Sunday, September 22, 2024

ආණ්ඩුව තුනට කැඩෙන කම් දින ගණින සජබ මන්ත්‍රිලා …??

Must read

ජනතාව පීඩනයෙන් පිඩනයට පත්කරමින් ක්‍රියාත්මක වත්මන් රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රබල සංවිධානත්මක විරෝධයක් ගොඩනැගිමට මේ වන විට සමගි ජනබලවේගයට නොහැකි වි ඇති බව සමාන්‍ය ජනයා පවා ඉතා හොදින් තේරුම් ගනිමින් සිටිති.
සියළු කණ්ඩායම් ඒකකරගෙන දැවැන්ත ජන විරෝධයක් ගොඩනගනවා වෙනුවට ඒවැනි විරෝධතා දැනටමත් සංවිධධානාත්මක ලෙසින් කරගෙන යනු ලබන දේශපාලන කණ්ඩායම් පක්ෂ විවේචන කිරිමට සජබ මන්ත්‍රිවරුන් කුහකවි සිටිති.
මේ අතර විරෝධමේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා තිබේ.

ඒ, ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකට යන බවයි ඔහු පවසන්නේ

බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් හැර අනෙක් පිරිසද රජයෙන් ඉවත් වීමට නියමිත බවට්රත්ක්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දි ඇත..

එය ගලේ කෙටුවා සේ විශ්වාස බවත් ඒ අනුව බහුතරය විපක්ෂය විසින් අත්සන් කර දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පලවාහරින බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මන්ත්‍රිවරුන්ගේ මේ සිහින දැකිම් යථාර්ථයක් බවට පත්කළ හැක්කේ 2015 වේදි මෙන්ම ප්‍රබල ඒකාබද්ධ සටනක් මාවතක් සදහා පෙළගැසුන හොත් පමණි.
එවැන්නට දේශපාලන නායකත්වය දිමට ඒදා පවා බැරිවුන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වැඩ මේ වන විට වන් මෑන් ෂෝ බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)