Sunday, September 22, 2024

අදත් රටපුරා මාළු වෙළඳ සැල් කීපයක් වසා දැමේ ..

Must read

ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළෙදසංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදිණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ.   මෙම වෙලද සංකීරණයේ 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් හය දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනිමට හැකිවිය .   වසාදැමු මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණය අපට ගැවසිමෙන් ජනතාව වැළකි සිටියේය. හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේගම පදිංචිකරුවෝ වෙති

කුරුණෑගල

මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.   මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා ඇත.   කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇති බව වාර්තාවේ.   මේ නිසා එම ලොරියේ සහායකයා ලෙස කටයුතු කළ අයෙකුද පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇත.

දියතලාව

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති  බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව  හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද (23 ) පැවසීය.

මෙම පුද්ගලයින් දෙදෙනා ගේ සමීපතම ආශ්‍රිතයෙන් සිව්දෙනකු ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ අතර මාළු වෙළඳසැලට සම්බන්ධ කඩ පේලියක කඩ දහයක් ද වසා තැබීමට පියවර ගත් බව සභාපතිවරයා පැවසීය.
මුලාශ්‍රය -ලංකාදි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)