Sunday, September 22, 2024

කටුනායක ගුවන් තොටටත් කොරෝනා රිංගයි ?

Must read

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහවුරු කර තිබේ

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙකු පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගෙන ඇති බවත් ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට අද දිනයේදී තහවුරු කර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම තහවුරු කර තිබුණි

මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

දැනට පවතින ගෝලීය වසංගතය තුළ ඉහළම ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, ගුවන් ගමන් වලදී මෙන්ම සාමාන්‍ය පරිභෝජනය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සඳහා වන ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කිරීම හා ඊට අදාළ ක්‍රියා පටිපාටි පිළිපැදීම මෙන්ම සහතික කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සැමවිටම කටයුතු කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත

ආයතනය තුළවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රමබලකාය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සෑම පියවරක්ම ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටි

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ගුවන් තොටුපොල ආරංචිමාර්ග සඳහන් කරයි.

හලාවත ආරච්චිකට්ටුවේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන ආසාදිත සේවිකාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ සමීපතම ආශ්‍රිතයන් 10 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සදහන්ය

කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටි පෞද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව ඇය ප්‍රතිකාර සදහා වතුපිටිවල රෝහලට යොමු කර තිබේ.

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන මෙම ආසාදිතයා සිය නිවසේ සිට දිනපතා ගුවන් තොටුපළ රාජකාරියට පැමිණ තිබේ.

ඇය සමග සේවය කළ තවත් 10 දෙනෙකු ද අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව සිය නිවෙස්වල නිරෝධායනයට යොමුකර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)