Sunday, September 22, 2024

ඉදිරි සති කීපය අවදානම් ! කුරුණෑගල ගමකටත් සංචරණ සිමා…

Must read

අවුරුදු වලින් පසුව තත්වය අවදානම් විය හැකි බවට සෞඛ්‍ය බලධාරින් විසින් අනතුරු අගවා තිබුණි .

එයට ප්‍රධානතම හේතුව වි තිබුනේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම අවදානම් තත්වය මතුවිමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශය පවසා ඇත.

මේ අතර කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙන අතර තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබේ

එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර පවසා ඇත.

එමෙන්ම ඉදිරි සති 04ත් 6ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර අවධාරණය කර තිබුණි.
සෞඛ්‍ය බළධාරින් මෙන්ම අදාල සකලාකාර බලධාරින් අවුරුද්දට පෙර මෙම තත්වය ගැන අනතුරු අගවා තිබුනද ජනතාව පමණක් නොව බොහෝ ප්‍රදේශවල මේ නිතිය පැනවු අය විසින් එ ඒ නිති ගණන් නොගෙන කටයුතු කර තිබුන අයුරු වඩාත් පැහැදිලි විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)