Sunday, September 22, 2024

IPL ශූරතාව යළිත් MIට : රෝහිත් මහේල ගැන කතා නොකරයි

Must read

පිට පිටම දෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඊයේ (10) සමත් වූහ.

මෙම ශූරතාවත් සමග මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 13 න් 5 කම ශූරයන් බවට පත්වීමටද මුම්බායි කණ්ඩායම සමත් විය.

අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වී වසර 5 ක් ගතවීමෙන් පසු එනම් 2013 වසරේදී සිය පළමු ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම, ඉන් අනතුරුව 2015, 2017 සහ 2019 යන වසරවලදීද එම ශූරතාවට හිමිකම් කීවේය. එම ශූරතා 5 සඳහාම මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රෝහිත් ශර්මා විසිනි.

2017 වසරේදී මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස මුම්බායි කණ්ඩායමට එක්වීමෙන් පසු ගත වූ වසර 4 තුළ ඔවුන් ජයගත් තෙවැනි ශූරතාවද මෙය විය.

මුම්බායි කණ්ඩායම මෙවර (2020) තරගාවලියේ ශූරතාවට හිමිකම් කීව ඩුබායිහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගය කඩුලු 5 කින් ජයගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩ‍කයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

අවසන් තරගයේ වීරයා – ට්‍රෙන්ට් බෝල්ට්
තරගාවලියේ වේගවත්ම පිතිකරු – කිරාන් පොලාර්ඩ්
තරගාවලියේ වැඩිම හයේ පහර – ඉෂාන් කිෂන්
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ජෝෆ්රා ආචර්

දිල්ලි කැපිටල්ස් පිල – පන්දුවාර 20 කදී කඩුලු 7 කට 156
(ශිකර් ධවාන් 15, ශ්‍රෙයාස් අයියර් නොදැවී 65, රිෂාබ් පාන්ට් 56, ට්‍රෙන්ට් බෝල්ට් 30/3, නේදන් කූල්ටර් නයිල් 29/2)

මුම්බායි ඉන්දියන්ස් පිල – පන්දුවාර 18.4 කදී කඩුලු 5 කට 157
(රෝහිත් ශර්මා 68, ක්වින්ටින් ඩි’කොක් 20, සූර්යකුමාර් යාදව් 19, ඉෂාන් කිෂන් නොදැවි 33, ඇන්රික් නොයේ 25/2)

[Image: Ranjan P FB Screenshot 2020 11 11]IPL ඉන්දීය ක්‍රීඩකයන් පිම්බීමක්

මේ අතර, මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා කුසලානය ලබා ගැනීමෙන් පසු කළ කතාවේදී කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන් ගැන පමණක් සිහිපත් කිරීමත් එහි පුහුණුකරු වන ලාංකික ක්‍රීඩක මහේල ජයවර්ධන ගැන හෝ අවසන් තරගය දිනා දුන් ට්‍රෙන්ට් බෝල්ට් ගැන කතා නොකිරීම මේවන විට මෙරට ක්‍රිකට් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ක්‍රීඩා විචාරකයෙක් හා පුහුණුකරුවකු ද වන රංජන් පරණවිතාන මහතා ඒ සම්බන්ධයෙන් තබා තිබූ සටහනක් පහත දැක්වේ.

“ඉන්දියන් Real ක්‍රිකට් ගතිය රොහිත් ෂර්මාගෙන් එළියට එයි…!
——————————————
*කුසලානය ලබා ගැනීමෙන් පසු කළ කතාවේදී කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන් ගැන විතරක් කියූ ෂර්මා පුහුණුකරු මහේල ගැන හෝ අවසන් තරගය දිනා දුන් ට්‍රෙන්ට් බෝල්ට් ගැන වචනයක්වත් නොකියයි.
Not given credit to Coach Mahela or Man of the final Trent Boult.
Talked only about the indian players in the side.
* පොදුවේ සපෝට් ස්ටාෆ් එකට ස්තූති කරද්දීවත් පුහුණුකරු විශේෂ කොට නොකියයි.
Mentioned only the support staff
( Normally Head Coach is special among coaching support staff)
* දැන් තේරෙනවද IPL කියන්නෙ ඉන්දියන් ප්ලේයර්ලා හදා ගන්න අනික් උන් සල්ලි වලට ඇමට යොදා ගන්නා ගුණ්ඩුවක් බව..?
IPL is a platform to build mainly indian players while using the foreign players experience and popularity for money.”

Srilankamirror.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)