Sunday, September 22, 2024

අයවැය හෙට ….

Must read

2021 අයවැය ලේඛනය දෙවනවර කියවීම සඳහා හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු එය ඔක්තෝබර් 20 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඉන්පසුව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.

එය සැලකෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙසය.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2,678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2,900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ.

දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට සිදුකෙරේ.

ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වීමට නියමිත ය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත් වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලසීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනාකර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානයන්ට යටත්ව ආසන පනවා තිබේ. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)