Saturday, September 21, 2024

GLගෙන් සබ්රිගෙන් හමුදාවට බාර දුන් දෙමළ දරුවන් ඉල්ලයි

Must read


ජිනීවා සමුළුව ලං ලං වෙද්දී ‘යුක්තියට ප්‍රවේශයක්’ නමින් අධිකරණ අමාත්‍යංශය යාපනයේ පැවැත්වූ ජංගම සේවයට පොලිස් තර්ජන හා බාධා කිරීම මැද අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධය දක්වා තිබේ.
ජනවාරි අවසන් සති අන්තයේ පැවැත්වූ අධිකරණ අමාත්‍යංශ ජංගම සේවය යාපනය මාධ්‍ය විද්‍යාලයේ පැවතියේ අධිකරණ ඇමැති අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට විදේශ ඇමැති ජි.එල්.පීරිස් ද සහභාගී වී තිබේ.

”අපිට වන්දිත් එපා, මරණ සහතිකත් එපා, අපි හිඟා කාලා හරි ජිවත් වෙන්නම් අපිට අපිම හමුදාවට බාර දීපු  අපේ  දරුවෝ දෙන්න” යැයි කියමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් යාපනය මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය පැමිණ එය නැවතීමට ගත් වෑයම නිසා පොලිසිය හා මව්වරුන් අතර නොසන්සුන් තත්වයක් හට ගත් බව එහි ගිය මාධ්‍යවේදියෝ පවසති.

”නීතියක් නොමැති රටේ අධිකරණ අමාත්‍යංශ, අධිකරණ ඇමැතිලා, කොමිෂන් වලින් වැඩක් තියෙනවා ද” , ”අපිට OMP එපා ”` සටන් පාඨ කියමින් විරෝධය දැක්වූ මවුවරුන් හමුවට පැමිණි උතුරු පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා කියා සිටියේ තමන් සමඟ ගැටළු සාකච්ජා කිරීමට සිය කාර්යාලයට ඇරයුම් කළේය.

  එසැනින්ම ඇරයුම ප්‍රතික්ෂේප කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ප්‍රකාශ කළේ පෙර සිටී ආණ්ඩුකාරවරු ද මේ අයුරින්ම කතා කොට තමන්ව රැවටු බවයි.

මේ අතර ”යුක්තියට ප්‍රවේශයක්” ජංගම සේවය ගැන මාධ්‍ය දැන්වත් කිරීම සඳහා යාපනේ පැවති හමුවේදී අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කළේ දීර්ඝ කාලයක් නොවිසදුනු ප්‍රශ්න රැසක් උතුරේ ඇති බැවින් මෙවැනි සේවාවක් ආරම්භ කළ බවයි.

”අපි යන යන තැන උද්ඝෝෂණය කරනවා. එහෙම කරලා විසදුමක් ලැබෙන්නේ නැහැ.මේ කරන්නේ දේශපාලනයක්. පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි. ඒත් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමට කවුද හිතන්නේ, දැන් මේ ප්‍රශ්නය අවුරුදු 13 ක් තිස්සේ ඇදෙමින් තියෙනවා.” යයි අධිකරණ ඇමැති සඳහන් කරයි.

 ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ ‘ලබා දෙන්න බැරි දේවල් ලබා ගැනීමට’ සටන් කරන්නේ දේශපාලන අවශ්‍යතා මත බවයි.
theleader.lk


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)