිවද , දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යැයි සටන්පාඨයක් මතුව එන්නේ නැති තරම්ය.

ඒදා මෙන්ම අදත් දකුණේ අරගල කැරකෙන්නේ උතුරේ සහ නැගෙනහිර ජනයා අමතක කර බව යළි යළිත් සනාථ කරමින් තිබේ.
තතු එසේව තිබියදි දකුනේ ඇතැමුන් ප්‍රශ්ණ කර සිටින්නේ දකුණේ අරගලයට උතුරු සහය නොදෙන්නේ ඇයිදැයි කියාය .



009
008
007
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)