Sunday, September 22, 2024

ඊයේ රෑ මියන්මාරයේ යැන්ගැන් නගරයේ පැවැති මහරෑ වර්ජ්නය!

Must read

ඒ රැයෙහි මේ බය නැති මිනිස්සු සිය ජගංම දුරකතන, ටෝච් සහ පාපැදි ලාම්පු පවා දල්වා සිය විරෝධය පළ කළහ. සාමකාමී විරෝධතාකරුවන් 600කට වඩා ඝාතනය කර ඇති මිනීමරැ මිලිටරිය 3000කට ආසන්න සිවිල් ජනයා අත් අඩං ගුවට ගෙන තිබේ.

මීට තෙදිනකට පෙර එරට ඉතාම ජනප්‍රිය කලාතරු මහ තාරකාවින් සියක් දෙනෙකු අත් අඩංඟුවට ගැනුනේ ඔවුන්ද මිනීමරු මිලිටරියට එරෙහිය පාරට ආ නිසාය.

මහමැතිවරනයෙන් බලයට පත් ආන්ඩුවට ඉඩ නොදී මිලිටරිය දිගටම බලයේ සිටිය හොත් එරට දරවැන්ත ලේ වැගිරීමකට මඟපාදන සන්න්දධ ප්‍රතිවිරුද්ධකම් ආරම්භ වීමට දැන් ඔන්න මෙන්නය. සන්දීය හමුදාව යැයි නම්කර ඇති ඒකාබද්ධ සන්නද්ධ හමුදාව දැන යැන්ගුන් නගරයටද රහසිගතව අවතීර්ණ වි සිටිති.

මහ මැතිවරනයෙන් ජය දිනූ බොහෝ අපේක්ෂකයෝ මෙම සන්දීය හමුදාවට බැදී ඇකි බව එරට ආරංචි මාර්ග දක්වයි. ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා. මිනීමරු මිලිටරිය භංග වේවා. මියන්මාරයට සාමකාමී විසඳුමක් ලැබේවා!
සුනන්ද දේශප්‍රිය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)