Sunday, September 22, 2024

අම්පිටියේ සුමන හිමි අත්අඩංගුවට ගත යුතුයි !

Must read

රජයේ සේවකයන් තිදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් මඩකලපුව විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගත යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍ය මරික්කාරම් මන්ත්‍රීවරයා අද
( 22 )පාර්ලිමේන්තුවේදි පවසා තිබේ.

“මඩකලපුව චෙන්කලඩි වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති බව කියන ඉඩමකට පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ වැඩම කර තිබෙනවා.

උන්වහන්සේ දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා. උන්වහන්සේට එරෙහිව කිසිම නීතිමය පියවරක් අරගෙන නෑ.

ස්වාමීන් වහන්සේම පවසනවා උන්වහන්සේට උසාවියේ නඩු 70ක් පවතිනවා කියලා. එහෙම තියෙද්දීත් උන්වහන්සේට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ කියන්නේ දුක් වෙන්න ඕන කාරණයක්.

ඊයේ රජයේ නිලධාරීන්ට පහරදී තිබෙනවා. මෙතන සිංහල නිලධාරියෙකුත් ඉදලා තිබෙනවා. මේක දෙමළ මිනිස්සුන්ට විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. දිගින් දිගටම රජයේ සේවකයන්ට පහරදුන්නොත් රජයේ සේවකයන්ට ගැටලුවක්.

මගේ පළමු පාර්ලිමේන්තු කථාවට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ප්‍රශංසා කරලා තිබුණා. නමුත් වැරැද්දක් කියන නිසා මට ගැටලුවක් වෙන්න පුළුවන්.

මේක ස්වාමීන්වහන්සේ ගැන ප්‍රශ්ණයක් නෙමයි රජයේ සේවකයන් ගැන ප්‍රශ්නයක්.  රජයේ සේවකයන්ට පහර දුන්නාම ඔවුන් කොහොමද වැඩ කරන්නේ.

උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හිත් අමනාප වෙන කාරණයක්. මේකට කිසිම දේශපාලන සබඳතාවක් නෑ. අස්ගිරියේ හා මල්වත්තේ හාමුදුරුවරු මේ හාමුදුරුවන්න පුනරුත්තාපනය කරන්න වෙනවා.

දැනට රජයේ සේවකයෝ  තිදෙනෙක් රෝහල් ගතව ඉන්නවා. වහාම උන්වහන්සේ අත්ඩංගුවට ගත යුතුයි. මේක ජනපතිතුමාට, අගමැතිතුමාට පොලිස්පතිට දන්වන්න ඕන. ස්වාමීන්වහන්සේලාට අපිත් ගරු කරනවා. දිගින් දිගටම මේ ගරුත්වය තබා ගන්න මේ ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගත යුතුයි.”

මේ අතර රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙන බව අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය

ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.  

මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භකර ඇති බවට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමින් අනාවරණය කළහ.

ඉන් අනතුරුව අදාළ ස්ථානයේ මැනුම් කටයුතු සඳහා ඊයේ (21) පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් විරෝධයක් එල්ලවී තිබුණි.  

පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් අදාළ ස්ථානයේ මැනීම් කටයුතු නිසි අයුරින් සිදුනොකරන බව උන්වහන්සේ චෝදනා කළහ.
 
අදාළ භූමිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට තහවුරු කෙරෙන නාම පුවරු ද දක්නට ලැබේ.

සිදුව ඇති විනාශය නිරීක්ෂණයට වගකිය යුතු නිලධාරියෙක් පැමිණෙන තෙක් මැණුම් කටයුතු සඳහා පැමිණ සිටි පුරාවිද්‍යා නිලධාරින් තිදෙනෙක් සිය භාරයට ගැනීමට  පූජ්‍ය  සුමනරත්න හිමියන් කළ බව වාර්තා වේ.

පසුව මඩකළපුව පොලිස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මැණුම් කටයුතු සිදුකරන තෙක් අදාළ වගාකිරීමේ කටයුතු නතර කරන බවට දුන් පොරොන්දුවක් මත සිද්ධිය සමතයකට පත්වුණි.

කෙසේ වෙතත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සිය භාරයේ රඳවා ගෙන සිටි පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනා මේ වන විට මඩකළපුව රෝහලට ඇතුළත් වී සිටී.

adstudio.cloud
adstudio.cloud


මුලාශ්‍රය – අද

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)