Sunday, September 22, 2024

කොරෝනා ආසාදිත රෝගින් ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහල්වලට…..

Must read

කොරෝනා ආසාදිත බවට හදුනාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල්වලට අවසර ලබා දී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID-19 රෝග පාලන අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ පැවසා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

.මේ අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල, නවින්න ආයුර්වේද රෝහල සහ යක්කල ආයුර්වේද රෝහල යන රෝහල් තුනකට අවසර දී ඇති බව ඇය ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

පල්ලවෙල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මේ වන විටත් COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටී.

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් මේ වන විටත් එහි සම්පූර්ණ ධාරිතාවයට පැමිණ ඇත්තේ උත්සව සමයෙන් පසුව ඇති වූ රෝගීන්ගේ විශාල වැඩිවීම හේතුවෙනි. තදබදය සමනය කිරීම සඳහා COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු විකල්ප රජය විසින් මේ වන විට සොයමින් සිටීන බවද ඇය සදහන් කර තිබුණාය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)