Sunday, September 22, 2024
Home Blog Page 95

පකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙකුටත් කොරෝනා …

0

Tuesday, ජුනි 23, 2020 – 09:35 ක්‍රීඩා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන්දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන්  යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත.
ඔවුන්ට ස්වයං හුදකලා වීමට උපදෙස් දී ඇත.  
මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.   මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය විය. දේශසිමාද ,තරාතිරම්ද ,වත්පොහොසත්කම්ද නොතකා කොවිඩ් පැතිර යමින් තිබේ.
පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුනේ මැදපෙරදිග වෙසෙන ශ්‍රිලාංකිකයන් 1700 කට පමණ කොරෝනා වැළදි ඇති බවක් වුවද පාකිස්ථාන් ක්‍රිකට් ක්‍රිඩකයන් තිදෙනෙකුට කෙරෝනා වැළදිම තරම් වත් එය මාධ්‍යවලට එතරම් පුවතක් නොවෙමින් ඇති බවය.
මුලාශ්‍රය -දිණමිණ

දිලිත්ගේ දෙමළ පත්තරේ මංගල පිටපත රනිල්ට !

0

  ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් සභාපතිධූරය දරනු ලබන ලිබර්ටි පබ්ලිෂර්ස් විසින් අද (22) “තමිලන්” නමින් දිනපතා හා සති අන්ත දමිළ පුවත්පතක් නිකුත්කරනු ලැබිණි.
එම පුවත්පතේ මංගල කලාපය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරි නමා ඇති අතර, පුවපත එළි දැක්වීමේ උත්සවයට සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රවී කරුණානායක හා සරත් අමුණුගම යන මත්වරුන් සහභාගිවී ඇත.
එම පුවත්පතේ කර්තෘ ලෙස ආර්.සිවරාජා මහතා කටයුතු කරන අතර ඔහු අද පුවත්පත එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් පැමිණසිටි පිරිස අමතා කියා සිටියේ තමිලන් පුවත්පතට කිසිදු දේශපාලන පසුබිමක් නොමැති බවයි.
පළමු පත්තරෙන්ම එය පෙන්වා ඇතැයි ද ඔහු එහිදී කීය.
‘‘අරුණ’ සහ ‘‘ද මෝර්නින්’’ පුවත්පත් මුද්‍රණය කරනු ලබන්නේ ද ලිබර්ටි පබ්ලිෂර්ස් විසිනි.
srilankamirror.com

‘පොහොට්ටුවේ’ මනාප සටන උණුසුම් වෙයි : ඇමති අමරවීරගේ හිතවතකුට ප්‍රහාරයක් ! (හඬපට දෙකක් සමාජ මාධ්‍යයට)

0
messenger sharing button

පාර්ලිමේන්තු මැතිවරණය ළංවීමත් සමග දේශපාලන වේදිකාව මෙන්ම මනාප සටන ද උණුසුම් වී තිබේ. දේශපාලන පක්ෂ අතර මෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද ගැටුම් සිදුවෙයි.

ඊයේ දිනයේදී අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍ය මහින්ද අමරවීරගේ ආධාරකරුවෙකුට පහරදීමක් සිදුව ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මහින්ද අමරවීරගේ ආධාරකරුවෙකු වන 38 හැවිරිදි චමිල කුමාර වන්නිආරච්චි නමැති පුද්ගලයෙකි.

මිද්දෙනිය ප්‍රදේශයේ පැවති හිතවතෙකුගේ අවමගුල් උත්සවයක් සඳහා සහභාගී වූ අවස්තාවේදී එම අවමගුල් උත්සවයට සහභාගී වී සිටි අගුනුකොළපලැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා හා තවත් පුද්ගලයෙකු එක්ව චමිල කුමාරගේ හිස ප්‍රදේශයට පහර දී ඇත.

අදාළ පහරකෑමෙන් තුවාල ලැබූ චමිල හකුරුවෙල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්දිය සම්බන්දයෙන් හකුරුවෙල රෝහල් පොලීසිය මගින් වීරකැටිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

වීඩියෝ 


සිද්ධියෙන් පසු ඊට අදාල හඬපට දෙකක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. එම හඬපට පහත පළවේ. 
theleader.lk

theleader lk · Mahinda Amaraweera -Threatening call1

හමුදා වෙඩිපහරකින් මුහමලේ තරුණයෙකු මිය යයි ! ප්‍රදේශවාසින් පාර වසා විරෝධය පළකරයි!

0

මේ දිනවල උතුරේ ජයටම වැලිජාවාරම කෙරිගෙන යමින් තිබේ. ඒ සදහා අඩුවැඩි වශයෙන් දේශපාලන රැකවරණයද තිබේ.
මේ අතර කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.

මුහමාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ ඊයේ (20) වැටලීමක් සිදුකර ඇති අතර එහිදී වැලි ජාවාරම්කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.මෙම ගැටුමේදි යුදහමුදා සෙබළෙකු විසින් වෙඩි තැබිම හේතුවෙන් බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පැවසීය.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙකි.තරුණයාගේ මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් එයට විරෝධය පාමින් පාරද හරස් කරමින් සිය විරෝධය පළකර තිබුණි.
මුලාශ්‍රය – ලංකාදිප
ඡායා – කිලිනොච්චි සිවා

යාපනේ ශ්‍රිලනිප අපේක්ෂකයෝ ආගමික නායකයන් හමුවෙති .

0

දකුණේ මෙන්ම උතුරේද මැතිවරණ සටන දැන් ඇරඹි ඇත.උතුරු දකුණු වෙනසකින් තොරව ආගමික නායකයන්ගේ ආශිර්වාදය පතා අපේක්ෂකයෝ ආගමික සිද්ධස්ථාන කරා යති.
යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වන අංජන රාමනාදන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක්ද පසුගියදා සර්ව ආගමික නායකයන් හමුවිමට පියවර ගෙන තිබුණි. සර්වමාඩා නායකයින් හමුවිය.
ඡායා-නිදර්ශන් – යාපනය

ලාංකේය දේශපාලනයේ මංගල සාධකය – (vajira.casturi)

0
messenger sharing button

මංගල ලංකාවේ පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තේය. ඒ සමගම වඩාත් ක්‍රියාකාරී වී ඇත්තේ සමාජ මාධ්‍යයයි.

මංගල යනු ඩිසයිනර් කෙනෙක් විතරයි…! කියලා පෝස්ට් එකකුත් එහි තිබිණි. මංගල ගැන බොහෝ දෙනා නොදන්නා බව මම ඉන් තේරුම් ගතිමි. ඔහු ගැන මම ලියන්නට කල්පනා කළේ ඒ නිසාය.

Mahanama Samaraweeraමංගල දේශපාලනය පැමිණෙන්නේ 1989 මැතිවරණයේදි මාතර නියෝජනය කරමිනි. පිය උරුමයෙන් ඔහුට දේශපාලන හිමිකමක් තිබුනද ඔහුගේ පියා මහානාම සමරවීර මහතා පත්තර පනතට එරෙහි වෙමින් මැතිණිගේ ආණ්ඩුව බිද දමන්නට විරුද්ධ පක්ෂයේ වාඩි විය.

එයට ද හේතු ගණනාවක් තිබිණි. මැතිණිය අනුගමනය කළ උග්‍ර කුළ භේදය එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකිය. කෙසේ වුවද එය මැතිණිය හැදින්වූයේ පිටුපසින් සිට පිහියෙන් ඇන්න බවකි.

කතාව එය නොවේ. මංගලය. එබැවින් අපි මංගල ළගට යමු. 80 දශකය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පස්ස බිම ඇනී තිබිනි. බොහෝ දෙනෙක් කල්පනා කළේ යළිත් එම පක්ෂය නැගිටින්නේ නැති බවයි. මංගල බටහිර රටක සිට පැමිණියේ ඒ කාලයේය. ඔහු මැතිණිය වෙත කැදවාගෙන ගියේ කවුරුන්දැයි මට මතක නැත. නමුත් ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයකට පවසා තිබුන අයුරින් කොන්ඩය වවාගෙන, බාච්චු බෑගයක් කරේ එල්ලාගත් මංගල දෙස බලා මහානාමට පුත්තුත් හිටියාදැයි විමසා තිබේ….!

මංගල පැමිණියේ බටහිර සිටය.  ඊට පෙර ඔහු ලන්ඩනයේ  සෙන්ට් මාර්ටින් ස්කූල් ඔෆ් ආර්ට් ඉගෙනුම ලබා උපාධියක් හිමි කරගත්තේය.

 අර මුලින් කිව්වාක් මෙන් ඔහු ඩිසයිනර් කෙනෙකි. නමුත් 89 පසුව ඔහු ඩිසයින් කළේ ඇදුම් මෝ්ස්තර නොව, ලාංකේය දේශපාලනයයි. අපි විමසා බැලිය යුත්තේ එයයි.

මංගල ඩිසයිනර් කෙනෙකි. නමුත් 89 පසුව ඔහු ඩිසයින් කළේ ඇදුම් මෝස්‌තර නොව, ලාංකේය දේශපාලනයයි. අපි විමසා බැලිය යුත්තේ එයයි.

89 වනවිට ලංකාව දෙකොණ ඇවිලෙන පන්දමකි. ඔහු මාතරට ඉල්ලන විට බොහෝ දෙනෙක් ඔහුගේ ජයග්‍රහනය සිහිනයකැයි කල්පනා කළහ. එහෙත් අලු යට ගිනි මෙන් මංගල නැගී සිටියේය. ඔහු දිනවන්නට මාතර ජනතාවට කිසිදු හේතුවක් නොවීය. තිබූ එකම හේතුව තමුන්ගේ මිනිහෙක් වීමයි. ඒ අන් කිසිවක් නොව, කුළ සාධකයයි.

මැතිණිය විසින් වරක් සිය පියාව පීඩාවට පත් කළ කුළ සාධකය මංගලව මාතරින් ඔසවා තබනු ලැබීය. මාතර දිනන අත තීරණය කළ අසිරිමත් දුරාව වංශිකයෝ මංගල පාර්ලිමේන්තුවට යවනු ලැබුවේ මැතිණියට අතුල් පහරක් ගසන්නට මෙනි.

CBK Mangalaමංගල, එස්.බී. වැන්නවුන් ඉගුරු කල්ලියක් හදාගෙන පැත්තක සිටි චන්ද්‍රිකාව ඉදිරියට ගෙන ආහ.

මංගල 90 දශකයේ මුළ දක්වාම දේශපාලනය පිලිබද ඉව අල්ලමින් සිටියේ තමා පය බරට තැබිය යුතු අත තීරණය කරන්නටය. 94 ජනාධිපතිවරණයට මැතිණිය ඉදිරිපත් විය යුතු බව මහින්දලා දැඩි ස්ථාවරයක සිටියදී මංගල, එස්.බී. වැන්නවුන් ඉගුරු කල්ලියක් හදාගෙන පැත්තක සිටි චන්ද්‍රිකාව ඉදිරියට ගෙන ආහ.

එය යටපත් කළ නොහැකි බලවේගයක් දක්වාම උපක්‍රමශිලි ආකාරයෙන් ගෙන ඒමට කටයුතු කළේ මංගලගේ ඩිසයිනර් මොලයයි. මංගල ජේ.වී.පියට බර තිබ්බේ නැත. එහෙත් මව්වරුන්ගේ පෙරමුණ හරහා ඒ වනවිට අනාථ වී සිටි බිම් මට්ටමේ ජනතා විමුක්ති පෙරමුණ ස්පර්ශ කරන්නට සමත් විය. එසේම මංගල එල්.ටී.ටී.ඊ. කාරයෙක්ද නොවීය.

Mauperamuna first

එසේ වුවද ඔහු එල්.ටී.ටී.ඊ සංවාවිධානයේ සිටින්නේත් ඇට මස්, ලේ. වලින් සැදි ලාංකිකයන් බව අභිතව පිලිගත්තේය. ඒ අනුව මව්වරුන්ගේ පෙරමුණ උතුරේ දෙමළ මව්වරුන්ටද විවර කරමින් ඔහු  වඩාත් පුළුල් අවකාශයක් සැලසුවේය. චන්ද්‍රිකාගේ දේශපාලනයට අනන්‍යතාවයක් ගෙන එන්නට මංගල බිම් පාවඩ එලුවේ එලෙසිනි.

94 ජනාධිපතිවරණයේදි චන්ද්‍රිකාට එරෙහිව පක්ෂයේ තිබු බලවේග දුර්වල කරමින්, වාමාංශික පක්ෂ සමග එක්ව චන්ද්‍රිකාව ඉදිරියට ගෙන එන්නට මංගල බොහෝ දේ කළේය.

මංගලගේ තිබූ සුවිශේෂ ලක්ෂණයක් වූයේ නව්‍ය සම්ප්‍රදායයි:

Mangala Sirimawoමංගලගේ තිබූ සුවිශේෂ ලක්ෂණයක් වූයේ නව්‍ය සම්ප්‍රදායයි. ඔහු එතෙක් පැවති දේශපාලන සම්ප්‍රදායන් අතික්‍රමනය කරමින් නව සම්ප්‍රදායන් ඇති කරන්නට වෙර ගත්තේය.

විශේෂයෙන්ම 94දී චන්ද්‍රිකා වටා බුද්ධිමතුන් පෙළ ගස්වන්නටත්, ජනතාව කුළු ගන්වනන්ටත් මංගලගේ දායකත්වය සුළුපටු නොවේ. එය අති දක්ෂ උපක්‍රම නිර්මාණකරුවෙකුට මිස කළ නොහැක්කකි.

පක්ෂයේ සම්ප්‍රදායික ඇරටුව පුපුරවා හරිමින්, ඡන්ද පදනම සෝදාපාලුවට ලක් නොවන ආකාරයට ඉතාම අරපරිස්සමෙන් ජයග්‍රහනය වෙත පක්ෂය මෙහෙයවීම පහසු කාර්යයක් නොවේ. මංගල එය ජය ගත්තේය.

පක්ෂයට නව යොවුන් මුහුණුවරක් …

 පක්ෂයට නව යොවුන් මුහුණුවරක් ලබාදෙන්නට ප්‍රමුඛතාවයේ ලා කටයුතු කළේ මංගලය. චන්ද්‍රිකා විසින් දේශපාලන මංපෙත අල කරගන්නා බොහෝ තැන්වලදි පලීහක් මෙන් ඉදිරියට ආවේ මංගලය. එසේම මතු කාලයේදි තම ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය හැකි බලවේග හදුනාගනිමින් ඒවා චප්ප කරදමන්නට මංගල සූක්ෂම විය.

 රනිල්ට බෑ… යන්න මංගල ජනගත කළ අදහසකි. එයින් රනිල් වික්‍රමසිංහ මහතාට මිදෙන්නට අද මේ වනතෙක්ම නොහැකි වී ඇත.

එසේම මංගල තම ආණ්ඩුවට එරෙහි බලවේග ඉතාම සියුම් හා සූක්ෂම ආකාරයෙන් නිහඩ කරන්නට කටයුතු කළේය. ඒ ඔහු තම පක්ෂය, පක්ෂ නායකත්වය දිවි හිමියෙන් සැලකූ බැවිනි.

වරක් රවුෆ් හකීම් චන්දිරිකාව අතහැර යන අවස්ථාවක හකීම්ගේ දේශපාලන කලිසම ඔලුවෙන් ගලවා ප්‍රතිරූපය චප්ප කරන්නට මංගල කටයුතු කළේ කුමාරි කුරේ නැමති කාන්තාව කරළියට ගෙන එමිනි. එය හකීම්ගේ දේශපාලනයට යන එනමං නැති කළ අවස්ථාවක් විය.

මංගලගේ දේශපාලන දෘෂ්ටිය….

Pothayi Gadolayi

මංගලගේ දේශපාලන දෘෂ්ටිය ලංකාවේ සිතුම් පැතුම්වලට නොදිරවන සුළු වුවත් ඔහු කිසිදු අවස්ථාවක තමාගේ විශ්වාසයන්ගෙන් බැහැරව නොගියේය. යාපනය පුස්තකාලය ගොඩනැගීමට පොතයි ගඩොලයි සංකල්පය, සාම ව්‍යාපෘති හරහා තවලම සංකල්පය ආදිය මංගලගේ ආශිර්වාදය මත දියත් විය.

එසේම ඔහු නිර්ලෝභිව අලුත් දේශපාලන පරපුරක් බිහි කරන්නට උත්සුක විය. ඩිලාන් පෙරේරා, ශ්‍රීපති සූරියආරච්චි වැන්නවුන්ට දේශපාලනයේ රැග නොදෙමින් ඔවුන්ව ඉදිරියට ගෙන ආවේ මංගලය.

”මංගලගේ දේශපාලනය විවාදසම්පන්නය. එහෙත් ඔහු දෙබිඩ්ඩෙක් නොවීම ඔහුගේ දේශපාලනයේ උත්කෘෂ්ට ලක්ෂණයකි. ඔහු ආගම කරපින්නා ගත්තේ නැත. ඔහුට එරෙහිව හාමුදුරුවරුන් නැගී සිටි අවස්ථා ගණනාවකි. ඒ කිසිදු අවස්ථාවක ඔහු තමාගේ මතය පසුපසට නොගත්තේය.”

මංගලගේ දේශපාලනය විවාදසම්පන්නය. එහෙත් ඔහු දෙබිඩ්ඩෙක් නොවීම ඔහුගේ දේශපාලනයේ උත්කෘෂ්ට ලක්ෂණයකි. ඔහු ආගම කරපින්නා ගත්තේ නැත. ඔහුට එරෙහිව හාමුදුරුවරුන් නැගී සිටි අවස්ථා ගණනාවකි. ඒ කිසිදු අවස්ථාවක ඔහු තමාගේ මතය පසුපසට නොගත්තේය.

ලාංකේය නව නගර අලංකාරයේ පුරෝගාමියා:

එසේම නූතන නගර අලංකාරය ලංකාවට හදුන්වාදුන්නේ ඔහුය. කොළඹ නගරයේ පදිකවේදිකාව පදිකයන්ගේ ගමනට වෙන් කර දුන්නේ ඔහුට. එයට පෙර ඒවා වෙළදුන්ට අයත් විය. ඒ අවස්ථාවේ ඔහුට එරෙහිව නැගි සිටියේ පක්ෂයේම ඇමතිවරුන්ය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ෆවුසි අමාත්යවරයාය. මංගලට ගිහින් මාතරින් පටන් ගන්න කියන්න…. ඔහු කෑ ගැසුවේ එසේය.

මංගල ඒ අභියෝගය භාරගත්තේය. ඔහු මාතරින් පටන් ගත්තේය. ඉන් පසුව නැවත කොළඹට ආවේය. පුංචි බොරැල්ලේ බෝධිය වටා ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එය කූට වෙළදුන්ගෙන් බේරාගත් ඔහු එය වටා ප්‍රාකාරයක් ඉදිකරමින් බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි ස්ථානයක් බවට පත් කළේය.

Beira Lake

බේරේ වැව පිරිසිදු කර වටපිටාව සුන්දර කරමින් ඒ ප්රදේශය නහයක් කටක් ඇරගෙන යා හැකි තැනක් බවට පත් කළේය. ඔහු ගැටෙන අවස්ථාවන්හි ඕනැම අයෙක් සමග ගැටුනේය. ගලබොඩ ඥානීස්සර හිමියන් සමග ඔහු ගැටුම් ඇති කරගත්තේ මාතර ලන්දේසි වෙළද පොල සම්බන්ධයෙනි. මංගල එවකට බලවත්ව සිටි ඥානීස්සර පොඩිහාමුදුරුවන්ට බය වූයේ නැත.

මෙලෙසින් ගත් කළ ලාංකේය නව නගර අලංකාරයේ පුරෝගාමියා ඔහු ලෙස හැදින්වීම අසාධාරණයක් නොවේ. ගෝඪාභය රාජපක්ෂ මහතා ආරම්භ කළේ ඔහු නැවතුන තැනිනි.

ශ්‍රී ලාංකීය සන්නිවේදන උඩුයටිකුරු කළ හිතුවක්කාරයා :

පසුගාමී සම්ප්‍රදායික රාජ්‍ය සේවය පවා මංගල පිලිකෙව් කළේය. ඔහු විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටින කාලයේදි දුරකතනයක් යනු සමාජ ප්‍රභූත්වය ප්‍රකාශ කරන සාධකයක් වන තරමටම දුලබ දෙයකි. පැහැදිලි කිරීමකින් කිවහොත් එය හරියට බෙන්ස් හෝ බී.එම්.ඩබ්ලිව්. වැනි කාරයකට සමානය.

දුරකතන සම්බන්ධතාවයක් ලබාගන්නට අල්ලස්, රාජ්‍ය බලය, හිතවත්කම් ආදි රාශියක් තිරයට පසුපසින් අවශ්‍ය විය. මේ තත්ත්වය පුපුරවා ලූයේ මංගලය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පුද්ගලිකරණය කරන්නට වෙර දරන බව ඒ කාලයේ මංගලය එරෙහිව එල්ල වූ චෝදනාවයි. නමුත් චෝදනා මංගල තඹේකට ගණන් ගත්තේ නැත.

මංගල එදා ගත් හිතුවක්කාර තීරණය නිසා අද ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනය වෙළද දැන්වීම් දමමින් සන්නිවේදන සබදතා අලෙවි කරන්නට පෙළඹෙන තරගකාරිත්වයක් මැවී තිබේ. එය තාක්ෂණයේ දියුණුව යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

නමුත් මම එය දකින්නේ තාක්ෂණයේ දියුණුවට වඩා දියුණුවන තාක්ෂණයට බිම් පළස එළීමේ නූතනවාදී දැක්මක් මංගලට තිබූ නිසා එලෙස වූ බවය.

මෙලෙසින් තැපෑලද මංගල විසින් දියුණුවේ මාවතට ප්‍රවේශ කරන්නට විශාල වෙහෙසක් ගත් නමුත් වෘත්තිය සමිතිකාරයෝ මංගලව බය කරන්නට නොහැකි තැන ආණ්ඩුව බල කළෝය. තැපෑලේ අද කිසියම් දියුණුවක් ලැබී ඇත්නම් ඒ මංගල නිසාය. එසේම තැපෑල අදටත් දියුණු ලෝකයට වඩා පසුපසින් සිටින්නේ මංගලගේ දැක්ම හරියාකාරව කරන්නට අවකාශ නොලැබුන නිසාය.

මැරයින් හා පුජ්‍ය පක්ෂය නැති දේශපාලනයක් :

Mangala Kadiragamar

ලංකාවේ සමස්ත දේශපාලනය පිලිබදව ගත් කළ අනෙක් දේශපාලඥයන්ට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් මංගලගෙන් දැකිය හැකි විය. දේශපාලඥයන් බලයට පැමිණි විට හෝ පැමිණෙන්නට අදහස් කරන විට ඔවුන් ඇසුරු කරන කොට්ඨාස දෙකකි. එක් කොටසක් වන්නේ මැරයන්ය. අනෙක් කොට්ඨාසය නම් පුජ්‍ය  පක්ෂයයි. මංගල මේ දෙකොට්ඨාසය සමගම ගනුදෙනු නොකළේය. එය ඔහුගේ දේශපාලනයේ විශේෂත්වය පෙන්නුම් කරන සුවිශේෂ සාධකයකි.

මංගල අනෙකුත් සියලු දේශපාලඥයන් සේම සුඛ විහරණයට කැමති චරිතයකි. නමුත් ඔහුගේ සුවිශේෂීත්වය වූයේ ඔහු එය නොසගවා එළිපිට කිරීමයි. ඔහු එළිපිටම හවානා සුරුට්ටු ඉරුවේය. ඉස්තරම්ම මත්පැන් භාවිතා කළේය. සහෘදයන්ටද එයින් සංග්‍රහ කළේය. තමාගේ නිල නිවාසයට විදුලි සෝපානයක් සවි කළේය. තම නිල කාමරය ඉතාම සුඛෝපභෝගි ආකාරයෙන් අලංකාර කළේය. මේ සියල්ල ඔහු කළේ අන් අය මෙන් සැගවී නොවේ. එළිපිටමය. හේතු පෙන්වමිනි. ඒ සියල්ල සහේතුකය.

සමලිංගිකත්වය තිරයෙන් මෙපිටට ….

ලාංකේය දේශපාලනය සමලිංගිකත්වය අත්වැල් බැදගෙන ආවකි. නමුත් එය තිරයෙන් මෙපිටට ගෙන ආවේ මංගලය. ඔහු තම ලිංගික ජීවිතය කිසිදු අවස්ථාවක සැගවූයේ නැත. සමාජයට බියෙන් සැගවුනේද නැත. ඔහු ඒ වෙනුවෙන් එළි පිටම පෙනී සිටියේය.

කෙටියෙන් කිවහොත් ලංකවේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට පිටකොන්දක් ලබා දුන්නේ මංගලගේ එඩිතරකමය.

චන්ද්‍රිකාගේ දෙවැනි පාලන සමය …

චන්ද්‍රිකාගේ දෙවැනි පාලන කාලය වනවිට ඇය බොහෝ දේ විනාශ කරගනිමින් සිටියාය. බුද්ධිමතුන්, ප්‍රගතිශිලින් ඇය අතැර යමින් සිටියහ. අපකීර්තිමත්බොහෝ දේ සමග ඇයගේ නම කියැවිනි. පක්ෂය යළිත් දියවෙන, බල බිදෙන තැනකට පත් වෙමින් තිබිණි.

චන්ද්‍රිකා තම අනුප්‍රාප්තිකයා වශයෙන් අනුර බණ්ඩාරනායක පත්කරන්නට බලවත් උත්සහයක් ගත්තාය. කඹ ඇදිල්ල අතරේ මහින්ද රාජපක්ෂ මහතා පවා සිටියේ ශක්තිමත් ස්ථානයක නොවේ. පක්ෂයේ සහයෝගය ඔහුට නොලැබිණි. මෙහිදි මංගල අනුගමනය කළේ මහින්දට බර තබන අවස්ථානෝචිත ප්‍රතිපත්තියකි.

දේශපාලනයේ ඉතා ප්‍රකට කතාවක් මෙහි සදහන් කිරීම වැදගත්ය. මහින්දට විරුද්ධව චන්ද්‍රිකා චන්දන කත්‍රීආරච්චි, ඩිලාන් පෙරේරා වැන්නවුන් උසිගන්වමින් තිබූ අවස්ථාවක කිසියම් කරුණක් උදෙසා පාර්ලිමේන්තු ලොබියේදි ඩිලාන් මහින්දට දෝෂාරෝපනය කළේ පක්ෂය දුර්වල කරන බවට චෝදනා කරමිනි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එතැන සිටියද ඔවුන් ඩිලාන්ට එරෙහිව කතා නොකළහ. හේතුව ඒ මොහොතේ ඩිලාන් යනු චන්ද්‍රිකාය…. කිසිවෙක් තම දේශපාලන ඉදිරි ගමන් මග අවදානමකට ලක් කරගන්නට අකමැති තැනකදි නැගී සිටියේ මංගලය. මංගල ඩිලාන්ට ප්‍රසිද්ධියේම දෝෂාරෝපනය කරමින් පවසා ඇත්තේ මහින්ද තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි නායකයෙක් නොවන බවය.

එසේ මහින්ද වෙනුවෙන් කතා කළ මංගල  මහින්දට පවසා ඇත්තේ .., මහින්ද… ඊළග වතාවේ ලෑස්ති වෙන්න… කවුරු නැතත් මම ඉන්නවා… යන්නය.

මහින්දට එය ප්‍රමාණවත්ය. මංගලගේ ඩිසයිනර් මොළය ඒ මේ අත වැඩ කළේය.  රට යනු චන්ද්‍රිකාගේ පුද්ගලික අභිලාෂයන් නොවන බව මංගල විශ්වාස කළේය. ඒ අනුව ඔහු පක්ෂයේ හැකි සියලු බලය කුළු ගැන්වීය.

Mangala JVP

ජනතා විමුක්ති පෙරමුණ සමග තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධතා සවිමත් කළේය. එමගින් ලංකාවේ බිම් මට්ටම ඔහු ජය ගන්නට කටයුතු කළේය. එසේම උතුර නිහඩ කරන්නටද ඔහු අවශ්ය පියවර ගත්තේය. මහින්ද රජ වූයේ එසේය.

මහින්ද සමග මංගල ගැටුම් හදාගත්තේ අමාත්‍යවරයෙකු වශයෙන් පත් වී දොරටුපාලකයෙක් ලෙස කටයුතු කරන්නට ඇති අකමැත්ත නිසාය. මහින්ද වෙනුවෙන් අපමණ මෙහෙයක් කළ මංගල මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් විය. මහින්ද ඔහු නවතා ගන්නට දැවැන්ත වෙහෙසක් ගත්තේය.

ආප්ප හා කළුකෝපි සන්ධ්‍යාවකටද මංගල සහභාගි විය. එහිදීද තමුන්ගේ අදහස ඍජුව ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන මෙන් පස්ස දොරෙන් හෝ තාප්පයෙන් පැන නොගොස් මංගල අභිමානවත් ආකාරයෙන් ඉදිරිපස දොරෙන්ම පිට වන විට මහින්ද පසුගමන්ද පැමිණියේය.

මහින්දගේත් මංගලගේත් හොද හිත පළුදු වූ අවස්ථා ….

Mangala MR

මහින්දගේත් මංගලගේත් හොද හිත පළුදු වූ අවස්ථා කිහිපයක්ම තිබිණි. ඒ එකක්වත් මංගලගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොවේ. ඉන් ප්‍රධාන එකක් වූයේ පක්ෂ සම්මේලනයකදි චන්ද්‍රිකා මැතිණිය ඉවත් කර එය තමා අතට ගන්නට ඔහු තීරණය කළ අවස්ථාවයි.

මහින්ද ඉතාම බලවත්ව සිටි ඒ මොහොතේ ඔහුට එරෙහිව වචනයක් හෝ කතා කිරීම සිහිකල්පනාව ඇත්තෙක් නොකර දෙයකැයි බොහෝ දෙනෙක් සිතද්දි මංගල නැගී සිටියේය. කරුණාකර චන්ද්‍රිකා මැතිණිය සිටින මොහොතක සාකච්ඡා කර එවැනි තීරණයක් ගන්නා ලෙස මංගල ප්‍රසිද්ධියේ කීවේය.

මංගලගේ දේශපාලන දිවිය එතැනින් අවසන් වනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. නමුත් මහින්ද මංගලගේ එඩිතර බව ඉදිරියේ සැලුන බව පැහැදිලිය. ඔහු තම තීරණය වෙනස් නොකළද මංගලට එරෙහිව කිසිවක් නොකීවේය. අවසානයේදි මංගලම එළියට බැස්සා මිස කිසිවෙක් මංගලට යන්න කීවා නොවේ.

”මංගල එළියට බැස්සේද මහින්ද ජනප්‍රියත්වයේ කන්ද මුදුනේ සිටින මොහොතකය. ඒ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදිය. මංගල යුද විරෝධියෙක් විය. එය දෙබිඩි අයුරින් නොවේ. එළිපිටමය. ඔහු විශ්වාස කළේ දේශපාලන විසදුමකින් වඩාත් සුන්දරව ගැටළුව විසදා ගත හැකිය යන්නයි.”

මංගල එළියට බැස්සේද මහින්ද ජනප්‍රියත්වයේ කන්ද මුදුනේ සිටින මොහොතකය. ඒ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදිය. මංගල යුද විරෝධියෙක් විය. එය දෙබිඩි අයුරින් නොවේ. එළිපිටමය. ඔහු විශ්වාස කළේ දේශපාලන විසදුමකින් වඩාත් සුන්දරව ගැටළුව විසදා ගත හැකිය යන්නයි.

2008 පළාත් සභා ඡන්දය:

මහින්ද යුද්ධයට බර තැබීමත් සමග ඔහුගේ කීර්තිය ජන පදනම වැඩි වූයේ විශ්මිත අයුරිනි.  ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයට සටන් පාඨයක් නැතිවන තත්ත්වයක් පවා උදාවෙමින් තිබු අවස්ථාවක පලාත් සභා මැතිවරණය පැමිණියේය.  

2008 පළාත් සභා ඡන්දයේදි එක්සත් ජාතික පක්ෂයට ජීවය පිඹින චරිත දෙකක් එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණියේය. ඉන් එක් අයෙක් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරාය. අනෙකා රන්ජන් රාමනායකය. රන්ජන් සබරගමුවට ඉදිරිපත් වන විට මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඉදිරිපත් වූයේ උතුරුමැද පලාත් සභාවටය. පලාත් සභා දෙකම මහින්ද රාජපක්ෂ රජය ජයගත්තත් මේජර් ජනරාල් ජානක පෙරේරා හා රන්ජන් රාමනායක ලබාගත් ඡන්ද පදනම ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිගැසුන්නේය.

උතුරුමැද පලාත් සභාවේ කාරක සභා ඡන්දයේදි අනපේක්ෂිත ආකාරයට ආණ්ඩු පක්ෂය පරාජයට පත් විය. ඒ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස කලබල වෙමින්, ”මංගල ඉන්නෙ කොහෙද කියල ඉක්මනට බලන්න… ”යැයි සිය සමීපතමයන්ට කෑ ගැසු බව එවකට පුවත්පත් වල දේශපාලන වාර්තාකරුවන් වාර්තා කළහ.

ඒ ඡන්දය මහා ලොකු එකක් නොවුවත් දේශපාලනයේ කෘතහස්ථයෙක් වූ මහින්ද කලබල වූයේ නිකම් නොවේ. එසේ වූයේ ඔහුට තුන්කල් දක්නා නුවනක් තිබූ නිසාය. මංගලගේ තරම ඔහු දන්නා නිසාය.

ඉතාම සූක්ෂම ගරිල්ලා උපායමාර්ග:

දේශපාලනයේ යටිතලය ඉතාම සූක්ෂම ආකාරයට ගරිල්ලා උපායමාර්ග අනුව සැලසුම් කරන්නට මංගල තුළ ඇත්තේ අද්විතිය හැකියාවකි. එක්සත් ජාතික පක්ෂයට ඔහු එක් වීමෙන් පසුව සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් මෙන් කටයුතු කළේය. සිය නායකයා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් නිබදවම අනුගමනය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ බෙල්ල බේරාගත් බොහෝ අවස්ථා ඔහුට සැනසිල්ලක් ගෙනෙන ආකාරයට අවසන් වූයේ මංගල අනුගමනය කළ ක්‍රමවේද නිසාවෙනි.

2010 ජනාධිපතිවරණයේදි මංගල සරත් ෆොන්සේකා මහතාගේ වේදිකාවට ගොඩ වූයේ දෙගිඩියාවකිනි. ඒ ඔහු හමුදා පාලනයකට තිබූ අකමැත්ත නිසාය. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම දන්නා නිසාය. එසේ වුවත් ඔහු බොහෝ එක්සත් ජාතික පක්ෂයේ අය මෙන් ඩීල් ගැසුවේ නැත. තම පුද්ගලික කැමැත්ත අකමැත්ත පසෙක තබමින් සරත් ෆොන්සේකා දිනවීමට දැවැන්ත ආකාරයෙන් වෙහෙසුනේය.

එම ජනාධිපතිවරණයෙන් ජයගත් පසුවද නැවතත් මංගලව තම පිළට ඇදගන්නට මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත ආකාරයෙන් වෙහෙසුන බව රහසක් නොවේ. ඒ මංගලගේ වටිනාකම දන්නා නිසාය.

2019 ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනයේ බලවේග බව පෙන්නුම් කරමින් ඇතමුන් පොත්පත් පවා ලීවෝය. ජයපැන් බීවෝය. එහෙත් ඒ තරගය වෙනුවෙන් පිටිය සකසන්නට පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේ මංගල බව බොහො දෙනෙක් නොදනිති. දන්නා කිහිප දෙනා අතරේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අයෙකි.

තම ප්‍රතිවාදියා දෙකයි පහට දැමීම මහින්ද රාජපක්ෂ මහතාගේ සිරිත වුවද, ඔහු කිසිදු අවස්ථාවක මංගල වෙනුවෙන් එම සිරිත අනුගමනය කළේ නැත. ඒ ඔහු මංගලව දන්නා නිසාය.

Mangala S

මංගල, විධායක ජනාධිපතිවරයාට බැණ වැදුනේ ‘පර බල්ලා’ කියාය…

2015 ජනතාව දිනූ සටන පාවාදෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලනිකව යහන් ගත වනවිට විධායක ජනාධිපතිවරයාට බල්ලා යනුවෙන් බැණ වැදුනේත්, ඔවුන් සමග සාකච්ඡා කරන්නේ නම් ආණ්ඩුව සමග ඇති සබදතා අත්හරින ලෙස ඔහුට ඍජුවම අනතුරු ඇගෙව්වේත් මංගලය. ජනාධිපතිවරයා වුවද මෛත්‍රීපාල සිරිසේන මංගලගේ ප්‍රකාශයන්ට වග උත්තර නොබැන්දේය. ඒ සදහා ඔහුට ආත්ම ශක්තියක් හෝ, ආත්ම විශ්වාසයක් නොතිබුන බව පැහැදිලිය.

2019 ජනාධිපතිවරණයේදි සජිත් ජනාධිපති අපේක්ෂකයා බවට පත් වූයේ කකුල් මාට්ටු, මර උගුල්, රාශියක් මැදිනි. මංගල සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් වෙහෙසුනේය. එහෙත් සාමාන්‍ය ජන ප්‍රවාහය අනාගතය පිලිබද දූර දැක්මක් රහිතව ගන්නා තීරණ පිලිබදව සැලකීමේදී මංගල රටේ අනාගතය පිලිබදව බියට පත් වූ බව පැහැදිලිය.

තම ආසනය මනාප 20,000කින් පරාජයට පත්වන විට මංගල විශ්වාස කරන්නට ඇත්තේ වඩාත් පුළුල් ජනතාවාදි ගමනකට මේ අවස්ථාව බවයි. නැවතත් මිලිටරීකරණය වෙමින්, බලය මාධ්‍යගත වෙමින්, දරුණු හා භයානක මගකට රට ප්‍රවේශ වී ඇති බැව් ඔහු වරින් වර කළ කී දේවල් වලින් තේරුම් ගත හැකිය.

”තම ආසනය මනාප 20,000කින් පරාජයට පත්වන විට මංගල විශ්වාස කරන්නට ඇත්තේ වඩාත් පුළුල් ජනතාවාදි ගමනකට මේ අවස්ථාව බවයි. නැවතත් මිලිටරීකරණය වෙමින්, බලය මාධ්‍යගත වෙමින්, දරුණු හා භයානක මගකට රට ප්‍රවේශ වී ඇති බැව් ඔහු වරින් වර කළ කී දේවල් වලින් තේරුම් ගත හැකිය.”

එබැවින් ඔහු පක්ෂ දේශපාලනයෙන් මිදෙමින්, පුළුල් දේශපාලන ගමන් මගකට ප්‍රවේශ වෙමින් ගත්තා වූ තිරණය අභිතය. එඩිතරය. ඔහු මෙවර මාතර ආසනය කුමන පක්ෂයෙන් නියෝජනය කළත් ඔහු නියත වශයෙන් ජයග්‍රහනය කරන බව පැහැදිලිය.

එසේ තිබියදී, මන්ත්‍රීවරයෙක් හෝ අමාත්‍යවරයෙක් වශයෙන් වරප්‍රසාද විදින්නට ඇති තිරසාර අවස්ථාව හැරපියා මේ ඔහු වෙර ගන්නේ වඩාත් ජනතාවාදි නව ගමන් මගකට ප්‍රවේශ වන්නටය. නැවතත් මේ ලිපිය අරමුණු කරගත් ෆේස් බුක් පෝස්ටුව මම සදහන් කරමි.

මංගල යනු ඩිසයිනර් කෙනෙක් පමණි….!

ඔව්…!! එය එසේය..!!!  ඔහු ඩිසයිනර් කෙනෙක් පමණි. එසේ වුවද නැවතත් ඔහු ලංකාවේ වඩාත් සුබවාදි සාමූහික සමාජයක් ඩිසයින් කිරීමේ මෙහෙවරට උර දෙනු ඇත.

(vajira.casturi)
theleader.lk

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු

0

sharethis sharing button

සුනිල් ජයවර්ධන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නියෝජිතයෙකු විය. මූල්‍ය සමාගමක් විසින් ගෙන යනු ලැබූ ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු

නියෝජනය කිරීම සඳහා එම මූල්‍ය සමාගම වෙත ගිය ඔහුව සමාගම ඉදිරිපිටදී පුද්ගලයන් අට දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් ඝාතනය කරනු ලැබීය. මෙම කථාන්දරය දැන් හැම කෙනෙක්ම දන්නා අතර, මේ මොහොත වන විට රට තුළ කතාබහට ලක් වෙමින් පවතියි.

මේ සිදුවීමේදී අරාවුලට හේතු වූ මුදල රු. 35,000 කි. කොරෝනා වෛරස් සහ එයින් ඇති වූ ඇඳිරි නීති තත්වයයන් මත බොහෝ ත්‍රිරෝද රථ හිමිකරුවන් ආදායමක් ලබාගැනීමට අසමත් වූ අතර, ඒ අනුව සිය මාසික වාරික ගෙවීමට ඔවුන් අසමත් වී ඇත. සිය මාසික වාරික ගෙවීමට අසමත් වන අයට මාස කිහිපයක ක්ෂමා කාලයක් ලබාදෙන ලෙසට බැංකු සහ සෙසු ආයතනවලට ප්‍රසිද්ධ උපදෙස් ලබා දී තිබිණි.

මෙසේ තිබියදී සුනිල් ජයවර්ධන ඝාතනය කරනු ලැබුවේ ඔහු මේ ප්‍රශ්නයට මැදිහත් වීමට උත්සාහ කිරීමේදී ය.

සදාචාරාත්මක සහ දේශපාලනික වශයෙන් මෙහිදී වැදගත් කාරණය වන්නේ රු. 35,000 කට මිනිසෙකුව මහ දවාලේ ඝාතනය කළ හැකි වීමයි. නිසැක වශයෙන්ම මෙම ඝාතකයන් මේ ඝාතනය සිදුකරන්නේ පුද්ගලික හේතු මත නොවේ. හුදෙක් ඔවුන් විසින් තමන්ට ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කළා පමණි.

”සදාචාරාත්මක සහ දේශපාලනික වශයෙන් මෙහිදී වැදගත් කාරණය වන්නේ රු. 35,000 කට මිනිසෙකුව මහ දවාලේ ඝාතනය කළ හැකි වීමයි. නිසැක වශයෙන්ම මෙම ඝාතකයන් මේ ඝාතනය සිදුකරන්නේ පුද්ගලික හේතු මත නොවේ. හුදෙක් ඔවුන් විසින් තමන්ට ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කළා පමණි.”

සමාජවිද්‍යාත්මක ගැටළුවක් !

මේ අනුව මෙහිදී අපි වරදේ නීතිමය ගැටළු පිළිබඳ අවධානය යොමු නොකරමු. අපගේ අවධානයට ලක් වන්නේ මේ තරම් සුළු මුදලක් සම්බන්ධ ආරාවුලකට මිනිසෙකු ඝාතනය කිරීම පිළිබඳව ය. මුදල විශාල නම් අපරාධය සාධාරණීකරණය කළ හැකි බව මෙයින් අදහස් නොවේ. නිසැක වශයෙන්ම, ඕනෑම මුදල් ප්‍රමාණයකට මිනිසෙකු ඝාතනය කිරීම සියලු සදාචාර සම්මතයන් ඉක්මවා යන්නකි.

කෙසේ වෙතත්, සාපේක්ෂව කුඩා මුදලක් නිසා මිනිසෙක් මරා දමන විට එය පොදු සදාචාර තහනම් ඉක්මවා යනවා පමණක් නොව රට තුළ සිදුව ඇති මානසිකත්වයන්ගේ වෙනස්වීම් ද හෙළිදරව් කරයි. මේ අනුව, මෙම ඝාතනය සදාචාරමය ගැටළුවක් පමණක් නොව ශ්‍රී ලාංකේය සමාජය තුළ සිදුවෙමින් පවතින පරිණාමනයන් පිළිබඳ සමාජවිද්‍යාත්මක ගැටළුවක් ද වේ.

බරපතළ අපරාධ පිළිබඳ උදාහරණ ස්වල්පයක් මගින් කිසිදු සංස්කෘතියක් හෝ සමාජයක් විනිශ්චය කළ නොහැක. සංස්කෘතියක් යනු වඩාත් ගැඹුරු දෙයක් වන අතර ඒ අනුව ගැටළුව වන්නේ එම සිද්ධිය හෝ එවැනි රට තුළ යම් මොහොතක සිදුවන යම් සිදුවීමක් හෝ සමාන සිදුවීම් මත පදනම් ව විනිශ්චයක් කිරීම නොවේ.

සැබවින්ම ගැටළුව වන්නේ පැරණි සහ සිය සංස්කෘතික සම්මතයන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සංස්ථාපනය කරගෙන තිබූ සංස්කෘතියක් තුළ සුළු කාරණයන් සම්බන්ධයෙන් සිදුවන මෙබඳු ඝාතනයන් අභියෝගයට ලක් නොවී පැවතීමයි.

ආදිවාසී ජනතාව සාමයෙන් ජීවත් වූහ:

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයන්ගෙන් ඉතා පැහැදිලිව ස්ථාපනය කර තිබෙන්නේ මේ රටට වසර 100,000කට වඩා වැඩි ඉතිහාසයක් පවතින බව ය. දේශීය ආදිවාසී ප්‍රජාව දීර්ඝ කාලයක් මුළුල්ලේ සංස්ථාපනය වී සිටියහ. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවක් එකට ජීවත් වන විට, ලිඛිතව නැති වුවත්, හැසිරීම් සම්බන්ධයෙන් මග පෙන්වන යම් නිශ්චිත සම්මතමය රාමු සඳහා පොදු අවබෝධයක් සහ එකඟතාවක් ස්ථාපනය වීම සිදු වේ.

මේ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ආදිවාසී ජනතාව සාමයෙන් ජීවත් වූහ. පසුකාලීනව බුද්ධාගම වැනි ආගම්වලින් ඔවුන් වෙත යහපත් බලපෑම් එල්ල වූ අතර, එමගින් ද ජනතාවකගේ සදාචාරාත්මක ශක්තිය වැඩි කර තිබුණා විය හැකිය.

”මෑතකාලීන ඉතිහාසය පෙන්වා දෙන්නේ සමාජයේ අතිශය ගැඹුරු මට්ටමක බරපතළ බාධාකාරී බවත් ඇති වෙමින් පවතින බව ය.”

කෙසේ නමුත් මෑතකාලීන ඉතිහාසය පෙන්වා දෙන්නේ සමාජයේ අතිශය ගැඹුරු මට්ටමමක බරපතළ බාධාකාරී බවත් ඇති වෙමින් පවතින බව ය. ඒ අනුව ඇතැම් තැනැත්තන් සහ කණ්ඩායම් විසින්, මෙකී මනා ලෙස සංස්ථාපනය වූ සදාචාරාත්මක සම්මතයන්, අතිශය සුළු සහ නොවටිනා දේ සාක්ෂාත් කර ගැනීම සඳහා නොසලකා හරින බවක් පෙනී යයි.

එවැනි කලබලයක් ඇති වීම වළක්වා ගැනීමට නම් එහි භයානක ප්‍රතිවිපාක සමස්ත සමාජයේ කැළඹිල්ලක් ලෙස තේරුම් ගත යුතුය. සමාජයක අභ්‍යන්තර සමතුලිතතාවයකට බාධා කිරීම භයානක බව හැමවිටම සනාථ වී තිබේ. සමාජයකට සිය ජීව ශක්තිය රඳවා ගත හැක්කේ සමාජය එකට බැඳ තබාගන්නා අභ්‍යන්තර සමතුලිතතාවය නොවෙනස්ව පවතින්නේ නම් පමණි.

තනි පුද්ගල මනුෂ්‍යයෙකු සම්බන්ධයෙන් ද මේ තත්වයේ වෙනසක් නැත. සියලු තනි පුද්ගල මනුෂ්‍යයෝ ස්වකීය පරිණාමයේ දීර්ඝ කාලපරිච්ඡේදයක් තුළ සංවර්ධනය කර ගෙන ඇති විභවයන් සමග උපත ලැබුවාහු වෙත්. එම මිනිසුන්ගේ මානසික සහ මනෝවිද්‍යාත්මක සමතුලිතතාවය හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව පරිණාමීය ක්‍රියාවලියක ජයග්‍රහණයක් වේ.

කෙසේ වෙතත් කුමන හෝ හේතුවක් නිසා තනි පුද්ගලයෙක් තුළදී මේ සමතුලිතතාවය කැළඹෙන විට එය එම පුද්ගලයාගේ හෝ සමස්ත සමාජයේ පාලනයෙන් බැහැර වන සියලු ආකාරවල මානසික හෝ සෙසු රෝග පීඩාවන්ගේ මූලය බවට පත් වේ.

විශේෂයෙන්ම 20 වන සියවසේ මනෝවිද්‍යාව සංවර්ධනය වී තිබෙන්නේ ඉතාම අගනා විද්‍යාත්මක ශාඛාවක් ලෙස වන අතර, තනි පුද්ගලයන් තුළ සමතුලිතතාවයට බාධා සිදුවිය හැකි ආකාරය සහ එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක එමගින් දක්වා තිබේ.

කැළඹුණු සමාජයක්

Sunil Jayawardhana Murder

සුනිල් ජයවර්ධනගේ සිදුවීම සහ එයට සමාන සිදුවීම්වලින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකේය සමාජය තුළ සමාන කැළඹිලි ප්‍රකාශනයට පත් වෙමින් පවතින බවයි. එබඳු කැළඹිලි නිතරම ඇතිවන්නේ එයින් අගතියට පත් අය ඒ පිළිබඳව දැනගැනීමට ද පෙර ය.

ඒ අනුව සුනිල් ජයවර්ධනගේ සිද්ධිය මේ ආකාරයේ කැළඹිල්ලක ආරම්භයක් ප්‍රකාශනයට පත්වීමක් නොවේ. ඒ වෙනුවට එය ශ්‍රී ලාංකේය සමාජයේ වඩාත් ගැඹුරේ පවතින වඩාත් ගැඹුරු ප්‍රශ්නයන්ගේ ප්‍රකාශනයකි.

අවසානයේදී එබඳු කැළඹිලිවලින් පෙන්වා දෙන්නේ අප ඈඳී සිටින මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් ය. සමාජ විසින් ඒවායේ සමතුලිතතාවය රඳවා තබාගන්නා විට ජීවිතයේ වටිනාකම පොහොසත් වන අතර, සමාජ සබඳතා ද වඩාත් පරිණත හා මානුෂීය වේ.

එම සමතුලිතතාවය කැළඹී බිඳී යන විට ජීවිතයේ අගයම ඌන වෙයි. ජීවිතය ගැන සමාජීය සංජානය අවප්‍රමාණ වන විට ඕනෑම දෙයක් විය හැකිය. මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ හෝ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හඳුන්වා දීමට තරුණ ජීවිත බිලි දීම ද ඇතුළත්ව වෙනත් ඕනෑම ආකාරයක අපරාධ කැළඹුණු සමාජයක් තුළ සිදුවිය හැකිය.

කෙසේ වෙතත් සමස්ත සමාජය අතිශය කැළඹිලි සහගත තත්වයක පවතින විට එයින් පාසල් සහ සෙසු ආයතන විසින් අපේක්ෂිත බලපෑම සිදු නොකරනු ඇත. ජීවිතයේ සමස්ත වටිනාකම පහළ වැටෙන විට එයින් අදහස් කරන්නේ එම සමාජය තුළ ජීවත් වන සියලු දෙනා සහ පරම්පරා ගණනාවක් විසින් විදහා දක්වන්නේ ද හොඳ නොව නරක යන්නයි.

මේ වන විට සිදුවන සෙසු ඝාතන ගණනාවක් මෙන්ම සුනිල් ජයවර්ධනගේ ඝාතනය ද ගැඹුරු සමාජමය හැඟවුම් සහිත ය. අතිශය විශාල කැළඹීමකට ලක් වූ තත්වයකට ප්‍රවිශ්ට වී ඇති සමාජයක් තුළ ඒවායෙන් ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති නොවන්නට නම් මේවා ප්‍රවේශමෙන් ග්‍රහණය කරගෙන ආමන්ත්‍රණය කළ යුතුය.

සිය සායනවලදී හමුවුණු රෝගීන් පිළිබඳ නිරීක්ෂණ පදනම් කරගෙන කාල් ජුන්ග් විසින් සිදුකළ ලෝක යුද්ධ පිළිබඳ පුරෝකථන මෙහිදී සිහිපත් වේ. හදවතේ සහ මනසේ ගැටළු සම්බන්ධයෙන් සුවිශේෂීතාවය සහ සාමාන්‍යය තදින් බැඳී තිබේ.

(A Statement by the Asian Human Rights Commission)

මහින්දානන්දගේ පාවාදිමේ කථාවට ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙන් සැර ප්‍රතිවාර … (VIDEO)

0

2011 ලෝක කුසලාන අවසන් මහ ක්‍රිකට් තරගය පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලකා මණ්ඩලයට පරීක්ෂණයක්‌ ආරම්භ කරන ලෙස තමන් දැනුම් දෙන බව හිටපු තේරීම් කමිටුවේ සභාපතිවරයෙක් වන අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

පුද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් 2011 ලෝක කුසලාන තරගාවලිය සමයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අරවින්ද කටයුතු කරනු ලැබුවා.

” හිටපු ක්‍රීඩා ඇමතිවරයාට මේ ගැන කියන්න අවුරුදු 09ක් ගියා කියන එකයි පුදුම. ඔය ගැන තියෙන සාක්ෂි ගෙනහින් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයට දෙන්න ඕන. කොහොමත් මම හිතා ගත්තා අදින් පස්සේ මම කටවහගෙන ඉන්නේ නැහැ කියලා.

අවසන් මහ තරගය පැවතුනේ ඉන්දියාවේ. මේ චෝදනාව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉන්දයාවේ රජයෙන් වගේම කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කියලා” අරවින්ද සිල්වා කියා සිටියා.
මේ අතර සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගද සිය Face book පිටුව ඔස්සේ මේ ගැන සැර ප්‍රතිචාරයක් දක්වා තිබුණි.
එමෙන්ම ජේෂ්ඨ සුපිර ක්‍රිකට් ක්‍රිඩකයන් වන මහේල මෙන්ම සංගක්කාරද අදාල ප්‍රකාශය ගැන තියුණු විවේචනයක් ඉදිරිපත් කරන්නට යෙදුණි.
මුලාශ්‍රය – newswire.lk

බේරුවලදි බහුදින යාත්‍රාවක් මුළුමනින්ම විනාශ වෙයි !

0

WhatsAppShare to Viber

බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් මුහුදුබත් වී තිබේ.

පසුගිය 18 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවේ හටගත් දෝෂයක් හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව මුහුදු සීමාවේ පාවෙමින් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් බේරුවල පොලීසිය වෙත දැනුම් දි තිබුණි.

ඒ අනුව නිලධාරීන් අදාල යාත්‍රාව ආපදාවට ලක්වූ ස්ථානයට කාර්මිකයින් යොමු කර එය නැවත යථා තත්ත්වයට පත් කර තිබේ.

අනතුරුව අද උදෑසන 09.00 ට පමණ ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය වෙත පැමිණෙමින් සිටියදී එහි නැවතත් දෝෂයක් හටගෙන ගල් බැම්මක වැදීම හේතුවෙන් යාත්‍රාව මුහුදු බත් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බහුදින යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

ඔවුන් අබේපිටිය, මග්ගොන, හෙට්ටිමුල්ල සහ මහගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බේරුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාධ්‍යවේදිනි ධරිෂා ගේ පරිගණකය වහාම ආපසු දෙන ලෙස ජාත්‍යන්තර බලපෑම්

0

රහස් පොලිසිය විසින් ගෙනයන ලද නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනී ධරිෂා බැස්ටියන්ස්ගේ පරිගණකය වහාම ආපසු දී ඇයට බලධාරීන්ගේ අඩන්තේට්ටමකින් තොරව වාර්තාකරණයේ යෙදීමට

ඉඩ සලසන ලෙස ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

ධරිෂා බැස්ටියන්ස් නොවැම්බරයේදී ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බව ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වමින් පවසන මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ) ඇයට එරෙහිව ගෙනයන ප්‍රචාරය නතර කරන ලෙස බලකර සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූනි 09 දා පරිගණකය ඇතුළු ඊට අයත් ආම්පන්න රැගෙන ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට මාධ්‍යවේදිනිය බිය පල කොට තිබුණි.

“ධරිෂා බැස්ටියන්ස් ගේ ලැප්ටොප් පරිගණකය අත්අඩංගුවට ගැනීම ගැන දැඩි විරෝධය පලකරන CPJ ඇගේ මුලාශ්‍ර එමගින් තවත් අනතුරේ හෙලනු ඇතැයි සැලකිලිමත් වෙයි,” යනුවෙන් එම සංවිධානයේ ආසියාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආලියා ඉෆ්තිකාර් නිව්යෝර්ක් නුවරින් නිකුත් කළ නිවේදනයකින් පවසා තිබේ. 

“බැස්ටියන්ස්ගේ විවේචනාත්මක වාර්තාකරණයට එරෙහි පැහැදිලි ප්‍රතිප්‍රහාරයක් වන මේ ඇයට එරෙහි බියගැන්වීමේ ව්‍යාපාරය වහාම නැවත්වීමට බලධාරීන් කටයුතු කළ යුතුය.”

නොවැම්බරයේදී ස්විස් තානාපති කාර්ය මණ්ඩල සාමාජිකා ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාලව මාධ්‍යවේදිනියගේ පරිගණකය අත් අඩංගුවට ගන්නා ලද බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.

 දත්ත කිසියම් වෙනස් කිරීමකට ?

ජූනි මස 04 සිට 10 වන දා දක්වා කාල සීමාව තුළ අදාළ පරිගණකය තුළ අන්තර්ගත දත්ත කිසියම් වෙනස් කිරීමකට භාජනය වී තිබේ දැයි යන්න විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලංකා ජයරත්න ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත ජූනි 16 දා නියෝග කරන ලදී.

2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාවකට දායක වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍යවේදිනී බැස්ටියන්ස් ප්‍රසිද්ධියේ නම් කරන ලද බවද CPJ නිවේදනයේ සඳහන් වේ.

ධරිෂාගේ පරිගණකය අත් අඩංගුවට ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊමේල් මගින්ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශක මොහාන් සමරනායකගෙන් වට්සැප් මගින්ද කරන ලද විමසුමට ප්‍රතිචාර නොලැබුණු බව  මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව වැඩිදුරටත් පවසයි.
theleader.lk