Sunday, September 22, 2024

ගුරු සංගම්වල අදහස් නොවිමසා හෙට පාසැල් 5637 ක් පටන් ගනියි!

Must read

( 6.30 pm ) හෙට (23) සිට සතියක කාලයක් පාසල් විවෘත කර එම ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද (22) උදෑසන “අද දෙරණ“ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ලේකම්වරයා එම අදහස් පළ කර තිබේ

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට දින, තෙවැනි වාරය සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

ඒ 6 සිට 13 වන ශ්‍රේණිය තෙක් සිසුන් සඳහා පමණ

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් “අද දෙරණ“ ප්‍රශ්න කර තිබුනේ ,  යම් හෙයකින් පාසල් ආශ්‍රිතව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් ඇති වුවහොත් එහි වගකීම කවුරු විසින් භාර ගන්නේ ද? යන්නය.

එයට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ , “අනිවාර්යයෙන්ම රජය වෙනුවෙන් මට ඒ වගකීම ගන්න වෙනවා.“ යනුවෙනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“හෙට පාසල් 5637ක් මගේ මතකයේ හැටියට විවෘත වෙනවා. 6 සිට 13 ශ්‍රේණි දක්වා. උතුරෙන් ගත්තොත් සියලු පාසල් විවෘත කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ නැගෙනහිර පළාත ගත්තොත් පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ පාසල් 5ක් ඇරෙන්න ඉතුරු ටිකේ දැනට සුදානම තියෙනවා කියලා. ඊට පස්සේ බස්නාහිර පළාත ඉල්ලීමක් කරනවා අපිටත් විවෘත කරන්න දෙන්න කියලා. වයඹ පළාතේ අධ්‍යක්ෂවරයා කිව්වේ ආණ්ඩුකාරතුමා කිව්ව විදියට සමහර පාසල්වල ප්‍රශ්න තියෙන නිසා විවෘත කරන්න බෑ කිව්වා. විශේෂයෙන්ම කතා කළේ සබරගමුව පළාතේ අධ්‍යක්ෂ තුමා. එතුමා කිව්වේ බස්නාහිර පළාතට මායිම් වන නිසා එතැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා කිව්වා. ඒ හැරෙන්න මධ්‍යම පළාතේ පළාත සම්පූර්ණයෙන්ම සුදානමක් තියෙනවා. උතුරු මැද පළාත තියෙනවා. දකුණු පළාත හා ඌව පළාත තියෙනවා. ඒවා සුදානම්.“

ප්‍රශ්නය – ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය උපදෙස් ගන්නේ විශ්වවිද්‍යාල හා උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් විතරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න ගුරු සංගම්වලට කතා කරන්නේ නෑ නේද ?

“ගුරු සංගම් කියන්නේ කවුද? මම ඒ අය එක්ක ඍජුව කතා කළේ නෑ කියන්නකෝ. සැමට අධ්‍යාපනය දියයුතුයි කියන එකේ මට දෙන්න යෝජනාවලියක් මෙන්න මේ විදියට පාසල් කරන්න කියලා. මගේ අරමුණ තමයි දරුවා පාසල තුළට ගෙන යෑම. වැටි වැටී තමයි නැඟිටින්නේ. ඒ නිසා මේ සතිය අපි බලමු.“
මුලාශ්‍රය – අද දෙරණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)