Saturday, September 21, 2024

කතරගම පෙරහැර සැරසු සසදි ගේ දුක්මුසු කතාව

Must read

ඓතිහාසික රුහුණු කතරගම පෙරහර ට මොනර නැටුම ඉදිරිපත් කළ කණ්ඩායමේ

කැපී පෙනෙන නර්තන ශිල්පිනියක් වන පුංචි සසදි උදයංගනී මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව ඇත.

ශ්‍රවණ ආබාධයකින් පෙළෙන සසදි උදයංගනී ගේ කතාව සැබවින්ම සංවේදී වන්නේ ඇයට කතා කිරීමට නොහැකි වීම නිසාවෙනි.

“ශිල්පීන් 16දෙනාගෙන් හොඳටම නර්තන හැකියාව පෙන්නුම් කළේ සසදි දුවයි. ඇයගේ නර්තනය අභියෝගාත්මක වුණා ඒ හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණි කාගේත් අවධානය දිනාගැනීමට ඇයට හැකි වුණා. අනෙක් දරුවන්ට වඩා හොඳ ආත්ම විශ්වාසයකින් ඇය නර්තන හැකියාව පෙන්නුවා.”

මෙලෙස අප සමග අදහස් පළ කළේ, සසදිගේ නර්තන ගුරුවරිය වන බණ්ඩාරගම, මස්විල රන්තරු කලායතනයේ නර්තන ආචාරිනී නදීකා දිල්රුක්ෂි මහත්මියයි.

තම දියණිය අද වනවිට ජීවිතයේ ළඟාකර ගෙන ඇති සාර්ථකත්වය දෙස සතුටු කඳුළු සළමින් අප හා අදහස් දැක්වු සසදිගේ මව පවසා සිටියේ, මෙවැනි කතාවකි.

“දුවට කර්ණ ශක්ති බද්ධ කරලා තියෙන්නේ. ඒකෙනුත් මගේ දරුවට දැන් ටික ටික සුවයි. ලොකු පිරිවැයක් කරල තමයි දුවට ඒ දේ කළේ. කතරගම මහා පෙරහැරට සහභාගි වුණේ දෙවැනි පාරට. මම හිතුවේ නෑ දරුවාට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඇත්තටම සසදි දුව කරන්න පුළුවන් හැමදේම හොඳටම කරනවා. ගෙදර වැඩවලටත් මට උදව් කරනවා.එයා කැමති ගොඩක් නර්තන අංශයට. මගේ එකම බලාපොරොත්තුව ප්‍රවීණයන්ගෙන් ඉදිරියට ගිහිල්ලා සමාජයට රටට ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් කිරීම තමයි මගෙත් බලාපොරොත්තුව. මගේ දරුවාට අතහිත දෙන්න ප්‍රවීණයෙක් ඉන්නවා නම් මම ආයාචනා කර ඉල්ලනවා මගේ දරුවාට ඒ දේට උදව් කරන්න කියලා.”

සසදි වගේම තවත් මෙවැනිම ආබාධ සහිත දරුවන් අප අතර සිටී. ඔවුන්ව කොන් නොකර සමාජයේ සම තැනක් ලබාදීමට හැකිනම් අප සියලුදෙනා ඔවුන් වෙනුවෙන් සිදුකරන සැබෑම යුතුකම එය නොවන්නේ ද ?

(adaderana.lk)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)