Sunday, September 22, 2024
Home Blog Page 98

හම්බන්තොට හඳුන් දැව ජාවාරම ?

0

කලක පටන් හඳුන් දැව ජාවාරමේ නියැළුණු සිවුදෙනකු දැව කිලෝග්රෑම් 150කට වැඩි ප්‍රමාණයක් බට්ටා රථ දෙකත් සමඟ අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු මත හම්බන්තොට පොලීසියේ නිලධාරීන් ඊයේ (11) දහවල් කාලයේ දී මෙම වැටලීම සිදු කරනු ලැබීය.

වියළි ආහාර තොග ගෙනයන මුවාවෙන් සුක්ෂම ලෙස සඟවා මෙම හඳුන් දැව තොගය අම්බලන්තොට ප්‍රදේශයේ සිට කුඩා ලොරියක් මගින් (බට්ටා වර්ගයේ) රැගෙන ගොස් හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දී වැලිමඩ ප්‍රදේශයේ සිට පැමිණි තවත් කුඩා ලොරි රථයකට පටවමින් සිටිය දී මෙම වැටලීම සිදු කිරීමට හැකිවූ බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 35 ත අතර පුද්ගලයන් වන අතර ඔවුන් තිදෙනකු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිලධාරීන් භාරයට ගැනුණු හඳුන් දැව තොගය කිලෝග්රෑම් 158කට වැඩි බරකින් යුක්ත වන අතර එහි වටිනාකම ලක්ෂ 12කට වැඩි බව නිලධාරීහු පවසති.

dinamina.lk

මිගමුව නව දැඩිසත්කාර ඒකකයේ ජල කාන්දුවක් ?

0

ඩයලෝග් සමාගම විසින් ලංකාවේ රෝහල් කිපයක් සදහා අනුග්‍රහය දක්වමින් ඉදිකරන්නට යෙදුන නව දැඩිසත්කාර වැඩසටහන යටතේ මිගමුව රෝහලට ඇදන් 10 ක් ද ද සමගින් නවින පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකයක්  ලැබි තිබුණි.
එය ඇදන් 10 කින් සමන්විතය.
එහෙත් අදාල පරිශ්‍රයේ වතුර කාන්දුවිම් තත්වයක් හේතුවෙන් මේවන විට ප්‍රයෝජනයට ගතහැකි ඇදන් ගණන 5 කට සිමාවි ඇති බව වාර්තාවේ.
මෙම දැඩිසත්කාර ස්ථාපිත කොට ඇත්තේ මහල් ගොඩනැගිල්ලේ සත්වෙනි මහලේ වන අතර එම මහල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස නිමවා මාස 3 ක කාලයකින් යළි ලබා දෙන බවට එකල වාර්තා වි තිබුනද මේ වන විට වසර 5 ක් යනතුරුත් එහි කටයුතු නිසි ලෙසින් නිමාකරන්නට බැරිව තිබේ.
මේ කටයුත්ත සදහා තාක්ෂණික උපදෙස් සදහා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුව මිගමුව රෝහලට හදුන්වා දි තිබුනේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසිනි.

ආගමික සිද්ධස්ථානවලට 50යි ?ටියුෂන් වලට 100 යි ?

0

රජය විසින් ඇඳිරි නිතිය ලිහිල් කරමින් ගන්නට යෙදුන විවිධ තිරණවලට අනුව පැහැදිලිව කැපි පෙනෙන වෙනස්කමක් 2 කක් දැනටමත් සමාජ අවධානයට යොමුව තිබේ.,
එනම් ආගමික කටයුතු වලට සහභාගි විය හැකි ගණන 50 කට සිමා වෙද්දි ටියුෂන් සදහා උපරිමය 100 ක් ලෙසින් තින්දු කර තිබිමය.
ඉන් කියැවෙන්නෙ කුමක්ද ?

කොරෝනා උවදුරත් සමග කිතුල්ගල සංචාරක කලාපය අනතුරේ

කිතුල්ගල සංචාරක කලාපයට පසුගිය කාලයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩාළ වීම හේතුවෙන් කැලණි ගඟේ රාෆ්ටින් බෝට්ටු ජීවිකාව ගෙන ගිය පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත් වී සිටිති.

කිතුල්ගල සංචාරක කලාපයේ රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා දහසකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත. සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් මෙම පිරිස් අසිරුතාවට පත් වී සිටිති. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුනු සංචාරක කර්මාන්තය යළි ක්‍රමානුකුලව වර්ධනය වෙමින් තිබියදී කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීම හේතුවෙන් නැවත සංචාරක කර්මාන්තය කඩා වැටුනු බව රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිස් පවසති.

මේ පිළිබදව අදහස් දක්වන වයිට් වෝටර් රාෆ්ටින් බෝට්ටු හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත පුෂ්පකුමාර,

කිතුල්ගල ප්‍රදේශයේ රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිතව නිර්මාණය වූ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා කළ පිරිස්වලට මේ වන විට රැකියා අහිමි වී තිබෙනවා. මම හිතන්නේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් වී රට සාමාන්‍ය තත්ත්වයට පත්වූවත් රටේ සංචාරක කර්මාන්තය ස්ථාවර වෙන්න තවත් මාස ගණනාවක් බලා සිටින්න සිදුවෙනවා.

රජය මගින් වාහන ලීසිං කර ගත් පිරිස් වෙත ලීසිං වාරික ගෙවන්න මාස හයක සහන කාලයක් ලබා දුන්නා- නමුත් සංචාරක කර්මාන්තය මාස හයකින් යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ- එම නිසා සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිස් ලබා ගත් වාහන සඳහා ලීසිං ගෙවන්න මාස හයට අමතරව සහන කාලයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා’ යැයි කීය.

මේ පිළිබඳව අදහස් දක්වන රාෆ්ටින් බෝට්ටු සේවා ස්ථානයක් පවත්වාගෙන යන ජී.ආර්. ශානක ලක්මිණ,

කිතුල්ගල ප්‍රදේශයේ රාෆ්ටින් බෝට්ටු සේවා සපයන ආයතන වල රාෆ්ටීන් බෝට්ටු එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා- මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් රාෆ්ටින් බෝට්ටු ප්‍රයෝජනයට නොගත් නිසා ගම් එක පුස් කාලා ජොයින්ට් ගැලවෙනවා. ඒ වාගේම හුළං යනවා. එම නිසා බෝට්ටු මිලදී ගන්න වැය කළ මුදල් අපතේ යනවා. නැවත රාෆ්ටින් බෝට්ටු සේවා ආරම්භ කරන දවස් වෙනකොට අලුතින් රාෆ්ටින් බෝට්ටු මිලදී ගන්න සිදු වෙනවා. එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රාෆ්ටීන් ක්‍රිඩාව යළි නගා සිටුවන්න රජයෙන් යම් සහනයක් ලබා දෙන ලෙසයි’ යැයි පැවැසීය.

මේ පිළිබඳව අදහස් දක්වන සංචාරක කර්මාන්තයේ නියැළී සිටින රොෂාන් අවන්ත,

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් ලංකාවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ ගිහින් තිබෙනවා- කොරෝනා උවදුර හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම නතර කිරීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා කළ දහස් සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබෙනවා. මේ තත්ත්වය මත කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සංඛ්‍යාව තවත් ඉහළ ගිහින් තිබෙනවා.

කිතුල්ගල සංචාරක කලාපය කියන්නේ කිතුල්ගල ජනතාව විසින් ගොඩනගා ගත් සංචාරක ව්‍යාපාරයක්- මේ තුළින් රජයට විශාල විදේශ විනිමයක් උපයා දුන්නා. මෙම ප්‍රදේශයේ ජනතාව රජයට බරක් නොවී මෙම කර්මාන්තය කරගෙන ගියා- එම නිසා මේ වන විට දුෂ්කරතායට පත් වී සිටින රාෆ්ටින් බෝට්ටු කර්මාන්තයේ නියැළී සිටින පිරිස් නගා සිටුවීම සඳහා යම් වැඩපිළිවෙළක් රජය මැදැහත් වී සිදු කළ යුතුයි.

ඒ.ඩී.ඒ. නිශාන්ත – දැරණියගල

පේදුරුතුඩුවේ ගිනිනිවන්න ගිය රථයක් අනතුරට ලක්වේ .

0

යාපනය මහනගර සභාවට අයත් ගිනි නිවීමේ ඒ කකයේ රථයක් ගින්නක් නිවිම සදහා පේදුරුතුඩුවට යමින් සිටියදි අනතුරට ලක්ව තිබේ.
කොප්පයි පොලිසිය පැවසුවේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ නියර්වේලි ආඩියාර් හින්දු විද්‍යාලය ඉදිරිපිට බවය
යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ දී රථයේ දකුණු පස ටයරය ගැලවී යෑමෙන් රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් වයස අවුරුදු 37 ක් වු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මඩකලපුව රෝහලේ අඩුපාඩුවලට ආණ්ඩුකාරවරියගෙන් පිළිතුරු ලැබෙයිද ?

0

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතර හමුවක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වා තිබුණි.
ඒ රෝහලේ පැවති අඩුපාඩු සම්බන්ධවය.
දැනට භාවිතා කිරීමට නොහැකි තත්වයේ පවතින CT Scanner යන්ත්‍රය නිසා පසුගිය සති 3ක්ම රෝගීන් අපහසුතාවයට පත් වී ඇති බවද මෙහිදි හෙළිව තිබේ. මෙම ස්කෑනර් යන්ත්‍ර පැරණි මාදිලියේ ඒවා නිසා නව තාක්ෂණ ක්‍රමවේදයකට අලුත්වැඩියා කිරීමට ද නොහැකි බව වෛද්‍යවරුන් ආණ්ඩුකාරවරියට එහිදි කරුණු පැහැදිලි කර ඇත
එම යන්ත්‍ර නොමැති නිසා CT Scanner වලට භාජනය කිරීමට අවශ්‍ය රෝගීන් අම්පාර හා කල්මුණේ රෝහල් වලට මාරු කර යැවීමට සිදු වේ. දිනකට රෝගීන් 16ත් -25ත් අතර සංඛ්‍යාවක් CT Scanner වලට භාජනය කිරීමට  සිටින නමුත් ගිලන්රථ මගින් මාරු කර යැවීමට හැකි වන්නේ රෝගීන් පස්දෙනෙකු පමණි. හදිසි අනතුරු අවස්ථාවලදී පැමිණෙන රෝගින්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීමටද මේ නිසා හැකියාවක් නොමැති බව වෛද්‍යවරුන් පැවසූහ.   මෙම අපසුතාවය මගහැර ගැනීමට නව තාක්ෂණය ඇති CT Scanner යන්ත්‍රයක් ලබා ගැනීමට කාර්යාල මට්ටමින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉල්ලීම් කර තිබුණද මෙම කාල සිමාව තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. මෙම ගැටළුව ගැන ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කළ අතර ඊට අවශ්‍ය පියවර කඩිනමින් ලබා දීමට උත්සහ කරන බව ආණ්ඩුකාරවරිය පොරොන්දු වූවාය.  
මේ අතර වසර 4කට පෙර පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය විකිරණ යන්ත්‍ර උපකරණ ඇනවුම් කළ ද එම යන්ත්‍ර රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා ‍්භාවිතා නොකරන බවද මෙහිදි හෙළි විය.   විශේෂයෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ ශීක්ෂණ රෝහලේ කෝටි ගණන් වියදම් කර‍ ඇනවුම් කළ මෙම යන්ත්‍ර උපකරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද එම වෛද්‍යවරුන් ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලීමක් කළහ.  
මෙම රෝහලේ වෛද්‍යවරුන් 60කට වැඩි සංඛ්‍යාවක් සේවය කළ ද අවශ්‍ය ප්‍රමාණයට යන්ත්‍ර උපකරණ නොමැති නිසා ප්‍රතිකාර උපරිම ලෙස රෝගීන්ට ලබා දීමට නොහැක බවද ආණ්ඩුකාරතුමිය සමග වෛද්‍යවරුන් සාකච්ඡා කළහ.
මුලාශ්‍රය- දිණමිණ

ශ්‍රී ලංකාවට බරපතල රතු එලියක් ! – ජපන් ආධාර නවතින ලකුණු !

0

messenger sharing button

ලංකාවේ ණයගැතිභාවය, සංවර්ධන ව්‍යාපෘතිවල දූෂිතභාවය හා ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නිශ්චිත පැහැදිළි කිරීමක් නොමැතිනම්, ජපාන රජය විසින් මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට නියමිත

සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකරන බව JICA ආයතනය විසින් ලක් රජයට අනතුරු ඇඟවීමක් කර ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ලෝකයේ ප්‍රධාන ණය ආධාරකරුවෙක් හා අවුරුදු 70 ක් මේ රටට උත්තරීතර සේවයක් කරපු ජපානය, අද අපේ රටට ණය හා ආධාර දීමෙන් ඉවත්වීමට සූදානම්වීම, මේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන බරපතල රතු එලියක් මුලු ලෝකයටම දැල්වීමක් බව පෙන්වා දෙන හිටපු ආමත්‍යවරයා, රජයේ දූෂිත මූල්‍ය ප්‍රතිපත්තියත්, දූෂිත ලෙස කරගෙන යන ව්‍යාපෘති කටයුතුත් නිසා ජපානය ශ්‍රී ලංකා රජය පිළිබඳව කලකිරීමට පත්ව සිටින බවද පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ අද(15) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසිය.

”වැඩිම ප්‍රදාන හා ඉතාම අඩු පොලියට ණය ලබාදී තිබෙන්නේ ජපානයයි”

1950 පමණ සිට ලංකාවට අද දක්වාම අවුරුදු 70 ක් වැඩියෙන්ම උදව් කරල තිබෙන්නෙ ජපාන රජයයි. අද ඔවුන් අපේ ආණ්ඩුවට ඉතාම පැහැදිළි අනතුරු ඇඟවීමක් කරල තියෙනවා. 

අපිට කිසිම බාධාවක් නොකොට අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අපේ ඉඩම් කොල්ලකන්නෙ නැතිව, දූෂණ වලින් තොරව තමයි ජපන් රජය අපට ආධාර කළේ. කිසිම ජපන් ව්‍යාපෘතියකින් දූෂණ වාර්තා වෙලා නෑ. 

මෑත කාලයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොට්ටාව – ගාල්ල අධිවේගී මාර්ගය, අද ගොඩනැගෙන නව කැලණි පාලම, ඉහළ කොත්මලේ ජලාශය වැනි විදුලි බලාගාර, කොළඹ නගරයේ භූගත විදුලි පද්ධතිය, දැවැන්ත ජල ව්‍යාපෘති, දෙස බැලවහම අපට රටක් හැටියට වැඩිම ණය හා ප්‍රදාන දීල තියෙන්නෙ ඉතාම අඩු පොලියට ජපානයේ ජයිකා (JICA) ආයතනය.

 චීනය රටක් හැටියට වැඩියෙන් තිබුණත් ඔවුන් බැංකු හරහා දීල තියෙන්නෙ, ඒ නිසා ඒව වානීජ ණය ලෙසයි සලකන්නෙ.

”අපිට කිසිම බාධාවක් නොකොට අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අපේ ඉඩම් කොල්ලකන්නෙ නැතිව, දූෂණ වලින් තොරව තමයි ජපන් රජය අපට ආධාර කළේ. කිසිම ජපන් ව්‍යාපෘතියකින් දූෂණ වාර්තා වෙලා නෑ.” 

ජපානය ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන සැපයුම්කරු. ජපානය පසුගිය මැයි 07 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික සංවර්ධන මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ. මෙම ලිපියේ විදුලිබල මණ්ඩලයේ හානි පූර්ණය කරගැනීම සඳහා වූ ව්‍යාපෘතියක් ද නැවත දැනුම් දෙනතුරු නතර කරන බව සඳහන් කර තිබේ.  

රජයේ නව මූල්‍ය ප්‍රතිපත්තියත්, රජයේ ණයගැතිභාවයත් පිළිබඳව ජපාන රජය ඉතාම  බලගතු අනතුරුදායක සිතුවිල්ලක සිටිනවා ය කියන එක ප්‍රකාශ කරල තියෙනවා. 

ඊට අමතරව ව්‍යාපෘති තුනක් ගැන කියනවා. ආණ්ඩුව ජපානයෙන් ඉල්ලල තියෙනවා ණය ආපසු ගෙවීමට කාලසීමාවක්. ජපාන් ආධාර යටතේ LNG බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමට පසුගිය රජය කාලයේ යෝජනාවක් තිබුණ.
LNG
ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේ දියත් කරපු ලයිට් රේල්වේ සිස්ටම් එක ගැන ඒ අය ඉතාම බරපතල විදියට හිතන බව ප්‍රකාශ කරල තියෙනවා.

අපේ රජය සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතියක් ඇති කළා. ඩොලර් බිලියන 2.2 ක දැවැන්ත මුදලක් ආයෝජනය කරල. ඒ මුදලෙන් ඩොලර් බිලියන 1.8 ක් ම ලැබුණෙ ජපානයෙන්. 0.1% පොලියට.

 JICA ඉතිහාසයේ කිසියම් ව්‍යාපෘතියක සංකල්ප පත්‍රිකාවක් ඇවිල්ල, ඒ ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියට අදාල පරිසර අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියෙන් බලපාන සමාජ කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයක් කරල, උපදේශන මණ්ඩල පත්කරල, ණය ගණුදෙනු අත්සන් කරල, ව්‍යාපෘතිය ඉදිකිරීම් තත්ත්වයට අවුරුදු 03 ක් ඇතුළත ගෙනාපු එකම ව්‍යාපෘතිය මේකයි කියල JICA ආඩම්බරයෙන් ලෝකයට ප්‍රකාශ කලා.


”දූෂිත නිලධාරීන් හා දේශපාලකයින් එකතුවී රට නැවත උකස් කිරීමේ සූදානමක්”

දැන් ඒ නාගරික සංවර්ධන කාර්ය භාරය භාර ඇමතිවරයා මහින්ද රාජපක්ෂ, ඉතාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතුවෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරල තියෙනවා. නතර කරල ඒ වෙනුවට අද 6% පොලියට විදේශ රටවලින්, විශේෂයෙන් චීන සමාගම් වලින් කැලණියේ සිට ඉහළින් යන පාරක් දාන්න යනව අතුරුගිරියට. ඒ සඳහා වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල තියෙනවා. මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන අමාත්‍යාංශයෙන් මැයි මාසෙ 12 වෙනිදා. 

”ඉතාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතුවෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරල තියෙනවා. නතර කරල ඒ වෙනුවට අද 6% පොලියට විදේශ රටවලින්, විශේෂයෙන් චීන සමාගම් වලින් කැලණියේ සිට ඉහළින් යන පාරක් දාන්න යනව අතුරුගිරියට.”


ඒ වගේම මහාමාර්ග අමාත්‍යාංශයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාල තියෙනව. මේ ව්‍යාපෘති කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. කුරුණෑගල සිට නුවර දක්වා වන අධිවේගී මාර්ග කොටස හදන්න ජපන් රජය අපට ආධාරයක් දෙන්න කටයුතු සූදානම් කර තිබියදී අද එයත් අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.

දූෂිත නිලධාරීන් හා දේශපාලකයින් එකතුවෙලා රට නැවත උකස් කිරීමට  යන බව අපිට පේනවා. ආණ්ඩුව මේ කරන්න යන්නේ තවත් දූෂිත ගණුදෙනුවක්. ප්‍රසම්පාදන ක්‍රියාවලියට එරෙහිව විධිමත් ඇගයීමකින් තොරව කරන මේ කටයුත්තක්. 

”අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපිට නැතිවෙගෙන යනව”

මේ මගින් අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපිට නැතිවෙන්න යනව. ලබන වසරේ මේ රටේ සම්පත් රාජ්‍ය දේපොළ විකිණීම සඳහා ආණ්ඩුව දැනටමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ඊට කලින් මැතිවරණය පවත්වල දේශප්‍රේමී කතා කියල නැවත බලය තහවුරු කරගන්න තමයි හදන්නේ.

මේ රටට අවුරුදු  70 ක් බෙහොම හිතවත්ව, ඉහළ ප්‍රමිතියකින් යුතුව අඩු පොලී අනුපාත යටතේ අපට ණය ලබාදුන් ජපානය, අපේ රටට ඉදිරි සංවර්ධනය සඳහා විදුලි බල ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ, දුම්රිය ක්ෂේත්‍රයේ, ජලපද්ධති දියුණු කිරීම යන කෂේත්‍රවලින් ජපානය එළවා ගැනීමෙන් වෙන්නෙ මේ රට දැවැන්ත ණය උගුලක හිරිවීම පමණයි. 

මෙය ධන ලෝභය, කොමිස් ලෝභය සහ බල ලෝභය විසින් වැදගත් රටත්, වැදගත් ආයතනයත් එළවා ගත්තම අනෙකුත් වැදගත් මූල්‍ය ආයතන සියල්ලත් අපේ රටෙන් ඉවත්වෙලා ගිහින් රට තුළ තිබෙන මූල්‍ය අර්බුදය තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයක් බවට පත්වීම තමයි වෙන්නෙ.

”රාජ්‍ය සේවයේ දරුණු බිඳ වැටීමක්.”

කොවිඩ් වසංගතයෙන් පසු අපේ රටේ සෑම තරාතිරමක පුද්ගලයෙක්ම විශාල මූල්‍ය අර්බුදයකට ගොදුරු වෙලා තිබෙනවා. සෑම අයෙක්ටම ආදායම් අහිමිවෙලා තිබෙනවා. බොහෝ දෙනෙකුට රැකියා අහිමිවී තිබේ. අද මූලික ආහාර පාන පවා මිලදී ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටී. රට පුරා ඖෂධ හිඟයක් ඇතිව තිබේ. මුදල් ගෙවාවත් ඖෂධ මිලදී ගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. රාජ්‍ය සේවාවන් දරුණු ලෙස බිඳවැටී තිබේ.

බැංකු, ලීසිං සමාගම්, සීට්ටු යනාදිය මඟින් ගෙවල්වලට උපකරණ ගත්ත, වාහන ගත්ත, ව්‍යාපාර කටයුතුවලට ණය ගත්ත බොහෝ දෙනෙක් අද ණය කාරයන් බවට පරිවර්තනය වී තිබේ. ඒ ඛේදවාචකයේ නරකම දර්ශනයක් තමයි අපි දැක්කෙ සුනිල් ජයවර්ධන මැතිතුමා ලීසිං කොම්පැනි මාෆියාව විසින් පහර දී මරා දැමීම. මේ විදියට බැට කාල ඉන්න ජනතාවට ආණ්ඩුව සහන දෙන්නෙ නෑ, සෑම පැත්තකින්ම දැඩි බදු අයකරගෙන යනව.

ඛනිජ තෙල් මිල පහලටම වැටිල තියෙන වෙලාවෙ සහගහන තෙල්බදු අද ජනතාව වෙත පටවල තියෙනව. ඒ වගේම ගල් අඟුරු මිල පහලටම වැටිල තියෙන වෙලාවෙ මාස ගාණක විදුලි බිල එක පාරටම එවල සහගහන විදුලි බිල් හදල තියෙනවා. ජල බිලත් මාස කිහිපයක බිල එකපාර එවල ජනතාව ඒ පැත්තෙනුත් පීඩාවට පත්කරල තියෙනවා. සහල්, පරිප්පු, සැමන්, අල, හාල්මැස්සෝ වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉතා විශාල පරිමාණයෙන් මේ හයමාසය ඇතුළත ආණ්ඩුව ඉහළ දමා තිබේ.


”ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් දැනට දහයෙන් එකක් ගෙවිල ඉවරයි. ඒ දහයෙන් එක තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් දැනට දහයෙන් එකක් ගෙවිල ඉවරයි. ඒ දහයෙන් එක තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. 

ජනාධිපතිතුමා ජනතාවට සහන දෙන්න බැරි වුණාට ධනපතියන්ට බදු සහන ලබාදුන්න පසුගිය දෙසැම්බර් ඉඳන්. එහි ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවේ ආදායමෙන් තුනෙන් එකක් ආණ්ඩුවට අහිමි වුණා.

”සංචිත පාවිච්චි කරල  ණය ගෙවන්න යනව.” 

අපේ ආණ්ඩුව කාලෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 7.2 ක් සංචිත විදියට සකස් කරල ති‍බුන ආනයන මේ රටට ගේන්න. අත්‍යාවශ්‍ය ආනයන, තෙල්, ඖෂධ, ආහාර, පොහොර වැනි දෑ ගේන්න. දැන් ආණ්ඩුව මොකක්ද කරන්න යන්නෙ ? ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිතුමා හදපු ඒ සංචිත පාවිච්චි කරල  ණය ගෙවන්න යනව. 

මේක ඇත්තටම ගිය ආණ්ඩුවට බැණ බැණ ඒ ආණ්ඩුවෙන් හදපු සංචිත වලින් අත්‍යාවශ්‍ය ආනයන කටයුතුවලට යොදාගන්නෙ නැතිව අද ණය ගෙවන්න යනව.

‘හිතවතුන්ට පමණක් පර්මිට් ලබාදෙන ආණ්ඩුවේ ආනයන සීමා බන්ධනය”

අද අපි බොහොම පැහැදිළිව කියනවා ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් දාල තියෙනව, ඒ සීමා බන්ධනය අද හිතවතුන්ට විතරක් මේ ඩොලර් පර්මිට් ලබාදෙන ක්‍රියාවලියක් අද අනුගමනය කරගෙන යනවා. 

ඒ අතරේ ආණ්ඩුවට මේ ණය පියවාගන්න ණය ගැනීමට නොහැකි තත්ත්වයකුත් ඇතිවෙලා තියෙනවා. ලෝකයේ තියෙන ණය ගෙවීමේ හැකියාව මනින සියලුම ප්‍රධාන ආයතන මගින්  අපිව පහළටම දමල තියෙනවා. තව එකක් පහලට වැටුනොත් අපි බංකොලොත් රටක් බවට පරිවර්ථනය වෙන තත්ත්වයට පැමිණ ඇති බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

CID ය පරිගණකය රැගෙන යාම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය බියෙන්

0

ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්

රැගෙන යාම සමග එහි ඇතුලත් පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බියක් පලවී තිබේ.  

‘නිව්යෝර්ක් ටයිම්ස්’ මාධ්‍යවේදිනියක මෙන්ම ‘සන්ඩේ ඔබ්සර්වර්’ හිටපු කතුවරියද වන ධරිෂා බැස්ටියන්ස් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ජූනි 9 දා ඇගේ නිවසට ඇතුල්වූ CID නිලධාරීන් ඇගේ මුළු නිවසම ඡායාරූප ගතකොට පරිගණකය ඇතුළු ඊට අයත් ආම්පන්න රැගෙන ගොස් ඇත.

මීට ඉහත දෙවතාවක්ම ඇගේ නිවසට වරෙන්තුවකින් තොරව ඇතුල්වී පරිගණකය ගෙනයාමට අසාර්ථක උත්සාහයක යෙදුනු පොලිස් නිලධාරීන් මේ වතාවේ පැමිණ ඇත්තේ වරෙන්තුවක් සමගය.

බරපතල අවධානමක් !

මීට ඉහතදී උසාවි නියෝගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇගේ දුරකථන ඇමතුම් දත්ත ලබාගෙන එම තොරතුරු ප්‍රසිද්ධියට පත්කර තිබුණු හෙයින් එය බියට හේතුවන බව මාධ්‍යවේදිනිය පවසයි.

 “එදා, මෙදා සහ ඉදිරි කාලයේදී  මගේ මුලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස අනතුරේ හෙළිය හැකි පරිදි මගේ  දුරකතන වාර්තා ප්‍රසිද්ධියේ එළිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක ලෙස මම මහත්සේ තැති ගෙන සිටිමි,” යි ධරිෂා  බැස්ටියන්ස් තමන් මුහුණපා සිටින අවදානම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්වු නිවේදනයේ සඳහන් කරන්නීය.

“නීතිය ක්‍රියාවේ යොදවන නිසි ආයතන කරන ඕනෑම විමර්ශනයකට සහාය දැක්වීමට මම සුදානම්ව සිටින අතර  මගේ පරිගණකය විශ්ලේෂණය කිරීමෙන් කිසිදු අපරාධකාරී දෙයක් CID ය විසින් සොයාගනු නැති බව මගේ විශ්වාසයයි.

නීතිය ක්‍රියාවේ යොදවන ආයතන විසින් ගන්නා ලද ලැප්ටොප් පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, දත්ත සහ ලියකියවිලි ඇතුළු වෙනත් මට අයත් විද්‍යුත් ද්‍රව්‍ය/මෙවලම් වල පරිපුර්ණත්වය අවදානමේ හෙලීමට මේගැන උනන්දුවක් දක්වන අංශ විසින් වීරිය කිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් පවත්නා තත්වයන් යටතේ මම මහත්සේ කලබලයට පත්වී සිටිමි.” ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

වෘත්තීය සගයන්ගෙන් ප්‍රශ්න කරලා :

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිදුවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගනු ලැබීමක් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයකට ඇගේ නම පසුගිය මාස කිහිපය තිස්සේම ගාවා තිබුණු බව ධරිෂා බැස්ටියන්ස් සඳහන් කරන්නීය.

ඇය වැඩි දුරටත් කියා සිටින්නේ විශේෂයෙන්ම ඇය පරිහරණය කරන විද්‍යුත් මෙවලම් සම්බන්ධයෙන් ඇගේ වෘත්තීය සගයන්ගෙන් CID ය ප්‍රශ්න කර ඇති බවයි.
theleader.lk

රවිරාජ්ගේ බිරිඳ මෙවර වාවකච්චේරියෙන් මැතිවරණ සටනට …

0

පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ්ගේ බිරිඳ ශසිකලා රවිරාජ් වාවාකච්චෙරියෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටි.
උතුරේ වැන්දඹුවන් බවට පත්ව සිටින 87000 ක් දෙනා වෙනුවෙන් ඇය මෙවර මැතිවරණ සටනට පිවිසෙන බවත් රවිරාජ්ගේ දේශපාලන ගමන් මග ඉදිරියටද ගෙන යන බවත් ප්‍රකාශ කළාය.
ඇය මේ බව සදහන් කර තිබුනේ ඊයේ යාපනයේදි පැවැති මාධ්‍ය හමුවකදිය.
ශසිකලා රවිරාජ් මහත්මිය දෙමළ ජාතික සන්ධානයෙන් මැතිවරණ සටනට පිවිස තිබිමද විශේෂත්වයකි.
වැන්දඹුවන්ගේ ප්‍රශ්ණ විසදාලිම සදහා ඇය රාජ්‍යයේ ආධාර මත පමණක් නොව, ජාත්‍යන්තර ආධාර ලබාගැනිමට කටයුතු කරමින් ඒ අයගේ ජිවන තත්වය නගා සිටුවිමට පියවර ගන්නා බවද අවධාරණය කර තිබුණි. .

පවුලේ ප්‍රධානියෙකු අහිමි වීමේ වේදනාව මම සහ මගේ දරුවන් දෙදෙනා දනිමි ඇය පවසා තිබුනාය.

විශේෂයෙන් තරුණ සමාජය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද කම්පනයෙන් පෙළෙන ගොවීන්ගේ හා ධීවරයින්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හැකි සැම උත්සාහයක්ම යුතු බවද ඇගේ තවත් අවධාරණයක් විය. .
තම මූලික කාර්යය ලෙස වැන්දඹුවන් පිළිබඳ දවිධිමත් දත්ත එක්රැස්කිරිමේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම බවත් ඒ සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබෙන බවද ඇය පවසුවාය..

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මඩකලපුවෙන් අලුත් තැනක් …..

0



භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මඩකලපුවේ නව කාර්යාලයට ගෙනයාම අද සිදුව තිබේ.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්ව සිටි මඩකලපු දිස්ත්‍රික් ලේකම් කලමාති පද්මරාජා පවසා සිටියේ ඇය රාජකාරි භාරගත් දා සිට පාංශු කැණීම් හා මඩ නායයාම අභියෝගාත්මක කාරණයක්ව තිබු බවය.
මෙම ප්‍රදේශයේ පාංශු ඛාදනය පිළිබඳ ගැටළු විසඳීම සඳහාත්, භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය හා අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ එක්ව මෙම ගැටලුව විසඳීම සඳහාත්, මෙම රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සහතික කිරීම සඳහාත් මගේ වැඩවලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇති බවද ඇය තවදුරටත් මෙහිදි අවධාරණය කර සිටියාය.

ඊට අමතරව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී පාංශු ඛාදනය පාලනය කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසපොලිසියෙන් හා හමුදාවෙන් ඉල්ලා සිටියාය.

.