Sunday, September 22, 2024

කටයි ,බඩයි විතරක් තියෙන දේශපාලකයෝ හින්ද ඔමික්‍රොන් ලංකාවට රිංගපු හැටි

Must read

වංසගත පාලනය තබා රට පාලනය සම්බන්ධයෙන් පවා දේශපාලකයන් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු අකාරය ගෙන බලන කළ කිසිදු සැලැසුම්ගත බවක් හෝ වෘත්තියභාවයක් එහි නැති බව ඉතා පැහැදිලිය.
ඔමික්‍රොන් වයිරසය මෙරටට ඇතුළුවිම වැලැක්විමට ගතහැකි සියළු පියවරයන් ගතයුතුව තිබියදි එය එසේ වි නොමැති බව වාර්ථා වේ.

ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා තිබුණි.

ඒ අනුව 24 වනදා මෙරටට පැමිණි ඇය 25 වැනිදා තම නිවසට පැමිණ ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ඇය ගැන දැනගත්තේ දින 9 කට පසු 3 වැනිදා වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය කළ විමසීමකදී පැවසීය.

රෝග ලක්ෂණ නොමැති බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීම සඳහා ඇය එවා ඇතත් ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වා නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ඉකුත් 25 වැනිදා නිවසට පැමිණ ඇති ඇය හමුවන්නට නොයෙක් පිරිස් ආ ගිය බව ප්‍රදේශවාසින් පවසන බවත්, පී සී ආර් සාම්පල ලබා ගන්නැයි වසංගත රෝග අංශය විසින් ඉකුත් තුන්වනදා දැනුම් දෙන තුරු එවැනි අයෙකු තම බල ප්‍රදේශයේ සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැන නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

නයිජීරියාවේ ආගමික සමුළුවකට සහභාගි වෙමින් මාසයක් එහි සිට ඇති ඇයත් ඇගේ සැමියාත් කොවිඩ් රෝගය සඳහා වන කිසිදු එන්නතක් ලබා ගෙන නැති බවත් පි සී ආර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් යනවිට පවා ඔවුන් පැමිණ ඇත්තේ මුව ආවරණයක් වත් නැතිව බවත් උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අන්තර් ආයතන සම්බන්ධතා තබාගැනීමේ වැදගත්කම සියලු දෙනා අවබෝධ කර නොගතහොත් ඔමික්‍රෝන් වයිරසය රට පුරා පැතිර යාම වැළැක්විය නොහැකි වනු ඇතැය ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු පසුගිය සිකුරාදා (03) අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)