Sunday, September 22, 2024

කහ නැති,පොල් තෙල් නැති, මුං නැති අවුරුද්දට කුකුල් මසුත් ප්‍රශ්ණයක් ??

Must read

අවුරුද්ද දැන් මුව විටේය. එකපැත්තකින් කොරොනා තවමත් වෛරසය පැතිර යද්දි ඊට ජනයා භට බිය නැතිවා සේ අවුරුද්දට සුදානම් වුවද ගැටළුව රැසක් දැන් මතුව තිබේ.
අවුුරුද්දුට කහ නැත.පොල්තෙල්ද ප්‍රශ්ණයකි. මුං වල මිළ ඉතා අධිකය.
දැන් කුකුල් මසුන් ප්‍රශ්ණයක් වෙමින් තිබේ.
එහෙත් ඇමතිවරු නම් ඒ ගැන තවමත් සුරංගනා කථා කිම නවතා නැති සෙයකි

ඉදිරි දිනවල කුකුළු මස් මිල කිසිසේත් ම ඉහළ නොයන බවත් කුකුළු මස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා ඇතැයි පළව තිබේ.

හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක මිල වෙළෙඳපොළේ රුපියල් 430ක් බවත් සතොස අලෙවිසල්වලදී හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 400කට ලබාගැනීමට හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදි පෙන්වා දි ඇත

මේ දිනවල භාණ්ඩවල මිල සම්බන්ධයෙන් විවිධ දේ ප්‍රචාර වීමට ඉඩ ඇති බවත් සහතික මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළහොත් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියටත්, 1998 කෙටි දුරකතන අංකයෙන් ලංකා සතොස පාරිභෝගික සේවා ඇමැතුම් මධ්‍යස්ථානයටත් දැනුම්දිය හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත

කෙසේ වුවත් මේ වන විට කොළඹ සහ ඒ අවට කුකුල් මස් වෙළෙදුන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර තිබුනේ කුකුල් මස් ගොවිපළෙන් කුකුල් කිලෝවල් රුපියල් 650 කට මිල කර ඇති බවයි. ඒ හේතුවෙන් මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800-850ත් අතර වන බවයි වෙළෙඳුන් සඳහන් කර සිටි.
මුලාශ්‍ර- නිව්ස්වය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)