Sunday, September 22, 2024
Home Blog Page 96

ත්‍රිමලේ කලපු ඉඩම්වල හෝටල් හදන්න අවසරදීලා?

0

තිරිකුණාමල දිස්තිුක්කයේ සාමිබල්තිවි කලපුවට අයත් ඉඩමිවල හෝටල ඉදිකරන්න ව්‍යාපාරිකයන් පිරිසකට අවසරදීලා.

‍මෙම ඉඩමි හිමි ව්‍යාපාරිකයන් පිරිස දෙමළ දේශපාලනඥයන්ගේ සමිප හිතවතුන් බව අනාවරනය වි තිබෙි.
වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට හා වෙරළ සංරක්ෂ දෙපාර්තමේන්තුවට අයත් මෙම ඉඩමිවලට ව්‍යාපාරිකයන්ට
ඹප්පු ලැබුනේ කෙසේද?
කලපු භුමියේ කෝවිලකුත් ඉදිකරන තෙක් අදාල නිළධාරින් නිහඩව හිටියාද? නිහඩ කලාද?
2009 වසරේ සිට මෙම වටිනා කලපු ඉඩම ගොඩකරමින් ඉඩමි අත්පත්තරගෙන තිබෙි.
මෙසේ කලපු ඉඩමි අත්පත්කරගෙන ඹප්පු සකසාගෙන ඇති ඉඩමි ප්‍රමාණය අක්කර 40කට ආසන්නය.
‍මෙම කලපු ඉඩමි ව්‍යාපාරිකයන්ට ලබාදිමට මැදිහත් වු රජයේ ඉහළ නිළධාරියකු ඔහුගේ ඥාතියකු නමින් තිරිකුණාමලය නගරයේ ඉන්ධන පිරවුමි හලක් මිලට ගෙන ඇති බවටද නගරවාසින් කරන චෝදනාව ඇත්තක් ද ?
අනාගත පරපුර වෙනුවෙන් සාම්බල්තිව් කලපුව රැකගමු .

නයන සංජීව

සාම්බල්තිව් කලපුව රැක ගැනීමේ එකතුව

ඌවේ අලින්ගේ වාසභුමිය පැලවත්ත සමාගමට .???

0

රාජපක්ෂ පාලනයට පරිසරය සතා සිපාවා ගැන වගේ වගක් නැත.
මේ දිනවල වැලිකොල්ලය ජයටම කරගෙන යෑමට ඉඩ දි තිබේ.
දැන් වන රක්ෂිත දෙසටද අවධානය යොමුකරමින් තිබේ.
නයන සංජිව සිය මුහුණු පොතේ තබා ඇති සටහන අනුව මෙය ඉතා පැහැදිලිය.
ඔහු මෙසේ ඒ ගැන සටහන් තබා තිබුණි.
වන්දම-දෙමලිය යෝජිත වනඅලි කළමණාකරන රක්ෂිතයෙන් උක් වවන්න පැල්වත්ත සීනි සමාගම අක්කර 7500ක් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙන් ඉල්ලයි.
ලුණුගමිවෙහෙර සිට හදපානාගල දක්වා වනඅලි සංක්‍රමණික මාර්ගය වැටි අත්තේ වන්දම දෙමලිය වනාන්තර හරහායි‍‍
‍නේවාසික වන අලි 40-60කගේ වාසභුමිය මෙම ප්‍රදේශයයි.‍‍
‍මෙම භුමිය දුන්නොත් වනඅලි වැල්ලවාය-තණමල්විල වනසාවි-ගමිවාසින්
පහළ ඌවෙි අලි-මිනිස් ගැටුම හැදුවෙත් පැල්වත්ත සමාගමයි
පැල්වත්ත සමාගමෙි අලුත් කළමණාකාරිත්වයවන සංරක්ෂණ දේපාර්තමෙින්තුව නිහඩකර අද(18) බැසිල් රාජපක්ෂ මහතා සමග මෙි ඉඩමි නිදහස්කර ගැනිම සදහා විශේෂ සාකචිජාවක්.

නයන සංජීවගේ FB පිටුවෙන් උපුටා ගැණුනි.

උතුරේ සිදුකෙරෙන වැලි කොල්ලයට ප්‍රදේශවාසින්ගේ විරෝධය..

0

මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල විවිධාකාර නිතිවිරෝධි කටයුතු වර්ධනය වෙමින් තිබේ.
මේ අතර වැලිකැණිම් පිළිබද ප්‍රශ්ණ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලදි ප්‍රබල ලෙස සිදුවෙමින් තිබේ.
මන්නාරම නැගෙනහිර වඩමරච්චි හි පුද්ගලයෙකුට වැලි කැණීමේ බලපත්‍ර ලබා දීමට විරෝධය පළ කරමින් ඒ ප්‍රදේශවාසින් අදත් උදෑසන යළි එක්රැස්වි තිබුණි.මෙම අවස්ථාවට හිටපු දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරාන්ගේ මැදිහත්වීම නිසා තත්වය තවත් උග්‍ර විය.

වැලි කැණීම් සදහා සීමාවන් තිබියදීත් වැලි කැණීමට පුද්ගලයන්ට අවසර ලබා දී තිබිම ප්‍රදේශවාසින්ගේ මේ අඛණ්ඩ විරෝධතාවයට හේතුවි තිබුණි.
මුලාශ්‍රය සහ ඡායා – යාල්තිනකුරල් /හම්සන් යාපනය /නිදර්ශන් යාපනය

දකුණේ ධීවරයන්ගේ මාළු දඩයමට එරෙහිව යාපනයේ විරෝධතා

0

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම නතර කිරීමට මැදිහත් වන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

වඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ජුනි 17  බදාදා පැවැති විරෝධතාවය සංවිධානය කර ඇත්තේ යාපනයේ ධීවර සංගම් නියෝජිතයන්  පිරිසක් විසිනි.

ප්‍රදේශයේ  ධීවරයන්ගේද සහභාගීත්වයෙන් පැවැති  විරෝධතාවයේදී ධීවර සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ, මේ වන විට යාපනය මුහුදේ  පුත්තලම, හලාවත, මීගමුව හා කල්පිටිය ආදී ප්‍රදේශයන්හි සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයන්   මසුන් මැරීමේ නිරත වීම නිසා  යාපනයේ ධීවරයන්ට දෛනික ධීවර කටයුතු සිදු කරගැනීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවයි.

ඉන්දීය ධීවරයන්ගෙන් සිදුවන බලපෑමට අමතරව දේශිය සංක්‍රමණික ධීවරයන්ගේ තහනම් දැල් ආම්පන්න නිසා උතුරේ ධීවරයන්ට බාධා රැසක් එල්ල වන බව එහිදී ධීවර සංගම් නායකයන් පෙන්වා දී තිබේ.

උතුරේ  ධීවරයන්ට බලපා ඇති ගැටලුවලට විසදුම් ලබා දීම සදහා වහාම රජය මැදිහත්  වන ලෙස ඉල්ලමින් විරෝධතාවය දියත් වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

Protwest Jaffna

විරෝධතාවය අවසානයේ  දී  මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් භාර දීමටත් විරෝධතා කරුවන් පියවර ගෙන තිබේ.

උතුරේ ධීවරයන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන්  මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ, සංක්‍රමණික ධීවර ගැටලුව විසදන ලෙස   අවස්ථා කිහිපයකදීම රජයට බලපෑම් කළත් මේ තාක් විසදුම් ලැබී නැති බවයි.

“එක අතකින් එය ජාතීන් අතර ප්‍රශ්නයක් වෙයි,  දිස්ත්‍රීක් අතර ප්‍රශ්නයක් වෙයි,  කියලා බලධාරීන් මඟහරනවා වගෙත් පේනවා. නමුත් විසඳුමක් ලබා දිය හැකි පැතිකඩ අපි රජයට පෙන්වා දී තිබෙනවා,” යි ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම නතර කරන ලෙස රජයට  බල කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් ජුනි 15 සදුදා දිනයේත් වඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ම විරෝධතාවයක් පවත්වා තිබු අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් එහිදී චෝදනා කර තිබුනේ දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම සදහා ආණ්ඩුව සහ නාවික හමුදාව සහාය ලබා දෙන බවටයි.
theleader.lk

විදෙස් සංචාරකයන්ට පොදු ප්‍රවාහනය තහනම් කෙරේ ?

0

විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්‍ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

ඒ අනුව කිසිදු විදෙස් සංචාරකයෙකුට බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම විශේෂ මාර්ගෝපදේශ යටතේ සිදුකරන බව ඇය කීවාය.

කොවිට් 19 වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මෙම මාර්ගෝපදේශ සකස් කළ බව ද ඇය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි හෝටල් සඳහා වෙන්කර ගැනීම් කළ හැකි අතර සංචාරකයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙරත්, පැමිණි පසුත් පී.සී.ආර් පරීක්‍ෂණ කරගත යුතු බවද ඇය පැවසුවාය.

මෙරටට පැමිණි පසු සිදුකරන පරීක්‍ෂණයෙන් ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බව තහවුරු වුවහොත් පමණක් කොවිඩ් සහතිකලත් නවාතැන් ස්ථානයකට යාමට අවසර හිමිවන බව ඇය කීවාය.

ඉන්පසු ඔවුන් රැඳී සිටින කාලයේදී දවස් 5-7 අතර මෙන්ම  දවස් 10-12 අතර වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ කරන බවත් ජංගම ඒකකයක් හරහා පහසු ආකාරයෙන් මෙම පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මෙරටට පැමිණ වීසා ලබාගැනීමේ ක්‍රමවේදය නතර කර ඇති අතර සංචාරකයින් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු බවත්, ඊට අදාළ අයදුම්පතෙහි සංචාරකයාගේ ගමන් විස්තර, සැලස්ම, වෙන්කළ ස්ථාන ආදී අලුත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ද සභාපතිනිය පැවසුවාය.

ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු නවාතැන් ගන්නා හෝටලයෙන් සංවිධානය කළ යුතු අතර සහතිකලත් හෝටල් සහ සංචාරක නියෝජිතයින් පිළිබඳ විස්තර වීසා අයදුම්පතෙහි ඇතුළත් කරන බව ද ඇය කීවාය.

පිටු 90කින් පමණ යුතු මාර්ගෝපදේශ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් වෙත ලබා දී ඇතැයි සභාපතිනිය පැවසුවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින් නවාතැන් ගන්නා තරු පංතියේ හෝටල් ඇතුළු ලියාපදිංචි නවාතැන් පහසුකම් සපයන්නන්ට මේ සඳහා සහතිකයක් ලබාදෙන බවත්, ඔවුන් කොවිඞ් වසංගතයෙන් ආරක්‍ෂාවීමට අදාළ නියාමනයන් පිළිපදින්නේද යන්න සොයාබලන බවත් ඇය කීවාය.

ජනපති සමාව අරන්: මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීන්දුව හකුලා ගනී!

0

messenger sharing button

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද මේවනවිට

එම තීරණය වෙනස්කර ගෙන ඇතයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම කම්පනය හේතුවෙන් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට වෛද්‍ය උපදෙස් ද ලබා ගැනීමට පවා සිදුව ඇත.

ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ,  රටේ ආර්ථිකය කඩා වැටෙද්දී මහ බැංකුවේ බළධාරීන් නිදා සිටින බවයි.

ජනාධිපතිවරයා මහ බැංකුවේ ප්‍රධානීන්ට තර්ජනය කරමින් බැනවැදුණ ආකාරය දැක්වෙන දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියලු රුපවාහිනී නාලිකාවට ලබාදී තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර තිබිණ. මෙම තත්වය තුල  මහ බැංකු සභාපතිවරයාට වහාම තනතුරින් ඉල්ලා අස්වැන්නයි ඔහුගේ පවුලේ හිතවතුන් ගෙන්ද දැඩි බලපෑමක් එල්ල වී තිබු බවද වාර්තාවේ.

කෙසේවුවද සිද්ධියෙන් අනතුරුව ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා අමතා සමාව ඉල්ලා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගී වූ සියලු දෙනාවෙත තමාගේ කණගාටු දැනුම් දෙන ලෙසද දැනුම් දී ඇත.  

මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යඥයෙකු වන ඩබ්.ඩී. ලක්ෂ්මන් පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා, මෙරට 15 වැනි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩබාර ගත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ නිර්දේශය මතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ ආශිවාදය ද ඔහුට ලැබී තිබිණ.

‘සමාව ගැනීමට අදාල විස්තරාත්මක පුවත්පත් නිවේදනයක් අවශ්‍යයි’ -‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහන් කර ඇත.

Post 1
Post 1 1
Post 2

‘දැනට ඉන්න කණ්ඩායම එක්ක ආර්ථිකය නගා සිටුවන්න බැහැ’ – අජිත් නිවාඩ් කබ්රාල්

කෙසේවුවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ, මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා (16) සිදුකළ ප්‍රකාශය සමග තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවයි. අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවට ඔහු චෝදනා කර සිටියි.

සිදුව  තිබෙන වැරැද්ද නිවැරදි කරමින් එම ආයතනය නැවත ස්ථාපනය කර රටේ ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවත් එහෙත් දැනට ඉන්නා කණ්ඩායම සමඟ නම් එය කළ නොහැකි බවද හිටපු මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි.
theleader.lk

ගිනි නිවන්න යද්දි අනතුරකින් මිය යාපනයේ ගිනි බටයාගේ අවමඟුල අද !

0

යාපනය නාගරික ගිනි නිවන භටයෙකු වන අමරාර් ඒ. සකයරසා මහතාගේ ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුනේ පේදුරුතුඩුවේ ගින්නක් නිවිමට යමින් සිටියදි ගිනි නිවන රථයේ ටයරයක් ගැලවි යාම හේතුවෙන් සිදුව තිබු අනතුරකිනි.
ඔහුගේ අවසන් කටයුතු අද යාපනයේ නාගරික ගිනි නිවීමේ ඒකකයේ දී පැවැත්විණි.
සිය සහෝදර සේවයකන්ද ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිට තිබේ.
මුලාශ්‍රය- යාල් තිනකුරල්

ටයර ගැලවි යාම නිසා අනතුරට පත් රථය

0

පාලිතගේ සුවදුක් විමසන්න රනිල් රෝහ­ලට යයි .

Thursday, ජුනි 18, 2020 – 01:00 පුවත්

හදිසි හෘද සැත්ක­ම­කින් පසු දැනට රෝහලේ ප්‍රති­කාර ලබන එක්සත් ජාතික පක්ෂයේ කළු­තර දිස්ත්‍රික් අපේ­ක්ෂක පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ සුව දුක් බැලී­මට පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඊයේ ( 17 ) රෝහ­ලට ගොස් තිබුණි.
පසුගිය කාලය තුල ජනයා විපතට පත්වු සෑම අවස්ථාවකම නීතිය පවා නොබලා ඒ අයට පිහිට විමට මැදිහත්වු දේශපාලකයෙකු ලෙස ප්‍රකට වු හිටපු ඇමති පාලිත තෙවරප්පෙරුමට සමාජ මාධ්‍ය පිටුවල පවා ඉක්මන් සුවපතා වු විශාල සටහන් ප්‍රමාණයක් දැකගතහැකි විය.
පක්ෂ බේදයකින් තොරව ඒවා පළකොට තිබුණි.

වැඩිම අලෙවිය සින්ක්

ලෝකයේ හැටහුටාමාරක් පක්ෂ ඇති එකම රට ලංකාවයි. මේ හැම පක්ෂයකටම ලකුණක්ද ඇත. ලංකාවේ තවත් පක්ෂ සාමාජිකත්වද ඉල්ලා ඇත. ඕනම පක්ෂයක් ඉදිරි මහ මැතිවරණයට තම ඡන්ද ලකුණ වෙනස් කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන් තෝරා ගනු ඇත්තේ අත හෝදන සින්ක් එක විය යුතුය.

ලංකාවට සින්ක් ගෙන්වන මහා පරිමාණ ආනයනකරුවන් සිටින්නේ කොළඹ 12 ගල්වළ නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ කරක් ගැසූ අපට පැහැදිලිව පෙනී ගියේ හැම හාඩ්වෙයාර් එකක් ඉදිරිපිටම මනාව පෙනෙන්නට සින්ක් ගොඩ ගසා ඇති බවය. අප මුලින්ම ගියේ ඉතාලියෙන් ආනයනය කරන ටැප්, සින්ක්, මලපහ කරන කොමඩ් විකුණන නානා කෙනකුගේ ෂොප් එකකටය. එහි ඒවායේ ගසා ඇති බෝඩ් කෑලි දැක මට නම් හීන් දාඩිය දැම්මේය.

එහි තිබූ අඩුම ටැප් එකේ මිල රු. 25,000 කි. අත හෝදන අඩුම සින්ක් එක තිබුණේ රු. 25,000 ටය. එහි ලක්ෂ 3 ටත් සින්ක් ඇති බව අදහාගත නොහැකි කරුණක් විය.

‘‘බ්‍රදර් මේවා එක්ස්පන්සිටි ලක්ෂරි අයිටම්. හයි ක්ලාස් ෆැමිලිස්, එම්බසි වගේ ඒවා තමයි ගන්නේ.’’

එතැන වූ වතුර නාන ෂවර් එක ලක්ෂ 3 කි. මුළුමනින්ම රන් පැහැයෙන් යුතු මලපහ කරන කොමඩ් එක සාලයක අලංකාරයට තියන්න නම් මරු බඩුවකි. එය දුටු විට මට මතක් වූයේ රත්‍රං කොමඩ් එකක් භාවිත කළ ෂා රජ්ජුරුවන්ය.

‘‘Gold කොමඩ් එක china ප්ලෑන් එකේ ගහපු එක ත්‍රීහන්ඩ්‍රඩ් තව්සන්ඩ් ඔරිජිනල් ඉමලියන්න අඩුම එක බිලෝ වන් මිලියන් ගන්න පුළුවන්.’’

‘‘ඔය ගාණට කොමඩ් ගන්න අය ඉන්නවද?’’

මොනාද බ්‍රදර් කර්ෆිව් අයින් කළාම දැනට තුනක් විකුණුනා.’

අප ඒ ෂෝරූම් එකේ අතහෝදන සින්ක් මිල ගණන් අහන්නට ගියේ නැත්තේ හිත් අමනාපයක් ඇතිකරගන්නේ මක්කටැයි හිතාය.

ගල්වළේ අප සෙවූ භාණ්ඩය තිබුණේ අතවශ්‍ය භාණ්ඩයක් ප්‍රදර්ශනය කරන කරන්නාට ඇතුළුවන තැනමය. ලංකාවේ දැන් ඇති වී ඇති ‘අධික සින්ක්’ ඉල්ලුම සපුරාලීමට තරම් ලංකාවේ සින්ක් තිබුණේ කෙසේ දැයි අපට ප්‍රශ්නයක් පැන නැගුණේ නිරායාසයෙනි.

‘‘දැන් ලංකාවේ අපාට්මන්ට් ගහනවා වැඩියි. කන්ට්‍රැක්ටර්ලා ඔය මොනවා ගෙනාවත් සින්ක්, බාත්රූම් අයිටම් ලෝකල් පර්චෂින් කරන්නේ. ඒ නිසා අසීමිතව මේවා ගේනවා. ඒ හින්දා කිසිම හිඟයක් නෑ. සප්ලයර්ලා ගොඩක් ඉන්නවා. දැන් බලන්න ලංකාවට අවශ්‍ය ෆොටෝකොපි මැෂින් ලක්ෂ 2 ක් නම් මැෂින් ලක්ෂ 10 ක් විතර ඉම්පෝට් කරලා තියෙනවා.’’

බොහෝ වෙළෙන්දන් පැවසුවේ පාසල් නැවත විවෘත කිරීම මෙන්ම මහ ඡන්දයට නම් සින්ක් හිඟයක් ඇතිවිය හැකි බවය. මේ සින්ක්වලට සවිකරන ටැප්, ෆ්ලෙක්සිබල් වයර්, ආදී අඩුම කුඩුම ටික බොහෝ කඩවල පේන තැනක අඩුක්කර තිබුණේ මිල ගණන්ද සමගය.

එදා මේ වැසිකිළි අයිතම නොහොත් ​ටොයිලට් උපාංග වලට ගල්වළ ප්‍රසිද්ධ වුණත් අද ඒ බිස්නස් එක රජ කරන්නේ නාවලය. මේ බිස්නස් එක නාවලට ගිය හැටි එක් ව්‍යාපාරිකයකු විස්තර කළේ මෙසේ ය.

‘එල්ටීටීඊ කාලේ කොළඹට ලොරි ඇතුළු වෙන්නත් ලයිෂන් ගන්න අමාරු වුණා. අනිත් එක පාකින් ප්‍රශ්නේ. ඒ හින්ද අපේ එක්කෙනෙක් එහේ ෂොප් එකක් දැම්මා. ලෝකල් ටයිල් කොම්පැනි දෙකකුත් නාවල තියෙනවා. අන්තිමට දැන් ගල්වළේ ඉන්න ඕන කෙනෙකුගේ ෂොප් එකක් නාවල තියෙනවා. එහේ කඩ කුලිය දැන් කොළඹටත් වැඩිය වැඩියි.

අපේ ඊළඟ ගමන නාවල සිට නුගේගොඩටය. ඒ හැම ටයිල් කඩයක්ම ඉදිරිපිට තිබුණේ විවිධ විලාසිතාවන්ගේ අත සෝදන ටැප්ය. එහිදී අපට ප්‍රධාන වශයෙන් අත සෝදන සින්ක් වර්ග 5 ක් දැකගත හැකිය. අතින් ටැප් එක අරින වර්ගය, කකුලෙන් පාගා ටැප් එක අරින වර්ගය, විදුලි මෝටරයක් සවිකළ සින්ක් වර්ගය, තහඩු සින්ක් සහ පිඟන් මැටියෙන් සැදූ සින්ක් මේ වර්ගයන් මේ ඇතැම් ඒවාට සැනිටයිසර් තබන්නට විවිධාකාර ගැජමැටික්ද සවිකර තිබිණි.

අප මුලින්ම බැලූ සින්ක් යුනිට් එකේ මිල රු. 35,000 කි. කුඩා එකක් රුපියල් 21,000 කි. ඊට යාබද කඩේ තිබුණ ටිකක් ලොකු සින්ක් යුනිට් එක රු. 12,000 කි. කුඩා එක රු. 9800 කි. ඒ අසල වූ වෙල්ඩින් වැඩ කරන තැනකද එළියේ සින්ක් නිමවා තබා තිබුණ අතර එහි ඇතුළේ සිටි වෙල්ඩින්කරුවන් සින්ක් රඳවන යකඩ ෆෝම් පාස්සමින් සිටියේ ලෝක විනාසය අත ළඟ එන්නාක් මෙනි. එහි ලොකු සින්ක් එක දැමූ කට්ටලය රු. 12,000 වූ අතර පොඩි සින්ක් එක රු. 6000 කි. ඒත් පොඩි එකේ පයින් පාගා ටැප් එක අරින යුනිට් එක නැත. ෆ්‍රේම් එක විතරක් පාස්සා දෙන්නට ලොකු සින්ක් එකකට රු. 5000 කුත්, පොඩි සින්ක් එකකට රු. 6000 ක්ද ඉල්ලා සිටීම අපභ්‍රංශ කතාවක් විය.

මේ සින්ක් යුනිට් බොහෝමයක් ආවරණයට යොදාගෙන තිබුණේ ‘ක්ලැඩින්’ බෝඩ් නමැති බෝඩ් විශේෂයකි.

දැන් අපේ ත්‍රීවීල් රියැදුරන් මෙන්ම බස් හිමිකරුවන්ටද ෆිනෑන්ස් ගෙවා ගන්නට සල්ලි නැතත් මුලින්ම කරන්නේ සුදු යකඩ විවිධ විලාසිතාවලින් වාහන සැරසීමය. සුදු යකඩ වැඩ කරන තැනකටද මෙහිදි අප යන්නට අප අමතක කළේ නැත. එහි කළමනාකරු ළඟ ‘සින්ක්’ රඳවන විවිධ විලාසිතා සහිත ඇල්බමයක් තිබිණි. එහි සුදු යකඩෙන් අත සෝදන සින්ක් රඳවන ෙෆ්‍ර්ම් හදාගන්නට මුලින්ම ඇඩ්වාන්ස් නොව මුළු මුදලම ගෙවිය යුතුය. වැඩේ පටන් ගන්නේ ඊට පසුවය. එහි ඉතා කුඩා තුන්හුලස් සින්ක් එකක ​ෙෆ්‍ර්ම් එක අලංකාර ලෙස සදා තිබුණේ සුදු යකඩෙනි.

ඕක ජපන් සුදු යකඩ රු. 75,000 ක් වෙනවා. ඕකට සල්ලි දීලා තියෙන්නේ. ගොඩක් සුදු යකඩෙන් ගහලා සින්ක් ​ෙෆ්‍ර්ම් ගෙනියන්නේ පන්සල්වලට. ලොකු බැංකුවලට, ෆිනෑන්ස් කොම්පැනි කීපයකටත් අපි ඕඩර් භාරගත්තා. දැන් මේ වැඩේ නිසා යකඩ ෙෆ්‍ර්ම් හදන අඟලේ බොක්ස් බාර් විතරක් නෙවෙයි සුදු යකඩ බාරුත් ඉවර වේගෙනයි යන්නේ.’’

‘‘බාර් නං ඉතිං දැන් රෑ නවය වෙනකන් ඇරලනේ. බඩු කිසි හිඟයක් නෑනේ.’’

‘‘නෑ.. නෑ.. මහත්තයෝ බාර් කියන්නේ ඔය ෙෆ්‍ර්ම් හදන අඩි 19 1/2 දිග යකඩ ටියුබ් එක.’’

නාවල පසුකර නුගේගොඩත් පසුකර දෙල්කඳ පැත්තට ගියේ උත්සව භාණ්ඩ කුලියට දෙන නම් දරාපු ආයතන ඇත්තේ ඒ ප්‍රදේශයේ නිසාය.

‘‘සාමාන්‍යයෙන් දානේ ගේකට, මළ ගේකට, මඟුල් ගේකට කේටරින් කරන කොට තමයි අපෙන් ඔය ටැප් හයිකරපු සින්ක් කුලියට ගෙනිච්චේ. දැන් අපිට අත සෝදගන්නත් සින්ක් නෑ. සින්ක් දාහක් හදලා තිබ්බ නම් කුලියට දෙන්න තිබ්බා. ඉස්සර ඕකේ දවසක කුලිය රු. 150යි. දැන් සමහරු දවසට රු. 500 හරි දෙන්නම් කියලා අරියාදුවට එනවා. මොකද සල්ලිවලට සින්ක් යුනිට් එකක් ගන්න කම් ඔෆිස් අරින්න විදිහක් නෑ.’’

‘‘දැන් ඉතිං කොහෙද බිස්නස්?’’

මඟුල් ගෙවලුත් නෑ. මළ ගෙවලුත් නෑ. කොටහලු මඟුලක්වත් නෑ. මාස දෙකකින් ටෙන්ට් එකක් කුලියට දුන්නේ නෑ. ෆුල් හින්දුස්තාන්. නිරෝධායන කඳවුරක් වට කරන්න වුණත් අපි ළඟ ටකරං තියෙනවා!’’

අපට අවසානයේ පෙනී ගියේ මෙරට අත හෝදන්නට නිපදවන සින්ක්වලට දරාගත නොහැකි තරම් ඉල්ලුමක් ඇති බවය. බැංකුවක ශාඛා 300 ක් තිබුණොත් අනිවාර්යයෙන්ම අත හෝදන සින්ක් යුනිට් 300 ක් අවශ්‍යය. පාසල් විවෘත කළ විට අනිවාර්යයෙන්ම දෙමාපියන් එකතු වී තම දරුවන්ගේ පන්තිය ඉදිරිපිට සින්ක් එකක් හයිකරනවා සිකුරුයි. මහ ඡන්දය ඡන්ද මධ්‍යස්ථාන අනිවාර්යයෙන්ම කාන්තා, පිරිමි දෙපාර්ශ්වයටම අවම තරමින් සින්ක් 2 බැගින් සින්ක් අවශ්‍ය වේ. එමෙන්ම දැන් ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ආරම්භ කළ හැකි හොඳම කර්මාන්තය ලෙස සින්ක් නිපදවීම බැවින් ගරු ජනාධිපතිතුමාට ඊට මැදිහත් වී යටිතල පහසුකම් ලබාදිය යුතු නියම කාලය එළඔ ඇත.

වජිර ලියනගේ
ඡායාරූපය – ඒශාන් දසනායක
aruna.lk

කොරෝනා රෝගින් ගණන 1924 ක්!සුවය ලැබු ගණන 1421 දක්වා ඉහලට …

0

Thursday, ජුනි 18, 2020 – 14:12 පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් අද (18) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.  
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් ඇත.   
එසේම ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් තිබේ.   ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනා ගෙන තිබේ.