Sunday, September 22, 2024
Home Blog Page 97

ට්‍රැක්ටරයක් ගඟට වැටේ .රියදුරු බේරාගැනේ …

0

මඩකලපුවේ ග්‍රාන්-පුලිපයාන්තගල් මාර්ගය හරහා ගමන් කළ ට්‍රැක්ටරයක් ගඟට වැටී තිබේ.
එහි රියදුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් බේරාගෙන තිබේ.
අනතුරැදායක මේ මාර්ගය ඉතා අබලන් තත්ත්වයේ පවතින බවත් දීර්. කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය කර නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.
විවිධ පක්ෂවල ඉල්ලීම් කෙරෙහි කිසිවෙකු අවධානය යොමු කර නොමැති බව ජනතාව කියති.
මුලාශ්‍රය – battinews.com


මීගමු මාළු ලෙල්ලමේ අම්මලාටත් PCR පරික්ෂණ ….

0

කොරෝනා තත්වය පාලනය කිරිම සදහා වැඩි වැඩියෙන් PCR පරික්ෂණ කළ යුතුයැයි ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළ දේශපාලකයා වුයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහය.
කෙසේ වෙතත් ඒ අකාරයෙන්ම රජය එයට ප්‍රතිචාර නොදැක්වුවද අතරින් පතර දැන් PCR  පරික්ෂණ සාමාන්‍ය ජනයා සිටින තැන්කරාද පැමිණ තිබේ.
පසුගියදා මිගමුව කුට්ටිදුව මාළු වෙළද පළේ මාළු වෙළෙන්දියන් පිරිසක්වද මෙසේ PCR  පරික්ෂණ වලට ලක්කර තිබුණි.

PCR 2
PCR 3

ලිංඟික ශ්‍රමිකයින්ට වෘත්තීය ගෞරවයක් සහ පිළිගැනීමක් හදමු

0

messenger sharing button

“මචං බඩු ස්පොට් වලට කොරෝනා සිරාවටම කෙළෙව්වනෙ”….මෙහෙම කිව්වෙ මගේ හිතවතෙක්….”

බඩු ස්පොට්” කිව්වෙ මොනවද කියල දන්නවනෙ….ඒ තමයි ලිංඟික ශ්‍රමිකයො ඉන්න තැන්….ලංකාවෙ ඒක තහනම් ගර්හිත වෘත්තියක්..වැඩේ යන්නෙ හොරාට..එක්කො පොලිසියෙ සපෝට් එක ඇතුව..

මම නම් කියන්නෙ මේව රජයේ ලියාපදිංචි කරල හොඳ සනීපාරක්ෂක විදිහට පවත්වන්න අවසර දෙන්න ඕන..ඒ වෘත්තියට අනෙක් වෘත්තීන් ලැබෙන ගෞරවය සහ පිළිගැනීම හදන්න ඕන…

ඇත්තටම අර යාලුවගෙ කතාව හරි……ලිංඟික ශ්‍රමිකයාගේ රස්සාවට කොවිඩ් 19 තදින්ම බලපෑව…..ඒකෙ නිරතවුණ විශාල පිරිසක් හිටිය…..ඈත ගම්වලින් ආපු හුඟක් තරුණියො නගර ආශ්‍රිත ස්පා වල, සමාජ ශාලා සහ තරුපන්තියෙ හෝටල් ආශ්‍රිතය මෙම වෘත්තිය කරගෙන ගියා….

ඒක නාගරික මැද පන්තියෙ සහ ඉහළ පන්තියෙ වගේම සංචාරකයන්ගෙ ලිංඟික අවශ්‍යතා වලට විශාල සැපයුමක් හැටියට ක්‍රියාත්මක උනා….ඒක සොසයිටි එක බැලන්ස් කරන්න සෑහෙන වටින කාර්යභාරයක් කරපු සර්විස් එකක්…..

ලෝකෙ දියුණු රටවල් ඒක පිළිගත් වෘත්තියක් හැටියට විධිමත්ව පවත්වගෙන යන්න අවසර දීල තියෙන්නෙ ඒකයි….

බුද්ධ කාලයෙත් තිබුණ ඉපැරණිම වෘත්තිය…අම්බපාලියට වෙන රස්සාවක් හොයා ගන්න කියල බුදුන්වහන්සෙ කියල තරවටු කරල තිබුණෙත් නෑ….

මරියා මග්දලේනට මිනිස්සු ගල් ගැහුවට අම්බපාලියට එහෙම උනේ නෑ…අවබෝධයෙන් පිවිසෙන්නත් කැමැත්තෙන් අත් හරින්නත් නිදහස තිබුණ….

දැන් කොවිඩ් වගේ තත්වයකදි ඒ කර්මාන්තයට සහ ඒ ආශ්‍රිත වෘත්තීන්ට සෑහෙන බලපෑමක් වෙලා වගේම ඒක පාරිභෝගිකයන්ටත් විශාල බලපෑමක් කරනව…

ලිංඟික අපරාධ වැඩි වෙන්නත් ඒක බලපාන්න බැරි නෑ….මොකද සවභාවික සමබරතාව ගිලිහුනහම විකෘතියක් හිස ඔසවන්න පුළුවන් නිසා.. (දැන් ඉතින් බුදුබණ කියාගෙන එන්න එපා )

(රවී සිරිවර්ධනගේ FB පිටුවෙන්)

රාජපක්ෂ පාලනයේ මර්ධනයට එරෙහිව සාමුහික විරෝධයක් ..

0

නිරෝධායනයට මුවා වි ජනතා උද්ඝෝෂණ මර්ධනය කරන රාජපපක්ෂ පාලනයට එරෙහිව ඒකාබද්ධ විරෝධතාවයක් ඊයේ ලිප්ටන් වටරවුමේදි සංවිධානය කර තිබුණි.ඒ වෘත්තිය සමිති,දේශාපලන පක්ෂ සහ සිවිල් සංවිධානවල ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙසිනි.
පසුගියදා කොල්ලුපිටියේ පැවැති පෙරටුගාමින්ගේ උද්ඝෝෂණයට අමානුෂික ලෙසින් පොලිසිය විසින් පහරදිමෙන් අනතුරුව ඒ අමන ක්‍රියාවට මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්ධනිය පියවරයන් වලට එරෙහිව පැවැති පළමු විරෝධතාවය වන්නේද මෙයයි.

රංජන්ට සජිත්ගෙන් වාරණයක් ?

0

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂය අපේක්ෂකයන් සහ සෙසු පක්ෂ අතර කිසියම් ගැටුම්කාරි තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ.තවදුරටත් ඉහළ යමින් පවතින බව එහි ආරංචි මාර්ග කියා සිටියි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු වන මනෝ ගනේෂන් මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය නොසලකා හරිමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම පවත්වමින් සිටීන බව ඇතැම් මාධ්‍ය වල සදහන්ය.

මංගල සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද මැතිවරණය කටයුතුවලින් ඉවත් වී ඇත්තේ ඔහුට දේශපාලන වේදිකාවේ අදහස් පළ කළ යුතු ආකාරය සහ හැසිරිය යුතු ආකාරය ගැන සජිත් ප්‍රේමදාස මහතා විසින් උපදෙස් ලබා දීම නිසා ඇති වූ මතභේදයක් නිසා බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය සදහන් කර තිබුණි.

මේ අතර ඊයේ මිගමුවේ පැවැති සමගි ජනබලවේගයේ ක්‍රියාකාරින්ගේ හමුවකදි රන්ජන් රාමනායක විසින් කියන්නට යෙදුන කරුණු තුලින් පැහැදිලි වුයේ ඇතැම් කරුණු දැක්විම් වලට අදාලව සජිත් ප්‍රේමදාස යම් සිමාවක් රංජන් හට පනවා ඇති බවයි.
විශේෂයෙන්ම වොයිස් කට් ස්වාමින්වහන්සේලා ගැන ගැන කියන්නේ නැතිදැයි රංජන්ගෙන් විමසා සිටියදි ඔහු මෙම අදහස පළකර තිබුණි.

ජීවන් තොන්ඩමන්ට පියාගේ තනතුරම

0

 ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහා ලේකම් තනතුරට ජීවන් තොන්ඩමන් පත්කර තිබේ.   මිට පෙර එම තනතුරේ කටයුතු කරන ලැබුවේ ඔහුගේ පියා වන අභාවප්‍රාත්ත හිටපු අමාත්‍ය අරුමුගන් තොන්ඩමන් මහතායි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තිරණය කර ඇත.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දීමට එක් මතිකව තීරණය කර ඇත.ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමීමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.

වැලි බලපත්‍ර පරික්ෂා නොකිරිම මැතිවරණ අල්ලසක් ?

0

රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු වැලි ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා නොකරන්නැයි වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙන බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.

ජුනි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙස පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යවරයා තමාට උපදෙස් ලබාදුන් බව එහි සභාපති අනුර වල්පොල මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.
මෙය ඉතා පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක විම ආරම්භ වු අල්ලසකි. ඒ වැලි ජාවාරම්කරුවන්ට අතදිගහැර හම්බකරන්නට ඉඩ දිමත් පෙරලා එ අයගේ සහය මැතිවරණ ව්‍යාපාරයට ලබාගැනිමත් මෙහි යටි අරමුණය.
මේ අතර විමල් වීරවංශ, එස්.එම් චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් මනම්පිටිය වැලි නිදය යොදාගෙන දැවැන්ත වැලි ජාවාරමක නිරතව සිටින බවට පසුගියදා එම ප්‍රදේශයේ ජනතාව විසින් අනාවරණයක්ද කරන ලදී.

අනේ අපි හිරිවැටුණට සුදු නෙළුම් පිපෙයි තවමත් සොර බොර වැවේ

0

Article Updated: June 14, 2020 Leave a comment

මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කලුවර යා වුනා

සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ….

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

රත්න ශ්‍රී විසින් රචනා කරපු පණ්ඩිත් අමරදේව ගායනා කරන මේ ගීතය රචනා වෙලා දැන් දශක දෙකහ මාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනව.ඔබ මේ ගීතය රස විඳලා ඇති.රසවින්දන වැඩසටහන් වල දී මේ ගීතය රස වින්දනය සඳහා තෝරා ගන්නවා . ඒ බොහෝ අවස්ථාවලදී කථකයන් ප්‍රකාශ කරනවා මේ ගීතයේ පසුබිම් කතාව. ගීත පිළිබඳව කතා කරන හැම තැනකදිම වගේ රත්න ශී විජේසිංහ මේ ගීතයට පසුබිම් වෙච්ච ඒ කතන්දරය කියනවා. අසන්නෝ ඒ කතාවට සංවේදී වෙනවා. දුක්බර ඇස් බිම තියාගෙන මේ කතාවට ඉතාමත් සාවධානව සවන් දෙනවා.

මොකක්ද මේ කතාව.

මහියංගනය පැත්තෙ දුප්පත් දරුවෙක්ට වෙච්ච ඉරණමක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. අන්ත දුගී අසරණ පවුලක මේ දැරිය තමන්ගේ පාසල් ගමනට අවශ්‍ය කරන ආම්පන්න ටික ලබාගන්න නෙලුම් මල් කඩල විකුනනවා . මේ අවාසනාවන්ත දවසේ වර්ෂාව හේතුවෙන් වැවේ වතුර වැඩිවෙලා දරුවා සැඩපහරට හසුවී මිය යනවා .ඇගේ පවුලේ දුප්පත්කමේ ප්‍රමාණය කියන්න මේ ගීතය කතා කරන හැම අවස්ථාවකදිම දැරියගේ මළ මිනිය තිබුණු තාවකාලික යාලත්ත ගැනත්, අන්දපු ඇඳුම පිළිබඳව සහ ඇගේ නිවසේ ප්‍රමාණය කියනවා . සමස්ත කතාව අසන්නා හෝ ප්‍රේක්ෂකයා දුකට පත්වෙලා අඬන්න ඔන්න මෙන්න කියන තැනට පත්කරනවා, නැත්නම් අඩවනවා.

ගීතයේ දෙවැනි කතාවේ හැටියට රත්න ශ්‍රී විජේසිංහ තවත් කතාවක් කියනවා. අමරදේවගෙ ප්‍රසංගයකදී මේ ගීතය පිළිබඳ විස්තරය කියලා ගායනා කළට පස්සේ ඕඩියන්ස් එක ඇඩුවා කියන කතාව. අර දැරියගේ මරණය සිදු වෙච්ච වෙලාවෙ ගමේ මිනිස්සු දහයක් පහළොවක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ සුළු පිරිසටත් මරණය ගැන කම්පනයක් ඇතිවෙලා නැහැ. ඔවුන් දුකට පත්වෙලා නැහැ, අඩල නැහැ. එහෙම වෙන්න ඇත්තෙ ඇයි? අපට හිතන්න වෙන්නේ ඒ ගමට මෙවැනි සිද්ධීන් සාමාන්‍ය දේවල් බවයි. ඔවුන්ගේ හදවත කම්පන සීමාවෙන් ඔබ්බට ගමන් කරල හිරි වැටිලා තියනවා කියන එකයි. ඒ නිසා ඔවුන්ට මෙවැනි මරණ තව දාහක් සිද්ධ වුණත් කම්පනයට පත් වෙන්න අඬන්න ඇස් දෙකට කඳුළු නැහැ.

ඉතින් අමරදේවගෙ ප්‍රසංගය නරඹපු ඒ ඕඩියන්ස් එක ඇයි ඇඬුවේ? එහෙම වුනේ මුලින්ම ගීතයට අදාල කතාව කියලා ‍ප්‍රේක්ෂකයාව ප්‍රේම් කරපු නිසයි. ඔය කියන ප්‍රේක්ෂකාගාරය කෙනෙක්ට මේ දැරියව වැරදීමකින් හෝ සජීවීව හමුවුනොත් ඇය කෙරෙහි අනුකම්පාවක් උපදී ද. අපි දන්නා අයුරින් එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. කොටු කරලා දෙන තැනක කම්පනය වෙන්න දැන් අපේ සමාජය මාර දක්ෂයි.

මේ ගීතය දෙවැනි කතාවෙන් කියැවෙන ආකාරයට අපේ සමාජය මේ කියන තරම්ම කම්පනය ඇති වෙන සමාජයක් ද? ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට අසාමාන්‍ය මරණ තුනක් සිදු වෙලා තියෙනවා.

  • පළමු මරණය පැහැරගත් ත්‍රීවිල් රථය මුදාගන්නට, කරුණු ඉදිරිපත් කරන්න, මුල්‍ය ආයතනයකට ගිය ත්‍රීවිල් රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ මරණය.
  • දෙවන මරණය ‘ශ්‍රීලන්කන්’ සමාගමේ විධායක නිලයක කටයුතු කළ, පසුකාලයක ඒම ගුවන් සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කිරීම නිසා රටේ අවධානයට ලක්වුණු රජීව ජයවීරගේ මරණය
  • තුන්වන මරණය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියා රිය අනතුරකින් මරණයට පත් උනා කියන සිද්ධිය.

මේ මරණ තුනටම අදාළව ජනතාවට ඒත්තු ගන්වන්න අවශ්‍ය කරන සාමාන්‍ය මරණ යයි කියන්න පුළුවන් කරුණු මේ මරණ තුන ඇතුලෙම තියෙනවා. ඒවගේම මෙම මරණ තුන ඇතුලෙම තියෙනවා රජ්‍ය ක්‍රියාවලියේ හොර මැර දූෂිත වංචා වලට එරෙහිව ක්‍රියා කරපු පුද්ගලයෝ කියන කරුණ.මේ මරණ වලට අදාළව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම නීතියේ වැඩක්. හැබැයි මේ පවතින නීතිය මෙතෙක් ක්‍රියා කර තිබෙන ආකාරය අනුව ඒ කෙසේ සිදුවේ දැයි කියලා අපිට හිතන්න බැහැ.

උදාහරණ විදිහට කියනවනම් එසේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙච්ච මරණ කිහිපයක් ඔබට මතක් කරන්න පුළුවන්.

  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
  • අසිත සිසිත දෙදෙනාගේ මරණය
  • තාජුඩීන් ඝාතනය

මේ මරණය සියල්ලම මිනිමැරුම්, ආණ්ඩු කීපයක් මාරු වුණත් ඔවුන්ගේ මරණ වලට වරදකරු වෙන කිසිවෙක් තවම තහවුරු කරලා හෝ ඊට අදාලව හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරල නෑ. මේ කතාවෙ අරමුණ නීතිය ගැන හෝ මෙම මරණ පිළිබඳව වගකිව යුත්තේ කවුද කියන එක පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීම නෙමෙයි. අපේ සමාජය මේවා හමුවේ ඉන්නේ කොතැනද කියන එක පිළිබඳව මඳක් සිතා බැලීමට පෙළඹවීමයි.
සමන්සිරි හේරත්
vivaranews.com

තලේබාන් ළමා මනාලියන් වගේම කුඩා දරුවන් මහණ කිරීම ද සාහසික ක්‍රියාවක් – මංගල

0

තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික ලෙස එම දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

‘ට්විටර්’ පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ, කුඩා ගැහැණු දරුවකු පැවිදි කිරිමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සංවේදී ජයාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් මංගල සිය ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් කර ඇත.

”කුඩා ගැහැණු හා පිරිමි දරුවන් භික්ෂු භික්ෂුණියන් ලෙස පැවිදි කිරීම කොටින්ගේ ළමා සොල්දාදුවන් හා තලේබාන් ළමා මනාලියන් තරමට කම්පනයට පත් කරන්නක්. මෙය ඉතා සහාසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.”
theleader.lk

103304407 2589258887841760 2655335992276294044 o

සජිත් පිළට ගිය මිගමුවේ මන්ත්‍රිලා අනාථයි ?

0

එජාපෙන් නාගරික මන්ත්‍රිධුර ලබා සමඟි ජන බලවේගය වෙනුවෙන් දේශපාලනික කටයුතු කරන මිගමුෙවේ ඇතැම් නාගරික මන්ත්‍රිලා හට සිය මන්ත්‍රිධුරය අහෝසිව යෑමේ නියත ඉඩකඩක් දැන් මතුව තිබේ.
එජාප මහලේකම් විසින් දැනටමත් දන්වා ඇති ප්‍රකාරව මිගමුවේ මන්ත්‍රින් පිරිසක් දැනටමත් සජිත් පිලට දේශපාලනික එක්ව සිටි.
මේ අය කව්ද යන්න පිළිබදව සාක්ෂි සාධක සහිතවම මේ වන විට කරුණු ඔප්පුවෙමින් තිබේ.
මේ පසුබිම යටතේ මිගමුවෙ කලු සල්ලි දේශපාලනය  සමිප සම්බන්ධතා පවත්වාගනිමින් සිටින ඩිල් දේශපාලනයන නියැලි සිටි මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරුන් පිරිසකගේ දේශපාලන ඉරණම මේ අනුව ලගදිම තින්දුවිමට නියමිතව තිබේ.
විශේෂයෙන්ම අද මීගමුවේ පැවැති සමඟි ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරින්ගේ හමුවට මිගමුව එජාප විපක්ෂ නායක රවි ජිවානන්ද ඇතුල මන්ත්‍රිවරුන් පිරිසක් එක්ව සිටින ලදි.
මේ අයගේ නම් මිගමු සමඟි ජන බලවේගයේ අපේක්ෂක දොස්තර කාවින්ද ජයවර්ධන විසින් වේදිකාවේ සිට දැනුම් දි ඇත.
ඒ අනුව විපක්ෂ නායක රවි ජිවානන්ද , නාගරික මන්ත්‍රි මාක් සුජිත්,නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි, නාගරික මන්ත්‍රි නිව්මන් , නාගරික මන්ත්‍රි සජිත් මෝගන්,නාගරික මන්ත්‍රි  ශ්‍රිනික, නාගරික මන්ත්‍රි නස්මියාර්, නාගරික මන්ත්‍රි ගෝමස්,නාගරික මන්ත්‍රි මනෝජ්, සහ නාගරික මන්ත්‍රි රෝෂාන් යන අයගේ නම් අද රැස්විමට පැමිණ සිටි අය ලෙසින් තහවුරු කොට තිබේ.
එජාප මහලේකම් විසින් දැනමටත් දැනුම් දි ඇති පරිදි මේ අයට එරෙහිව  පරික්ෂණ ඉදිරියේදි ක්‍රියාත්මක විමට නියමිත බව නම සදහන් කිරිමට අකමැති ජේෂ්ඨ එජාප ක්‍රියාකාරිකයෙකු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
මේ මන්ත්‍රිවරුන් පිරිසෙන් එක් අයෙකුවත් ලංසා පවුලේ ජනතා විරෝධි කිසිදු ක්‍රියාවක් ගැන පසුගිය කාලය තුල මිගමුව මහනගර සභාව තුල තිරාණාත්මක මැදිහත්විමක් නොකළ අය ලෙසින් හදුනාගෙන තිබිමද  මෙහිදි විශේෂයෙන්ම සදහන් කළ යුතුය.
එමෙන්ම ලංසා පවුල ආශිර්වාදයද ලබාදි පත්කරගත් මුල්‍ය කමිටු සාමාජිකයන් දෙදෙනෙකුද මේ අතර වෙති.