Saturday, September 21, 2024

LPL මංගල තරගයම සුපිරි පන්දුවාරයෙන් කෙළවර වෙයි; වීරයා චන්දිමාල් !

Must read

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති Colombo Kings සහ Kandy Tuskers අතර තරගය ලකුණු සම වෙමින් පන්දුවාර ගණන අවසන් වූ අතර ජයග්‍රාහකයන් සොයා ගැනීමට යැවුණ සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය ලැබීමට Colombo Kings ක්‍රීඩකයෝ සමත් වූහ. 

සුපිරි පන්දුවාරය යැවූ Kandy Tuskers කණ්ඩායමේ නුවන් ප්‍රදීප්ට එරෙහිව Colombo Kings කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගත්තේ ය. එහි දී පෙර ඉනිමේ ඉසුරු උදානගේ පහසු උඩ පන්දුවක් අතහැරි කුසල් මෙන්ඩිස් එවර ඔහු දවා ගැනීමට විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැක ගත්තේ ය. පන්දුවාරය අවසන් වන විට  Andre Russell ලකුණු 8ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 4ක් ද ලබා සිටියේ ය. 

පිළිතුරු පන්දුවාරය ඉසුරු උදාන යැවුණ අතර Kandy Tuskers වෙනුවෙන් පිටියට පිවිසියේ Rahmanulla Gurbaz සහ කුසල් පෙරේරා ය. පළමු පන්දු 5ට මුහුණ දුන් Rahmanulla Gurbaz හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත් අතර ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවේ දී කුසල්ට ලකුණු 6ක් ලබා ගැනීමට ඉඩ ලබා දෙමින් ඔහු අනෙක් අන්තයට පැමිණියේ ය. නමුත් කුසල්ට එම ඉලක්කය සපුරාගත නොහැකි විය. ඒ අනුව තරගයෙන් ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට  Colombo Kings කණ්ඩායම සමත් විය. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා මංගල තරගය වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අතර කාසිය අහසට යොමු කළේ Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් ය. තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි ඉදිරියේ ඉහළ ගිය කාසිය බිම පතිත වූයේ ඇන්ජලෝට වාසිය අත් කර දෙමිනි. ඒ අනුව ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීම තම කණ්ඩායම සතු කර ගැනීම ය. 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Tuskers ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවි ලකුණු 219ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී Colombo Kings ක්‍රීඩකයෝ ද ලකුණු 219ක් ලබා ගත් අතර ඔවුන්ගේ කඩුලු 7ක් ප්‍රතිවාදීන්ට හිමි වූහ.

තරගාවලියේ මංගල පන්දුව යැවීම බාර ගත්තේ මැතිව්ස් ය. නමුත් තරගයේ තෙවැනි පන්දුවාරය වන විට මැතිව්ස් පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ Rahmanulla Gurbaz සහ කුසල් පෙරේරා සමත් වූහ. 

ඒ අනුව තරගාවලියේ එල්ල වූ පළමු හතරේ පහර පළමු පන්දු වාරයේ දී කුසල් පෙරේරා වාර්තා කළ අතර පළමු හයේ පහර  Manpreet Gonyට එරෙහිව Rahmanulla Gurbaz තරගය ආරම්භ වී දෙවැනි පන්දු වාරයේ දී එල්ල කළේය. 

ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි පන්දුවාරය අවසන් වෙද්දී ලකුණු 38ක් ලබා සිටි අතර ඉන් ලකුණු 26ක් ම මැතිව්ස්ට එරෙහිව ලබා ගත් ඒවා විය. ඉනිමේ 23 වැනි පන්දුවේ දී ලකුණු 50 සීමාව අභිබවා යෑමට ද ඔවුන් සමත් වූහ. 

අගනුවර ක්‍රීඩකයන්ට හිසරදයක් වූ මේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවා තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කළේ Qais Ahmad පන්දු යැවීම ආරම්භ කර යැවුණ දෙවැනි සහ තෙවැනි පන්දුවලට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමිනි. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 21ක් පමණක් වන අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත්ව තිබුණි. ඊළඟ පන්දුවේ දී Laurie Evans විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් Rahmanulla Gurbaz දැවී යන විට මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 75ක් ලබා සිටි අතර ඔහු ඉදිරියේ ලකුණු 53ක් සටහන්ව තිබුණේ ය.

අනතුරුව ලොකු කුසල්ට එක් වූයේ කුසල් මෙන්ඩිස් ය. තරමක් මන්දගාමී වූ ඔවුන්ගේ සබඳතාව අතර ඉනිමේ 100 වැනි ලකුණ රැස් කිරීමට ද ඔවුන් සමත් වූහ. ඒ වෙනුවෙන් මහනුවර ක්‍රීඩකයන්ට එතෙක් වැය වී තිබුණේ පන්දු 48ක් පමණි. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 සබඳතාව 36 වැනි පන්දුවේ දී වාර්තා වූ අතර එය බිඳී ගියේ කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟිනි. දිනේෂ් චන්දිමාල් විසින් කඩුල්ල පිටුපස සිටිමින් දවා ගත් අනගි උඩ පන්දුව හේතුවෙන් මෙන්ඩිස් දැවී යන විට පන්දු 24කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 30ක් ලබා සිටියේ ය. කඩුල්ලේ හිමිකාරිත්වය Manpreet Gony සතු විය. 

Kandy Tuskers කණ්ඩායමේ 200 වැනි ලකුණ තෙවැනි කඩුල්ලේ දී පන්දු 113ක දී වාර්තා වූ අතර එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට කුසල් පෙරේරා සහ අසේල ගුණරත්න සමත් වූහ. කුසල් තම  අර්ධ ශතකය 35 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර දැවී යන විට පන්දු 52කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියේ ය. මෙම ඉනිම කුසල්ගේ ඕනෑම විස්සයි විස්ස තරගයක හොඳම ඉනිම බවට ද පත් විය. 

මහනුවර ඉනිම අවසන් වන විට අසේල පන්දු 20කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටි අතර සීක්කුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 4ක් ලබා සිටියේ ය. කඩුලු ලබා ගැනීමේ දී Manpreet Gony, දුෂ්මන්ත චමීර සහ Qais Ahmad අතර කඩුල්ල බැගින් බෙදී ගියේ ය.  

LPL තතුවිත්ති:

ප්‍රතිවාදි ඉනිම දිනේෂ් චන්දිමාල් සහ Laurie Evans ආරම්භ කළ අතර ඔවුන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ  සහනාධාර ලකුණු 4කිනි. ඉන් නොනැවතුන පන්දු රකින්නෝ චන්දිමාල් ලකුණු 5ක් ලබා සිටිය දී ලබා දුන් ලෙහෙසි උඩ පන්දුවක් ද බිම දැමුවේ ය. එය ප්‍රදානය කළේ Naveen-ul-haq ය. අනතුරුව එංගලන්ත ක්‍රීඩකයාගේ ද දුවද්දී දැවී යෑමක් ඔවුන් වෙතින් මඟ හැරුණි. 

ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් ඔවුන් කණ්ඩායමේ 50 වැනි ලකුණ 24 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් එක් කිරීමට ද සමත් වූහ. Laurie Evans ලකුණු 22කට දැවී ගිය ද එතැන් සිට තික්ෂිල ද සිල්වා හා එක්ව ඉනිම ගොඩ නැගීමට චන්දිමාල් කටයුතු කළේ ය. ඒ අනුව වාර්තා වූ චන්දිමාල්ගේ අර්ධ ශතකයට වැය වූයේ පන්දු 28ක් පමණි. ඒ වෙද්දී ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි. 

ඉනිමේ 100 වැනි ලකුණ 56 වැනි පන්දුවේ දී වාර්තා වූ එම කඩුල්ලේ සබඳතාව ලකුණු 67ක් දක්වා රැගෙන යෑමට ඔවුන් සමත් වූහ. චන්දිමාල් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටිය දී Naveen-ul-haqගේ පන්දුවට දැවී යමින් ඒ සබඳතාව අවසන් කෙරුණි. ඊට පසුව යැවුණ පන්දුවේ දී තික්ෂිල (22) ද දැවී ගියේ ය. 

Naveen-ul-haqගේ ත්‍රිත්ව කඩුලු පන්දුවට මුහුණ දෙමින් තම ඉනිම ආරම්භ කළ අගනුවර නායකයාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැත. සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු ලකුණු 2ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය. 

එතැන් සිට ගිලා බැසි ඉනිම ගොඩ ගැනීමට පැවරුණේ Andre Russell සහ අශාන් ප්‍රියන්ජන්ටය. අවසන් පන්දු 30 දී ඔවුන්ට ලැබුණ ඉලක්කය ලකුණු 70කි. තරමක් අපහසු මේ ඉලක්කය කරා යෑමේ දී ඔවුන් දෙදෙනා ම එක ම පන්දු වාරයක දී ක්‍රීඩාගාරය වෙත යැවීමට නුවන් ප්‍රදිප් සමත් විය. ඒ වෙද්දී අගනුවර ඉනිම කියැවුණේ කඩුලු 6කට ලකුණු 167ක් ලෙස ය. 

ඊළඟ කඩුල්ලට එක් වූ ඉසුරු උදාන, කවිශ්ක අංජුලගේ පන්දුවකට දුන් පහසු උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අත හරිද්දී ඔහු ලබා සිටියේ ලකුණු 2ක් පමණි. එතැන් සිට ක්‍රියාත්මක වූ ඉසුරු එම පන්දු වාරයේ අවසන් පන්දු දෙකේ දී පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු පුවරුව තරමක් සවිමත් කළේ ය. එය තරගයේ හැරවුම් ලක්ෂය ද විය. 

අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ඉසුරුට සහ Qais Ahmadට ලබා ගැනීමට තිබුණේ ලකුණු 20ක් පමණි. පන්දු යැවීමේ වගකීම බාර වූයේ අසේල ගුණරත්නට ය. එහි දී පොඩි කුසල්ගේ වාසිය ගත් ඉසුරු හයේ පහර දෙකක් සමගින් ලකුණු 18ක් ලබා ගත් අතර යැවුණ නීති විරෝධී පන්දුව ද සමගින් තරගය ලකුණු සම වීමෙන් අවසන් කිරීමට Colombo Kings ක්‍රීඩකයෝ සමත් වූහ. 

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප් සහ Naveen-ul-haq කඩුලු 2 බැගින් ලබා ගත් අතර අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න ද කඩුල්ල බැගින් දවා ගත්තේ ය. 

අද තරගයේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ Rahmanulla Gurbaz, ඉන්දියන් ක්‍රීඩක Irfan Pathan සහ ඇෆ්ගනිස්තානයේ Naveen-ul-haq ද කොළඹ කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේ Laurie Evans, බටහිර ඉන්දිය කොදෙව් ජාතික Andre Russell, ඇෆ්ගනිස්තානයේ Qais Ahmad සහ ඉන්දියාවේ Manpreet Gony සහභාගී වූහ. 

තරගයේ වීරයා; දිනේෂ් චන්දිමාල් (Colombo Kings)

Result

Colombo Kings 219/7 (20) Kandy Tuskers 219/3 (20)

Match Tied

Updated at 12:23 AM 2020-11-27

BatsmenRB4s6sSR
Dinesh Chandimalc Nuwan Pradeep b Naveen Ul Hak8046122173.91
Laurie Evansc Priyamal Perera b Asela Gunarathne221412157.14
Thikshila de silvac Rahmanullah Gurbaz b Naveen Ul Hak221611137.50
Andre Russellc Priyamal Perera b Nuwan Pradeep241331184.62
Angelo Mathewsb Seekkuge Prasanna250040.00
Ashan Priyanjanc Priyamal Perera b Nuwan Pradeep8710114.29
Isuru Udananot out341204283.33
Qais Ahmedrun out (Kusal Mendis)15830187.50
Manpreet Singhnot out00000.00
Extras12 (b 0 , lb 5 , nb 1, w 6, pen 0)
Total219/7 (20 Overs, RR: 10.95)
Did not batDushmantha Chameera, Amila Aponso,
BowlingOMRWEcon
Nuwan Pradeep403428.50
Irfan Pathan1.5025016.67
Naveen Ul Hak4040210.00
Kusal Mendis0.10000.00
Kavishka Anjula4048012.00
Asela Gunarathne4049112.25
Kamindu Mendis1012012.00
Seekkuge Prasanna10616.00

තරගාවලියේ දෙවැනි තරගය (27) පැවැත්වෙන්නේ Jaffna Stallions සහ Galle Gladiators අතර රාත්‍රි තරගයක් ලෙසිනි.  

(thePapare.com)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)